• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බයිඩන්ලත් ඉගෙන ගත්ත අපේ ජනාධිපති පාඩම! Sri Lanka Latest News

December 7, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
බයිඩන්ලත් ඉගෙන ගත්ත අපේ ජනාධිපති පාඩම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජෝ බයිඩන් ඇමෙරිකාවේ නිල ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අවසාන මාසය තමයි මේ. දැන් ජෝ බයිඩන්ගේ ධුර කාලය නිමාවීමට නියමිතයි. එසේ නිමාවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ලෙස මේ වෙද්දී තෝරා පත්කරගෙන ඇති ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කරපු රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිතයා වෙච්ච ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි. ඇමෙරිකාවේ ජනාධිපතිවරණයේදී තියෙනවා නිසි ක්‍රමවේදයක් ජනාධිපතිවරයා පත්වෙලා මාස කීපයක් ගතවුණාට පස්සේ තමයි ඔහුට ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙන්න සිද්ධ වෙන්නේ. එතෙක් කලින් හිටපු ජනාධිපතිවරයාට යම් කාලයක් තියෙනවා තමන්ගේ ධුරයේ කටයුතු කරන්න. ලංකාවේ වගේ මෙහෙම වුණා නම් හොඳ හොඳ සෙල්ලම් බලාගන්න තිබුණා. ලංකාවේ එහෙම නොවුණට මේ ඇමෙරිකාවේ හින්දා යම් තත්ත්වයන් තියෙනවා එහෙම නොවෙන. හැබැයි ඉතින් ඇමෙරිකාවත් ශ්‍රී ලංකාව වගේ කියලා ඔප්පු කරපු එක අවස්ථාවක් තමයි මේ හන්ටර් බයිඩන්ගේ සිද්ධිය. හන්ටර් බයිඩන් පහුගිය සැප්තැම්බර් මාසයේදී බදු චෝදනාවකට වරද පිළිගත්තා. ඒ වගේම ඔහුට ජුනි මාසයේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කරන්නකු ලෙස චෝදනාවක් එල්ල වෙනවා. එසේම ඒ අවස්ථාවේදී ඔහු තුවක්කුවක් ළඟ තබාගැනීමේ වරදකටත් වරදකරු බවට පත්වෙනවා. (Sri Lanka Latest News)

මෙවැනි වැරැදි ඇමෙරිකාව සලකන්නේ ෆෙඩරල් අපරාධයකට වරදකරුවකු වීමක් විදියට. මෙවැනි වරදකදී ඔවුන්ට නිසි දඬුවමක් ලබාදීමට අධිකරණයට සිදුවෙනවා. මෙවැනි වැරැදි සිදුකිරීම ඇමෙරිකාව වගේ රාජ්‍යයන්වල ඉතා බරපතළ තත්ත්වයක්. ජනාධිපතිවරයාගේ පුතා වුණත් මෙවැනි තත්ත්වයකදී ඔවුන්ට එකවර ගැළවිලා යන්න පුළුවන්කමක් ඇමෙරිකාව තුළ නිර්මාණය වෙලා නෑ. ඒත් ලංකාවේ වගේ නම් මේ වගේ තත්ත්වයකදී අත්අඩංගුවට ගැනීමක්වත් සිදුවෙන්නේ නැති නිසා මේ වගේ දේවල් සිදුවෙන්නේ නෑ. නමුත් ඇමෙරිකාවේ එහෙම නෑ. ඇමෙරිකාවෙදී මෙවැනි තත්ත්වයන් පිළිබඳ අත්අඩංගුවට ගැනීම් වගේ දේවල් සිදුවෙනවා.

