පසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. (Sri Lanka Latest News)
එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මීට අදාළ පැමිණිළි 3,040ක් ලැබී ඇති බවය.
“විශේෂ ඒකකයකට ලැබුණු පැමිණි තියෙනවා 3,040ක්. එදිනෙදා විසඳුම් ලබාදෙන්න පුළුවන් 1,124ක් තියෙනවා. ඊට අමතරව අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය හරහා ලබාගත් තොරතුරු මත විශේෂ වංචා දූෂණ සිදුවුණා ද කියලා සැක විශේෂ පරීක්ෂණ 15ක් අපි තෝරාගෙන තියෙනවා. එයින් 3ක් මේ වෙද්දි අභ්‍යන්තර විගණනය විධිමත්ව සිදුකෙරෙමින් යනවා. තව කිහිපයක් යනවා එළියේ මාධ්‍යවල සාකච්ඡා වුණ. ඒකට තොරතුරු අපි ගනිමින් ඉන්නවා.” යනුවෙන් කෝෂල වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.










