කතානායක අශෝක රන්වල මහතා ඉදිරිපත් කර ඇතැයි කියන අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ සාකච්ඡාවක් රට තුළ මතුව තිබේ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් අද දින මාධ්‍ය හමුවකට එක්වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ අදාළ තොරතුරු අසත්‍ය බව මේ වනවිට ඔප්පු වී ඇති බවත්, නීතියට අනුව රාජ්‍ය සේවකයකු එසේ කරන්නේ නම් ඔහුගේ වැඩ පවා තහනම් කරන බවත්ය.
එමෙන්ම එය තක්කඩිකමක් බවද ඒ මහතා කියා සිටියේය.










