• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වන්ෂොට් නොකවුට්! කැලණි නයා ෆ්ලැට්! Sri Lanka Latest News

November 23, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
වන්ෂොට් නොකවුට්! කැලණි ණයා ෆ්ලැට්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය මහ මැතිවරණයේදී ගම්පහෙන් මරු බඩු දෙකක් ඡන්දෙ ඉල්ලුවේය. එක්කෙනෙක් දෙමළ ඩයස්පෝරා නායක අලිරාජා සුබාස්කරන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයෙන් තරග වැදුණු රන්ජන් රාමනායකය. අනෙක් කෙනා සර්ව ජන බලයෙන් තරග වැදුණු දිලිත් ජයවීරය. (Sri Lanka Latest News)

රන්ජන් යනු කලාකරුවෙකි. මුලින්ම රන්ජන් දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පක්ෂයෙන් රත්නපුරයෙන් තරග වදිමිනි. ඊළඟට රන්ජන් ගම්පහින් තරග කොට එජාපයෙන්ම පාර්ලිමේන්තුවට ගියේය. පසුව නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසද කටයුතු කළේය.

පසුව රන්ජන් 2020 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ආවේ සජබයෙනි. නමුත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් අවුරුදු 7කට හිරේ ගියේය. රනිල් ජනාධිපති වූ පසු ජනාධිපති සමාවක් ලැබ එළියට ආ රන්ජන්, මෙවර මහ මැතිවරණයේදී දෙමළ ඩයස්පෝරා නායක අලිරාජා සුබාස්කරන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා හඬ පක්ෂයෙන් ගම්පහට තරග කළේය.

‘මම හොරකම් කරලා නෑ… මිනී මරලා නෑ… ඒ හින්දා මට හොරු අල්ලන්න පුළුවන්. හොරු අල්ලන්න ඕනෙ නම් මාව පාර්ලිමේන්තුවට යවන්න….’
මේ, පහුගිය මහ මැතිවරණයේදී රන්ජන් ගම්පහ ජනතාවට කියපු කතාවය.

දිලිත් ජයවීර යනු මාධ්‍ය ආයතන හිමිකරුවෙකි. එමෙන්ම ව්‍යවසායකයෙකි. දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු වන්නේ දිලිත්ය. එම මාධ්‍ය ජාලයට රූපවාහිනී, පුවත්පත්, වෙබ් අඩවි සහ ගුවන්විදුලි යන සියලු මාධ්‍ය හිමිකාරීත්වය තිබේ. දිලිත් හාපුරා කියා දේශපාලනයට පිවිසියේ පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස තරග වදිමිනි. එහිදී ඔහුට ලබාගත හැකි වූයේ ඡන්ද 1,22,396ක් පමණි. දිලිත් සිටියේ 6 වැනි ස්ථානයේය. එසේ සිටි දිලිත් මෙවර ගම්පහින් පාර්ලිමේන්තුවට එන්න තරග කළේය.

‘දැන් සජිත් විපක්ෂ නායක ධුරයෙන් විශ්‍රාම ගන්න. අපි එඩිතර විපක්ෂයක් බිහිකරනවා. මම විපක්ෂයේ බලය අල්ලනවා. විපක්ෂ නායකකමත් අපි ගන්නවා….’ මේ දිලිත් මැතිවරණ වේදිකාවේ කියපු කතාවය.

දිලිත්ගේ මේ එඩිතර විපක්ෂ කතාවට ඔහුගේ මාධ්‍ය ජාලයෙන් දිවා රෑ විශාල ප්‍රචාරයක් ලබාදුන්නේය.

හැබැයි මේ දෙන්නාම රටේ ජනප්‍රිය පුද්ගලයන් වුවත්, දෙන්නාම මහ මැතිවරණයට අත දිගහැර වියදම් කළත්, දෙන්නාම මහ මැතිවරණයේදී විශාල මාධ්‍ය මෙහෙයුමක් දියත් කළත් ඒ දෙන්නාම මහ මැතිවරණයෙන් කුජීත වෙන්නම පරාජය විය.

මුළු රටක් දන්නා කියන රන්ජන්වත්, දිලිත්වත් ගම්පහ මිනිස්සු ඡන්දෙන් පරාද කරලා ගෙදර තිබ්බේ ඇයි?

ඒකට හේතුව හොයලා බලද්දී රන්ජන් ගැන මෙන්ම දිලිත් ගැනද ලියන්න බොහෝ දේ තිබේ.

