තව සති දෙකකින් රටේම සම්බා සහල් හිඟයක් ඇති වන බව මහා පරිමාණ සහල් නිෂ්පාදකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා අනතුරු ඇඟවීමක් කළේය.
නාඩු සහල්, සම්බා සහල් සහ කීරි සම්බා සහල් එක මිලකට යටත් කිරීම අසාධාරණයක් බවත්, අනිවාර්යයෙන්ම නාඩු සහල්වලට වඩා සම්බා සහල් වැඩි විය යුතු බවත්, ඊට වඩා කීරි සම්බා සහල් වැඩි විය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










