ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරන ලෙසට මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලය වෙත කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව එම කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා සදහන් කර තිබේ.
තවමත් මැතිවරණය පවත්වන නිශ්චිත දිනයක් පිළිබද සදහනක් නොමැතිව ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට උපදෙස් ලබා දීම නොමේරූ ක්‍රියාවක් බවත්, යම් හෙයකින් නාමයෝජනා අහෝසි වුවහොත් සහ නාමයෝජනා නැවත කැදවීමට සිදුවුවහොත් කුමක් සිදුවේද යන්නත් හූල් මහතා ප්‍රශ්න කොට තිබේ.
මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව බවද හූල් මහතා සදහන් කොට ඇත.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී මාධ්‍ය වාර්තා කර තිබුණේ මැතිවරණ කොමිසම විසින් ජන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කරන ලෙසට රජයේ මුද්‍රණාලයට උපදෙස් ලබා දී ඇති බවකි.










