• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ අක්කර ලක්ෂ 4ක් වතුරට යටවුණා! වන්දිවලට ආණ්ඩුව වෙන්කළේ බිලියනයයි! එතකොට අක්කරයකට වන්දිය රුපියල් 2600යි! කුඹුරුවලට දෙනවා කියපු 40000 මදි කියලා වන්නිලැ ඇත්තොත් කිව්වා! කෝ මේ ගොවීන් වෙනුවෙන් එදා පාරට බැහැපු ඇමැති නාමල් කරුණාරත්න? රටට මේ වැදුණේ ජයමංගල ගාථා අවලංගු කරපු සාපෙද? VIDEO I Sri Lanka Latest News

December 2, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වර්තමාන ආණ්ඩුව හිටපු ඇමැති කාංචන විජේසේකරගේ ඉන්ධන මිල සුත්‍රයේ තවමත් එල්ලි සිටින බවත් ඉන්ධන මිල සුත්‍රය වෙනස් කර ගැනිම සඳහා සවිඥාණික දැනුමක් ආණ්ඩුවට නැති බවත් ජාතික ජන බලවේගයේ ඇමැතිවරුන්ගේ අද්දැකිම් විරහිතභාවය හේතුවෙන් ගෝඨාභයගේ ආණ්ඩුවට වඩා ඉක්මනින් වර්තමාන ආණ්ඩුව කඩා වැටීමට ඉඩ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News

