ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ වැඩ තහනම් කරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙනවා. (Sri Lanka Latest News)
ඔහු සම්බන්ධයෙන් ප්‍රමාදයකින් තොරව සුදුසු පියවර ගන්නා ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්ට පසුගිය දා විද්‍යුත් තැපෑලෙන් එම ඉල්ලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුට එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා ඇතුලු ආචාර ධර්ම කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.