මේ තත්ත්වයේදී අපි දැක්කා ජෝ බයිඩන් කියලා තිබුණා තමන්ගේ පුතා වුණත් ඔහුට ලබාදිය යුතු දඬුවම ලබාදෙනවා මිසක ඒ දඬුවම ලිහිල් කරන්න තමන්ගේ අදහසක් නෑ කියලා. නමුත් එහෙම කියපු ජෝ බයිඩන්ම මෑත කාලයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියනවා තමා අධිකරණය පද්ධතිය විශ්වාස කළාට දේශපාලන හේතු මත තම පුත්‍රයාට මෙලෙස චෝදනා ගොනුකරලා තියෙන බව විශ්වාස කරන බව. එහෙම කියපු ඔහු, තමන් ධුරයෙන් විශ්‍රාම යන්න කලින් තමන්ගේ පුතාට ජනාධිපති සමාව ලබාදීමේ කටයුත්ත සිද්ධ කරලා තියෙනවා. එයට ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්තිය අපයෝජනය කිරීමක් විදියට දරුණු ලෙස තර්ජනය කළත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ත් ජෝ බයිඩන් කළා වගේම දෙයක් පහුගිය දවසක කරලා තිබුණා. ඒ තමයි කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල කරන්න ජනවාරි 06 වැනිදා ආපු රිපබ්ලිකන් පක්ෂයේ ආධාරකරුවෙක්ට ජනාධිපති සමාව දුන්නු කතාවක් ඇමෙරිකාවෙන් අහන්න ලැබෙනවා.

ඇමෙරිකාවේ මේ වගේ සිද්ධි එකින් එක වාර්තා වෙද්දී මෙවැනි සිදුවීම් ඇමෙරිකාවට නුහුරු නිසා ඇමෙරිකාවේ අය මේ ගැන තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ඇමෙරිකාව කියන්නේ වෙනස්ම දේශපාලන කියවීමක් තියෙන තැනක්. මේ වෙලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත පත්වෙන්නෙත් ඒ වගේ. මොකද අපි දන්නවා ඇමෙරිකාවේ මතයක් තිබුණා ට්‍රම්ප් කියලා කියන්නේ හරිම විකාර ජනාධිපතිවරයෙක් කියලා. ඔහු පිස්සු නටනවා කියලා. හැබැයි ඒ පිස්සු නටපු මනුස්සයව ආයෙත් ජනාධිපති පුටුවේ ඉන්දන්නම ඇමෙරිකානුවන් කටයුතු කළා. ඇමෙරිකාව කියලා කියන්නේ වෙනස් තීරණ ගන්න මිනිස්සු ඉන්න රටක්. ඔවුන් ට්‍රම්ප්ගේ කනට වෙඩිතියපු සිදුවීම සැක කළා. ඔවුන් කිව්වා මේක පිටපතකට, සැලසුම්සහගතව කළ දෙයක් කියලා. හැබැයි එහෙම දෙයක් සැලසුම් කරන්නත් කොච්චර අවදානමක් ගන්න මේ මිනිහා ලෑස්තිද, එහෙම අවදානමක් ගන්න මිනිහෙක් ජනාධිපති වුණාට කමක් නෑ වගේ පුදුම මතයක ඇමෙරිකානුවෝ හිටියා.
ඇමෙරිකාවේ මේ කතාව ඉවර වෙද්දී අපිට මතක් වෙන්නේ කාවද? ඒ තමයි අපේ රටෙත් හිටියා පොළොවෙන් මතුවෙච්ච අසාමාන්‍ය ජනාධිපතිවරයෙක්. ඉතින් මේ වෙලාවේ ඔහු අසාමාන්‍ය විදියට දේශපාලනයෙන් සමු අරගෙන ගිහිල්ලා නිදහසේ ඉන්නවා කියලා ආරංචියි. අපි දන්නේ නැහැ ඕවායේ වංහුං. ඉතින් එතුමා ජනාධිපති පුටුවේ ඉඳගත්තේ පුදුම සරල විදියට. පුදුම විදියට අපි ඔහුට ආදරේ කරන්න පටන් අරගත්තා. අවදානමක් අරගෙන ඒ පැත්තෙන් මේ පැත්තට ඇවිල්ලා පට්ට ගේමක් දීපු ජනාධිපතිතුමා ගෙදර ගියේ මරණ දඬුවම නියම වෙච්ච මනුස්සයෙක්ට ජනාධිපති සමාව දීලා. ඒ තමයි රෝයල් පාර්ක් සිදුවීමේ වරදකරු වෙලා හිටපු පුද්ගලයාව නිදොස් කොට නිදහස් කරලා ගෙදර යැව්වා. මරණ දඬුවම නියම වෙලා තිබුණු පුද්ගලයෙක් නිදහස් කිරීම තරම් තවත් අපරාධයක් නැහැ. ඒ කියන්නේ ඔහු කළේ සමාජයට අපරාධයක්. සාමාන්‍ය මහජනතාවට අපරාධයක්.

