පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ. (Sri Lanka Latest News)
පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි සාමාජිකයන් සංඛ්‍යාව 22 කි.
කාංචන විජේසේකර,ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත, හරීන් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්ද, මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නි ආරච්චි,යන අමාත්‍යවරු ( කැබිනට් මණ්ඩල සාමාජිකයෝ) මෙසේ පරාජයට පත් වූහ.
කැබිනට් මණ්ඩලයේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටියේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මැතිවරණයට ඉදිරිපත් නොවූ අතර ඔහුගේ නම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පවා ඇතුළත්ව නොතිබිණ.
එවකට කැබිනට් මණ්ඩලයේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල ආචාර්ය විජයදාස රාජපක්ෂ ආචාර්ය බන්දුල ගුණවර්ධන ටිරාන් අලස් යන මහත්වරුද මහ මැතිවරණයට තරග නොකළහ.
පසුගිය අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් ජයග්‍රහණය කර තිබුණේ චාමර සම්පත් දසනායක ඩීවී චානක අනුරාධ ජයරත්න කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් පමණි.
lankadeepa










