සරම්ප රෝගය මේ දිනවල තදින් පැතිරී යන තත්ත්වයක් මතුව ඇති බැවින් බෝවන රෝග වැළැක්වීම සඳහා ලබාදෙන එන්නත නොගෙන සිටින වැඩිහිටියන් වහා එම එන්නත ලබාගන්නා ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිහිටි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. (Sri Lanka Latest News)
සරම්ප රෝගය ළමයින් අතර පැතිරුණහොත් එය මොළයට බලපා මියයෑමට පවා ඉඩ ඇති බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් මෙම සරම්ප රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ කොළඹ ප්‍රදේශයෙන් බවද ඔහු පැවැසීය.
බෝවන රෝග වැළැක්වීම සඳහා දෙනු ලබන එන්නත ලබා නොගත් විශාල පිරිසක් සිටින බව පෙනීයන හෙයින් ඒ ගැන සැලකිලිමත් නොවුණහොත් පෝලියෝ වැනි වසංගත රෝග සඳහාද වාට්ටු වෙන්කිරීමට සිදුවිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