රෝයල් පාර්ක් සිද්ධිය ලංකාවේ ඉතා ආන්දෝලනාත්මක සිදුවීමක්. එහිදී ඔහු ඇයව මරාදැමීම සහ අදාළ ක්‍රියාකාරීත්වය අපි හැමෝම දැක්කා, කියෙව්වා, ඇහුවා. ඒ නිසා කිසි කෙනකුට සැකයක් නෑ මේ සිදුවීම ගැන. කිසිදු සැකයක් නැති මේ සිද්ධිය හිතක් පපුවක් නැති සත පහකට ගණන් ගන්න බැරි මනුස්සයෙක් විසින් කරපු දෙයක් විදියට අපිට පේන තත්ත්වයට පත්කරලා ඔහු ගෙදර ගියා. ඒකට සල්ලි ලැබුණා, අරයා මෙයා ඩීල් එක කළා. මෙයා තමයි වැඩේ ප්ලෑන් කළේ කියලා එක එක කතන්දර කියැවුණා. නිදහස ලැබුණු ගමන් ඔහු ලංකාවෙන් පිටවෙලා ගියා. දැන් ඔහු ආගිය අතක් නෑ. ආපහු ලංකාවට ගෙන්වාගන්න බෑ. ඒකෙන් පැහැදිලි වෙන දේ තමයි සල්ලි තියෙනවා නම් ලංකාවේ මිනිහෙක් මරලත් කිසි අවුලක් නැතුව ගේමක් ගහගන්න පුළුවන් කියන එක පළමු වතාවට ලංකාවේ ඔප්පු කළා මේ ජනාධිපතිවරයා. සල්ලි තියෙනවා නම් මරණ දඬුවම ලැබුණත් පැනලා යන්න පුළුවන් කියන එක මේ ජනාධිපතිවරයා ඔප්පු කළා. එහෙම ඔප්පු කරලා තමයි ඔහු ජනාධිපති ධුරයෙන් සමුගෙන ගියේ. ජනාධිපති ධුරය කියන ඉතාම ගෞරවනීය ධුරය අපයෝජනයට ලක්කිරීමක් විදියටයි අපිට ඒක දැනෙන්නේ.

ඒ නිසා ජෝ බයිඩන්ගේ සිද්ධිය ගැන අපිට ඕනෑවට වඩා ලිපි ලියන්න බෑ. මොකද එහෙම ලියන්න ලියන්න අපිට ලැජ්ජා හිතෙනවා. ජෝ බයිඩන්ට තමන්ගේ පුතාගේ දඬුවමක් ලිහිල් කළාට මේ එලොවක් මෙලොවක් ආතක් පාතක් නැති එවුන් නිදහස් කරලා සල්ලි ටිකක් සාක්කුවේ දාගෙන ආතල් එකේ ගෙදර ගිහිල්ලා දැනටත් හිනාවෙවී බයිලා කියන ජනාධිපතිවරු ලංකාවේ හිටපු නිසා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – මධ්‍ය දඩයම – පරාටේ නීතිය – ගංවතුර ආපදා – බෙහෙත් හිඟය – පොහොර සහනාධාර – තෙල් මිල – විදුලි බිල සහනය – IMF ගිවිසුම! විනාඩි 12යි! ප්‍රහාර 9යි! විපක්ෂ නායක පාර්ලිමේන්තුව හොල්ලයි! Sri Lanka Latest News

Next Post

අමල්ගේ පුතා නදීමාල්ට ෂෝ එකක සිංදු කිය කියා ඉද්දී ගහලා! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.