අද (02) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව කීය,

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘පසුගිය දිනවන ඇතිවුණ ගංවතුර තත්ත්වය හේතුවෙන් රටේ අක්කර තුන් ලක්ෂ අසූදහසකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවෙලා තිබෙනවා. ගං වතුරෙන් හානියට පත් මෙම ඉඩම් සඳහා වන්දි ලබාදෙන්න රජය රුපියල් බිලියනයක් වෙන්කරලා තිබෙනවා. කෙසේ නමුත් මේ අනුව එක අක්කරයකට ලැබෙන්නේ රුපියල් 2600 ක් වගේ සුලු මුදලක්. ඒ අනුව හානියට පත් ඉඩම් වෙනුවෙන් රුපියල් බිලියනයක් ප්‍රමාණවත් වෙන්නේ නෑ.
අවම රුපියල් බිලියන 20 ක්වත් රජය මේ සඳහා වෙන් කළ යුතුයි. ගොවින්ට කුඹුර නැවත යථා තත්ත්වයට පත් කරගන්න විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම වැව් , අමුණු , හානියට පත්වෙලා තිබෙනවා. ඒවා නැවත පිලිසකර කළ යුතුයි. ඒ නිසා මේ මුදල කිසිසේත් ප්‍රමාණවත් නෑ. කිසිදු තක්සේරුවකින් තොරව තමයි රජය මේ රුපියල් බිලියනයක් වෙන් කරලා තිබෙන්නේ. ආණ්ඩුව ප්‍රකාශ කළා හානියට පත්වුණ කුඹුරුවලට රුපියල් 40,000 ක වන්දියක් ගෙවනවා කියලා. ඒ රුපියල් 40,000 ත් ප්‍රමාණවත් නැති බව ආදිවාසි නායක වන්නිල ඇත්තන් ප්‍රකාශ කරලා තිබෙනවා. කුඹුරක් සී සාන්නවත් ඒ මුදල ප්‍රමාණවත් නැති බව වන්නිල ඇත්තන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ රුපියල් 40,000 න් මොනවාද කරන්න පුලුවන් කියලා කුඹුරුට බැහැලා හොයලා බලන්න කියලා නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ ආකාරයට කෘෂිකර්ම ඇමැතිලා , කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිලා ගැන අපිට කණගාටුයි. එදා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න ගොවින් සමග එකතුවෙලා උද්ඝෝෂණ කළා , විරෝධතා සිදුකළා. නමුත් අද නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න ගොවින්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිම අමතක කරලා තිබෙනවා. නිසි තක්සේරුවන් සිදුකරලා ගොවින්ට අවශ්‍ය වන්දි ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසිම සඳහා රජයේ දායකත්වය ප්‍රමාණවත් නැහැ. රටේ සිදුවුණ අපදා අවස්ථාවන් කළමනාකරණය කරන්න දායක වුණේ රජයේ නිලධාරින් පමණයි. අපදාවන්ට සහන සැලසිමේදී රටේ දේශපාලන මැදිහත්වීම අවම මට්ටමක පැවැති බව තමයි වාර්තා වෙන්නේ. රටේ අපදාවක් සිදුවු අවස්ථාවලදී පෙර පැවැති රජයවල්වල දායකත්වය ඉහළින් ලැබුණා. ජනාධිපතිවරයා , අගමැතිවරයාගේ සහ මැති ඇමැතිවරුන්ගේ දායකත්වය ලැබුණා. නමුත් මේවර දේශපාලන දායකත්වයකින් තොරව රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වයෙන් තමයි මේ අපදා තත්ත්වය කළමනාකරණය කරගන්න හැකිවෙලා තිබෙන්නේ. අද්දැකිම් නැති ආණ්ඩුවට අපදා තත්ත්වයකදී රටේ තත්ත්වය කළමනාකරණය කරගැනිමට නොහැකි ආණ්ඩුවක් ඉදිරියේදී රටේ ජනතාව කළමනාකරණය කරගන්නේ කෙසේ ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම රට ගෙන යාම සඳහා ජනතාව දේශපාලඥයින් පත් කරන්නේ සරල බව රටට පෙන්වන්න නෙවෙයි. රට වෙනුවෙන් තමන්ට පැවරිලා තිබෙන කාර්යය භාර්ය ඉටු කරන්න. ජනාධිපතිවරයා සහ අගමැතිවරිය තමන්ට ලැබි තිබෙන කාලය පැවැරිලා තිබෙන කාර්යය භාර්ය ඉටු කරන්න භාවිතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. දේශපාලන අධිකාරියට රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනිමට ලැබි තිබෙන කාලය ඉතාම සිමිතයි. ඒ නිසා කාලය කළමනාකරණය කරගෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරිය රට වෙනුවෙන් වැඩ කළ යුතුයි. ජනාධිපතිවරයාට , අගමැතිවරියට , ඇමැතිවරුන්ට වාහන ලබාදි තිබෙන්නේ කාලය නාස්ති නොකර ජනාතාව වෙනුවෙන් සේවය කරන්න. පයින් ගිහින් කාලය නාස්ති කරලා රට වැටී තිබෙන තැනින් ගොඩ ගන්න බෑ. රටට අවශ්‍ය වන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක්. ඒ සඳහා අවශ්‍ය දේවල් සිදු නොකර සිල්ලර දේවල් කරන්න සුදානම් වෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩු කරනවා. දිනකට රටේ පෙට්ට්‍රල් මෙට්ට්‍රික්ටොන් 3500 ක් වගේ භාවිතා වෙනවා. භුමි තෙල් මෙට්ට්‍රික්ටොන් 300 ක් වගේ භාවිතා වෙනවා. කෙසේ නමුත් පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩු නොකර භුමිතෙල් මිල රුපියල් 20 කින් අඩුකරන්න රජයට තිබුණා. ඒ හරහා ගොවින්ට , ධීවරයින්ට , උඩරට කම්කරු ජනතාවට ඒ හරහා විශාල සහනයක් ලැබෙනවා. පෙට්ට්‍රල් මිල රුපියල් 2 කින් අඩුකරලා කිසි කෙනෙක්ට වාසියක් වෙන්නේ නෑ. ඒ සහනය ජනතාවට දැනිලා නෑ. භුමිතෙල් නිෂ්පාදනය කරන්නේ අවුරුදු 72 ක සාපය විසින් නිර්මාණය කළ සපුගස්කන්ද පිරිපහදුවෙන්. වර්තමාන ආණ්ඩුව දුන්නේ කාංචන විජේසේකර හිටපු ඇමැතිවරයාගේ සුත්‍රයේම තමයි. ආණ්ඩුව ගමන් කරන්නේ රනිල්ගේ වැල් පාලමේ. ඉන්ධන මිල සුත්‍රය වෙනස් කරගන්න සවිඥාණික දැනුමක් නැතිව කාංචන විජේසේකර හිටපු ඇමැතිවරයාගේ සුත්‍රයෙන්මනම් වර්තමාන ආණ්ඩුව දුවන්නේ රටට දෙවියන්ගේම පිහිටයි. ඉන්ධන වලින් විශාල කොමිස් මුදල් හිටපු මැති ඇමැතිවරුන්ගේ සාක්කුවලට ගිය බව ජාතික ජනබලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ඒ කොමිස් මුදලවත් අඩුකරන්න දැන් ජාතික ජනබලවේග ආණ්ඩුවට නොහැකිවෙලා තිබෙනවා. ජාතික ජන බලවේගය ජනතාවට දුන්න බොරු බොරු පොරොන්දු දැන් එකින් එක උප්පු වෙමින් තිබෙනවා. ජාතික ජන බලවේගයේ මැති ඇමැතිවරුන්ගේ අද්දැකිම් විරහිත භාවය නිසා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට වඩා ඉක්මනින් රට කඩා වැටෙන්න තැනට මොවුන් රට ගෙන යන බවට පෙනෙන්න තිබෙනවා.

