පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය. (Sri Lanka Latest News)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථයක් අනතුරට ලක් කර එහි ගමන් ගත් පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳ වූ අවස්ථාවේ සැකකරු අධිකරණය පෙනී නොසිටිම හෙතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළේය.
lankadeepa










