රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා ලෑන්ඩ් කෲසර් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (12) පොලිස් භාරයට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)
මෙම මෝටර් රථය නීති විරෝධී ලෙස කොටස් එකලස් කර සකස් කර නීති විරෝධී ලෙසම ලියාපදිංචි කර ඇති බවට පොලිසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
මෙම ජීප් රථයේ වත්මන් අයිතිකරුවන ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මාතර පොලිසියට බාර වී තිබෙනවා.
පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ වනවිට මෝටර් රථය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිතව ඇති අතර, කළුතර ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ සහෝදරයෙකු විසින් මෙම මෝටර් රථය අදාළ ව්‍යාපාරිකයාට විකුණා ඇති බවටයි පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.










