• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

අනුර රෙකෝඩ් කඩයි! සජිත් විපක්ෂය අල්ලයි! දිලිත්ට එඩිතර පරාජයක්! රනිල් සිලින්ඩරෙත් ඉවරම කරයි! එජාපය නන්නත්තාරයි! වන්ෂොට් නොකවුට්! Sri Lanka Latest News

November 16, 2024
in Uncategorized
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

10 වැනි පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා පත්කර ගැනීම සඳහා පැවැති මහ මැතිවරණයෙන් 2/3ක බලයක් සහිත ඓතිහාසික ජයක් වාර්තා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය සමත් විය.
මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය ඡන්ද 6,863,186ක් ලබාගනිමින් ආසන 159ක් ලබාගැනීමට සමත් විය.

වාර්තා රැසක් බිහිකරයි

මෙහි ඇති විශේෂත්වය වන්නේ අතීත මහ මැතිවරණ වාර්තා ගණනාවක්ම මාලිමාව විසින් මෙවර බිඳහෙළා තිබීමය.
ඉන් පළමු වාර්තාව වන්නේ මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය මෙවර වාර්තා වීමය. එය 61.56%කි. මීට පෙර 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර, මෙවර එය මාලිමාව විසින් බිඳහෙළනු ලැබීය.

එමෙන්ම මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන වාර්තා කරමින් 152ක් මාලිමාව ජයගත් අතර, මීට පෙර 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාස 136ක් ජයග්‍රහණය කොට තිබිණි.

මීට අමතරව දිස්ත්‍රික්ක 21ක් ජයග්‍රහණය කරමින් මහ මැතිවරණයකදී ජයග්‍රහණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන මාලිමාව විසින් වාර්තා කළේය. මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක් ජයග්‍රහණය කොට තිබිණි.

එමෙන්ම මහ මැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන්නේද මෙයය. ඒ, 6,863,186කි. මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960ක් ලබාගෙන තිබිණි.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ආසන ගණනක් දිනාගත්තේද මාලිමාවය. ඒ, ආසන 141කි. මීට පෙර වැඩිම ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබුණේ 2020 වසරේදී පොදුජන පෙරමුණය. එය 128කි.

මහ මැතිවරණයක ලබාගත් වැඩිම ජාතික ලැයිස්තු ආසන ගණන වූ 18ක ප්‍රමාණය මෙවර මාලිමාව විසින් හිමිකර ගෙන තිබේ. මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු ආසන 17ක් හිමිකරගෙන තිබිණි.

මහ මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන සංඛ්‍යාව දිනාගත්තේද මෙවර මාලිමාව විසිනි. එය 159ක් වන අතර, මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145 ජයග්‍රහණය කර තිබිණි.

සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක ආසන ප්‍රමාණයක් තනි පක්ෂයක් විසින් දිනාගැනීමේ වාර්තාවද හිමිවන්නේ මාලිමාවටය.
එමෙන්ම මීට පෙර මහ මැතිවරණයේ 3%ක ඡන්ද ප්‍රතිශතයේ සිට 61% ඉක්මවූ ජයග්‍රහණයක් වාර්තා කළ ලංකාවේ පළමු පක්ෂය වන්නේද මාලිමාවය.

සජිත්ට විපක්ෂය

මෙවර මහ මැතිවරණයෙන් ආසන 40ක් ලබාගනිමින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විපක්ෂයේ බලය අත්පත් කරගැනීමට සමත්ව තිබේ.

සජබය මෙවර ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1,968,717ක් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 17.66%කි.

රනිල් සිලින්ඩරෙත් ඉවරම කරයි

අනෙක් අතට මෙවර මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නායකත්වය දුන් සිලින්ඩරය ලකුණ යටතේ තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අන්ත පරාජයකට ලක්ව තිබීම විශේෂ සිදුවීමකි.

ඒ යටතේ සියලු දිස්ත්‍රික්කවලට තරග වැදුණු අපේක්ෂකයන් පරාජයට පත්ව ඇති අතර, යන්තමින් හෝ ජයග්‍රහණය කර තිබුණේ මහනුවරින් අනුරාධ ජයරත්නත්, කළුතරින් රෝහිත අබේගුණවර්ධනත්, බදුල්ලෙන් චාමර සම්පත් දසනායකත්ය.

මීට අමතරව අලියා ලකුණෙන් තරග වැදුණු ජීවන් තොණ්ඩමාන් නුවරඑළියෙන් ජයග්‍රහණය කර තිබිණි.

කෙසේ වෙතත් මෙවර දැකගැනීමට ලැබුණු සුවිශේෂම තත්ත්වය වන්නේ ඉකුත් මහ මැතිවරණයේදී මෙන්ම මෙවර මහ මැතිවරණයේදී එජාපයෙන් කිසිදු සාමාජිකයකු ජයග්‍රහණය කර නොතිබීමය. ජයග්‍රහණය කළ සිවුදෙනාම වෙනත් පක්ෂවල සිට සිලින්ඩරයට එක්වී තරග වැදුණු නියෝජිතයන්ය.

දිලිත්ට එඩිතර පරාජයක්

මීට අමතරව එඩිතර විපක්ෂයක් නිර්මාණය කරන බව කියමින් තරග වැදුණු සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අන්ත පරාජයකට ලක්ව තිබේ.

ඒ මහතාගේ පක්ෂයට කිසිදු මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට නොහැකි වූ අතර, ජාතික ලැයිස්තුවෙන් පමණක් එක් මන්ත්‍රී ධුරයක් හිමිව තිබේ.

වන්ෂොට් නොකවුට්

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් තරග වැදුණු කිසිවකුටද මෙවර පාර්ලිමේන්තු අසුනක් හිමිකර ගැනීමට හැකියාව ලැබී නැත.

රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු අතර, ඔහුද මෙවර මැතිවරණයෙන් පරාජයට පත්ව තිබීම විශේෂත්වයකි.

මෙන්න අවසන් ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 6,863,186 (61.56%) ආසන – 159
සමගි ජන බලවේගය – 1,968,717 (17.66%) ආසන – 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි – 257,813 (2.31%) ආසන – 8
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 500,835 (4.49%) ආසන – 5
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 350,429 (3.14%) ආසන – 3
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 87,038 (0.78%) ආසන – 3
සර්වජන බලය -178,008 (1.60%) ආසන – 1
එක්සත් ජාතික පක්ෂය – 66,234 (0.59%) ආසන – 1
ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය 66,382 (0.59%) ආසන – 1
අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය – 39,894 (0.36%) ආසන – 1
අඛිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය – 33,911 (0.30%) ආසන 1
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855 (0.25%) ආසන 1
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 17,710 (0.16%) ආසන 1

SendShareShare
Previous Post

පිරිමි එක්ක හරිහරියට සටන් කරලා ගැහැනු 20කුත් මේ පාර ඇතුළට ඇවිත්! Sri Lanka Latest News

Next Post

ඒ පාර සරම්පත් ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.