ඉකුත් මැතිවරණ සමයේ පොහොර නොමිලේ ලබා දෙන බවට වත්මන් පාලකයන් පුරසාරම් දෙඩුවද අද මුදලට හෝ පොහොර ලබා ගැනීමට නොහැකි වීමෙන් ගොවි ජනතාව විශාල වශයෙන් අසීරුතාවට පත්ව සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
බොරුවට වගා සංග්‍රාම පිළිබදව පුරසාරම් නොදොඩා ගොවි ජනතාවට අවශ්‍ය පොහෛාර හිගයකින් තොරව ලබා දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.
එසේ නොවුණහොත් ගොවි ජනතාව සමග පාරට බසින්නට තමන් සූදානම් බවද ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.