රන්ජන් මේ පරාජයෙන් ඉගෙන ගන්න ඕනා ලොකුම පාඩම වෙන මොකවත් නොව, කෙළෙහිගුණ දැක්වීමේ පාඩමය. කෘතගුණ සැලකීමේ පාඩමය. මොකද දේශපාලකයෙක්ට මුල මතක තිබිය යුතුය. තමන් වැටුණු වෙලේ උදව් උපකාර කළ පුද්ගලයන් මතක තිබිය යුතුය. තමන්ට අසීරු අවස්ථාවලදී තමන් වෙනුවෙන් පෙනී සිටියේ කවුද කියන එක මතක තිබිය යුතුය. රන්ජන්ට ගතහොත් දේශපාලකයෙකුට තිබිය යුතු මේ පළමු ගුණාංගය ඔහුගේ ඇඟේ ගෑවිලාවත් නැත.
අධිකරණයට අපහාස කොට රන්ජන් හිරේ විලංගුවේ වැටුණාම එදා රන්ජන් ගැන හොයා බලන්න කවුරුවත්ම හිටියේ නැත. රන්ජන් ගැන හොයා බැලුවේ සජබයත්, සජබ නායක සජිතුත්, සජබ මන්ත්‍රීවරුනුත්ය. හිරේ ඉද්දී රන්ජන්ට හැමදාම කන්න බොන්න අරන් ගියේ සජබ මන්ත්‍රීවරුන්ය. රන්ජන් ගැන හැමදාම පාර්ලිමේන්තුවේ කතා කළේ සජබ මන්ත්‍රීවරුන්ය. රන්ජන් වැලිකඩින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට මාරුකළ විට සජබ මන්ත්‍රීවරු හැමදාම රන්ජන්ව බලන්න අඟුණකොලපැලැස්සට ගියහ. කවදාවත් රන්ජන්ව තනි කළේ නැත. සජබය රන්ජන් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කළේය. සජිත්, රන්ජන් ගැන කියන්නම සජබ මන්ත්‍රීවරුන් ජිනීවා මානව හිමිකම් කොමිසමටත්, අන්තර් පාර්ලිමේන්තු සංගමයටත් යැවීය.

රන්ජන් ඇතුළේ ඉන්නා තෙක් කිසිදු ජවිපෙ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ රන්ජන් ගැන කතා කළේ නැත. රන්ජන්ව බලන්න වැලිකඩට ගියේ නැත. එක්තරා අවස්ථාවකදී එක් යූටියුබ් නාලිකාවක් ඒ ගැන ජවිපෙ නියෝජිතයන්ගෙන් විමසූ විට ඔවුන් ප්‍රසිද්ධියේම කියා සිටියේ ‘රන්ජන් යනු බලන්න යෑමට තරම් සුදුසු නැති කෙනෙක්’ යැයි කියාය. අන්තිමේදී සජබයේ සිටි හරීන් සහ මනුෂ රනිල් ළඟට ගොස් ඇමැතිකම් ගෙන රන්ජන්ව නිදහස් කරගැනීමට කටයුතු කළහ.
හැබැයි රන්ජන් එළියට පැමිණි දින සිටම කළේ අච්චර උදව් කරපු සජබයටත්, සජබ නායක සජිත්ටත් කිසිදු කෙළෙහිගුණයක් නැතිව පහර ගැසීමය. එතැනින් නොනැවතුණු රන්ජන් හිරේ විලංගුවේ වැටී සිටින කාලයේ පැත්තවත් නොබලපු මාලිමාවට හෝල් සේල් කඩේ යන්න පටන් ගත්තේය. රන්ජන්ගේ මේ කෙළෙහිගුණ නැතිකම ගම්පහ ජනතාව දුටුවාට සැක නැත.

එපමණක්ද නොවේ.

රන්ජන් හිරේ ඉන්නා තෙක් කිසිදු මාධ්‍යයක් රන්ජන් ගැන ඇහැක් ඇරලා බැලුවේ නැත. රන්ජන් කියා කෙනෙක් සිටියාද කියාවත් මාධ්‍යයට මතක තිබුණේ නැත. රන්ජන් ගැන එදා කතා කළ එකම මාධ්‍ය වූයේ ‘මව්රට’ පුවත්පතත්, ‘මව්රට’ වෙබ් අඩවියත්ය. රන්ජන් හිරේ ගිය දින සිටම රන්ජන් හිරේ ගතකරන ජීවිතය ගැන, රන්ජන්ගේ ලෙඩ දුක් ගැන, රන්ජන්ට අවශ්‍ය කරන දේවල් ගැන ‘මව්රට’ නිතරම කතා කළේය. රන්ජන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටියේය. ඒ සෑම අවස්ථාවකදීම රන්ජන් විවිධ පාර්ශ්ව අතේ ‘මව්රට’ට ස්තුති කරමින් පණිවුඩ එවීමට කටයුතු කළේය.

හැබැයි රන්ජන් නිදහස් වී එළියට පැමිණියාට පසු කවදාවත් ‘මව්රට’ පුවත්පතට කතා කළේ නැත. රන්ජන් වෙනුවෙන් පෙනීසිටි, රන්ජන් වෙනුවෙන් ලිපි ලියූ, රන්ජන් වෙනුවෙන් පුවත් පළකළ ‘මව්රට’ පුවත්පතේ කිසිවකුටත් දුරකතන ඇමතුමක් ලබාදී හෝ ‘ස්තුතියි’ කියා කීවේ නැත. රන්ජන්ට වැරැදුණේ එතැනය. එදා රන්ජන්ව ගම්පහින් උඩින්ම තියපු ජනතාව මෙදා රන්ජන්ව පහළටම ඇද දැමුවේ රන්ජන්ගේ ඒ කෙළෙහිගුණ නැතිකම නිසා විය යුතුය.

