බ්‍රහස්පතින්දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකි නමුත් ජාතික සමගිය ඇති කිරීම සඳහා දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ජාතික සමගි ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් පසුගිය දා ඩේලි මිරර් වෙත පවසා ඇත.Sri Lanka Latest News
ඒ මහතා පැවසුවේ නව පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීම පිළිබඳව NPP ‘ඉතා විශ්වාසයෙන්’ සිටින නමුත් දේශපාලන පරිසරය ශක්තිමත් කිරීම සඳහා දෙමළ, මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමට තම පක්ෂය විවෘතව සිටින බවයි.
කෙසේ වෙතත්, ජාතික සමගි ආණ්ඩුවක් සඳහා වන මෙම ආරාධනය මෙම ප්‍රජාවන් නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන්ට පමණක් සීමා වන බවත් සමගි ජන බලවේගයට (SJB) සහ එක්සත් ජාතික පක්ෂයට (UNP) එය අදාළ නොවන බවත් ඔහු පවසා තිබේ.
බිමල් යාපනයේදී කියපු දේ..!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් ලබාදීමට කිසිදු අදහසක් නැති බව ජාතික ජන බලවේග විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සදහන් කරයි.
පසුගිය මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උදව් කළ ඩග්ලස් දේවානන්දට අලුත් ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොදෙන බවත් ඔහු රට විනාශ කළ ඇමැති මණ්ඩලයේ හිටපු කෙනෙක් බවද විධායක සභික බිමල් රත්නායක සදහන් කරයි.
හිටපු මන්ත්‍රී බිමල් රත්නායක සදහන් කළේ,
“දේවානන්ද මහතා ජනාධිපතිවරයා හමුවු වෙලාවේ ඔහු ජනාධිපතිවරයා සමඟ එකට සිට ෆොටෝ එකක් අරගෙන තියෙනවා. ඒක අරගෙන ගිහින් ඔහු උතුරේ පත්තරවල පලකරලා. ෆෙස් බුක් එකේ දාලා.
ජනාධිපතිතුමා එයාට උදව් කරනවා කියලා වැඩි ප්‍රචාරයක් ගත්තා. එයාගේ පත්තරේ ලිව්වා. ඔහු ධීවර ඇමති කාලේ අමාත්‍යාංශයේ කළ වැඩ ගැන කතා කළා කියලා මිනිස්සුන්ට බොරු කිව්වා. ඩග්ලස් දේවානන්ද මහතා ගැන අපි ලැජ්ජා වෙනවා.
මාලිමාව දිනුවට පස්සේ එයා ඒ ආණ්ඩුවට එකතු වෙනවා කියලා දැන් එයා හැමතැනම කිය කියා යනවා. ඩග්ලස් දේවානන්දට ඇමතිකමක් දෙන්න ජනාධිපතිතුමාටවත් අපිටවත් පයිත්තියං නෑ. අපි බලාගෙන හිටියා මේ බොරුව ඉවර කරයි කියලා. ඩග්ලස් සහ ඔහුගේ ගෝල බාලයෝ මේ බොරුව අද හැමතැනම කිය කියා යනවා.
රාජපක්ෂ එක්ක එකතුවෙලා රට විනාශ කරපු ඇමතිවරු ඉන්නවා. රාජපක්ෂ, වික්‍රමසිංහ, මෛත්‍රිපාල එක්ක එකතු වෙලා උතුර විනාශ කරේ කවුද.? ලංකාව විනාශ කළ ඇමැති මණ්ඩලයේ හිටපු කෙනෙක් තමයි දේවානන්ද කියන්නේ. ගිය පාර ඡන්දේදි ඩග්ලස් දේවානන්ද උදව් කළේ රනිල්ට.
රිෂාඩ් බදුර්දීනුත් මේ වගේ ප්‍රචාර ගෙන යනවා. ජනාධිපතිතුමා, ඔහුට ටෙලිෆෝන් කළා කියලා. ඔහුත් රාජපක්ෂ කාලේ ඇමතිකම් දැරු අයෙක්. සුමන්තිරන්ගේ ආධාරකරුවොත්, ශ්‍රී ධරන්ගේ ආධාරකරුවොත්, මේ වැඩේම කරනවා කියලා ආරංචියි. දුප්පත් දෙමළ, මුස්ලිම් මිනිසුන්ගේ ඡන්ද ඉල්ල ගන්න.”
යාපනයේ පැවති ජනහමුවක් අමතමින් ජාතික ජන බලවේග විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව සදහන් කරයි.