ඒ වගේම වර්තමාන ආණ්ඩුවේ ජනාධිපති අනුර දිසානායක මහතා යටතේ තමයි ඉල්මහ විරු සැමැරුම සංවිධානය කරලා තිබුණේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සමරන ඉල්මහ විරු සැමැරුම සිල්ලර විදිහට සමරලා උතුරේ මහවිරු සැමැරුම උත්කර්ෂවත් ලෙස සලකන්න අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. ඒ අතුර තුර මහවිරු සැමරුම් ප්‍රචාරය කළැයි සමාජ ක්‍රියාකාරින් තුන්දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. රටේ සෑම රුපවාහින නාලිකාවකම උතුරේ මහ විරු සැමැරුම පවත්වන රුපරාමු පෙන්නුවා. එහෙනම් මේ නාලිකාවලටත් නිතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ආණ්ඩුව සිදුකරන්නේ සමාජ ක්‍රියාකාරින් මර්දනය කිරිම , භාෂණයේ නිදහස උල්ලංඝනය කිරිමයි. වර්තමාන ආණ්ඩුව බලයට ආවෙත් සමාජමාධ්‍ය ක්‍රියාකාරින් හරහායි. නමුත් දැන් ආණ්ඩුව සමාජ ක්‍රියාකාරින් දඩයම් කරන්න කටයුතු කරනවා. ඉල්මහ විරු සැමැරුම සිල්ලරයට සිදුකළ ආණ්ඩුව ප්‍රභාකරන්ගේ සැමැරුම ඉහළින්ම කරන්න අවස්ථා උදා කරලා දුන්නා. ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් ඉටු කරන්න ආණ්ඩුව මෙවැනි වැඩ කරනවාද කියලා අපිට සැකයක් මතුවෙනවා. මහවිරු සැමරුම් ප්‍රචාරය කළැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ විරෝධය පළ කරනවා. මේ කාරණයට විරුද්ධව අපි ජනතාව පෙළ ගස්වන්න කටයුතු කරනවා.

ඒ වගේම පාර්ලිමේන්තුවට සමගි ජනබලවේගයෙන් පත් කරන මන්ත්‍රීධුර 4 පිළිබඳව කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර 4 සඳහා සුදුසුම පුද්ගලයන් පත් කරන්න අපි කටයුතු ඉදිරියේදි කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය කාලය තිබෙනවා. ඒ කාරණයට රටට හෝ පක්ෂයට බරක් නෙවෙයි. නිවැරදි තින්දුව ගන්න කාලයක් ගතවෙයි. ඒ තිරණය පැය කිහිපයකින් හෝ දින කිහිපයකින් ගන්න සමගි ජනබලවේගය කටයුතු කරනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර බෙදා දිමේදී නොයෙකුත් නිර්ණායක අපි සොයා බලනවා. ජාතික ලැයිස්තුවේ සිටි පිරිස , මැතිවරණයෙන් පරාජය වුණ පිරිස දෙස සොයා බලා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 4 නම් කරන්න අපි කටයුතු කරනවා. පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකාරිව කටයුතු කළ හැකි වඩාත් සුදුසු 4 දෙනෙක් නම් කරන්න කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට අවශ්‍ය පුද්ගලයන් කිරලා මැනලා ගන්න සමගි ජනබලවේගය කටයුතු කරනවා.‘‘

SendShareShare
Previous Post

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව උද්ඝෝෂණයක්! පැලවත්තම හිරවෙයි! පොලිසියෙන් විසුරවන්න යද්දී උණුසුම් තත්ත්වයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක් අදාළ චෝදනා තුළ දක්නට නෑ! මහවිරු සැමරුම් ප්‍රචාර කළා කියා ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගත් අයකුට අධිකරණය ඇප දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.