විදුලි බිල සියයට 30කට වඩා අඩු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News
අද (09) දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේගයේ ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.
“අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් යනකොට අපි විදුලිබල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා. අපිට පොඩි කාලයක් දෙන්න ඒකට. ඉන්ධන මිල වුණත් අඩු කරන්න අපිට කාලයක් අවශ්‍යයි. අපි මේ වැඩ ටික කරන්නම්.”










