කුඩු මාෆියාව, පාතාලය මර්දනය කොට ජාතික ආරක්ෂාවට මුල් තැන ලබාදෙමින් සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් බිහි කිරිම උදෙසා ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
මෙම කාර්ය සාධක බළකායට ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුලු බුද්ධි අංශ ප්‍රධානීන්, රේගු නිලධාරීන් ඇතුළු ප්‍රධාන ආරක්ෂක අංශ නිලධාරීන් විශාල පිරිසක් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් ඩි.එම්.එස්. දිසානායක එම කාර්ය සාධක බළකායේ ලේකම්වරයා ලෙස පත් කොට ඇත.
බන්ධනාගාර ආශ්‍රිතව සිදුකෙරෙන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා පිළිබඳව සොයා බැලීම සහ ඒවා වැළැක්වීමට මෙම කාර්ය සාධක බලකායට පැවරි ඇති තවත් ප්‍රධාන කාර්යයකි.