දිලිත් ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමය. කෙළෙහිගුණ කෙසේ වෙතත් දිලිත්ව මේ රටේ මිනිස්සුන්ට එපාවී තිබුණේ පහුගිය කාලයේ දිලිත් කරපු කියපු දේවල් නිසාය. ගෝඨාභය ජනාධිපති පුටුවට ගෙන එන්නට අවශ්‍ය මාකටින් වැඩේ කළේ දිලිත් බව මුළු රටම දැන සිටියේය. ඇමෙරිකාවේ සිටි ගෝඨා ලංකාවට ගෙනැවිත් තමන්ට අයත් මුළු මාධ්‍ය ජාලයම උපයෝගී කොට ගෙන ගෝඨා මහා වීරයකු ලෙස පෙන්වූයේ දිලිත් බව රටම දැන සිටියේය. එහිදී දිලිත් මාධ්‍ය සදාචාරය පවා තුට්ටු දෙකට දමමින් බුදුන් වහන්සේ වැඩි කැලණි රජමහා විහාරයද දේශපාලනයට යොදාගැනීමට කටයුතු කළේය. නාග ලොවින් කැලණි ගඟ දෙබෑ කරගෙන නාගයකු පැමිණි බව කියමින් දිලිත්ගේ දෙරණ එදා මහා විගඩමක් නැටුවේය. ඒ ඇරපු නයා අදටත් ජනතාවට හොඳටම මතකය.
ඊළඟට කොරෝනා වසංගත සමයේදී මේ රටට ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේ සම්පූර්ණ අයිතිය ගෝඨා භාරදුන්නේ දිලිත්ගේ සමාගමකටය. එදා අඩු මිලට ගේන්නට තිබූ ඇන්ටිජන් කට්ටල වැඩි මිලට ගෙනැවිත් කෝටි ගණන් වංචා කළ බවට විපක්ෂය එදා දිලිත්ට චෝදනා කළේය. අදටත් දිලිත්ට ඒ චෝදනාව දේශපාලන වේදිකාවේ එල්ල වන ආකාරය දැකගත හැකිය.

ගම්පහ ජනතාව දිලිත්ට ඡන්දය නොදී පරාජයට පත්කර ගෙදර යැව්වේ මේ නිසාය. හැබැයි ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියන්නා සේ එහෙම පැරැදුණු දිලිත් ඔහුගේ පක්ෂයට හිමිව තිබූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් අද පාර්ලිමේන්තුවට පැමිණීමට කටයුතු කොට ඇත.
ගම්පහ සාමාන්‍යයෙන් එදා ප්‍රකටව තිබුණේ ඡන්දයේදී මෝඩකම ප්‍රදර්ශනය කරන ජනතාවක් සිටින දිස්ත්‍රික්කයක් ලෙසටය. එදා උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා, කරු ජයසූරියත් දෙවැනි තැනට දමා ඉහළින්ම තිබ්බේ මේ ගම්පහ ජනතාවය. මාතර මර්වින් සිල්වා ගම්පහට පැමිණි පසු ගම්පහ ජනතාව මර්වින්ව ඉහළින්ම පාර්ලිමේන්තුවට එවූහ. ප්‍රසන්න රණවීරද එසේමය. සරත් ෆොන්සේකාද එසේමය. ගම්පහ ජනතාව මෙවැනි පිරිස් පාර්ලිමේන්තු එවා කරගත් ගොන්කම මෙවර ඡන්දයේදී රන්ජන් – දිලිත් ගෙදර තබා නිවැරැදි කිරීමට පියවර ගෙන ඇත. ඒක හරියට අර ‘උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ’ කියන්නා වාගේ සිදුවීමකි.

ඒ නිසා අපට අවසාන වශයෙන් කියන්නට ඇත්තේ මෙපමණකි. ඒ, රන්ජන් නොදන්නා දේශපාලනය කරනවාට වඩා දන්නා නළුකම කරගෙන හිටියා නම් හොඳයි කියන එකය. දිලිත්ද නොදන්නා දේශපාලනය කරනවාට වඩා හොඳටම දන්නා මාකටින් වැඩේ කරගෙන හිටියා නම් හොඳයි කියන එකය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

වන්ෂොට් නොකවුට්! කැලණි ණයා ෆ්ලැට්! Sri Lanka Latest News

Next Post

ඡන්දයක් පැරදුණාම නායකයෝ වෙනස් කරන්න දඟලන… පක්ෂ ඇතුළේ කුමන්ත්‍රණ කරන සජබ කුරුඳුවත්තේ ටයිකෝට්කාරයන්ට පැරදිලත් තිස්ස හොඳ පාඩමක් කියලා දෙයි! Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.