අද (29) පෙරවරුවේ රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද පැවැත්වීමට නියමිතය.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පෙරවරු 10ට සිරිකොතේදීද සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුවරු 2ට ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේද රැස්වීමට නියමිතය.
සජිත්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එජාප හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 40කින් සමන්විත බව දැනගන්නට ඇත.
ඊට හිටපු මැතිඇමැතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ගණනාවක්ම ඇතුළත් වන අතර මෙය ඔවුන්ගේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වේ.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සජිත් පිල පක්ෂයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කරනු ඇති බව දැනගන්නට ඇත.
සජිත්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරනු ඇති බවද වාර්තා වේ.










