• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිකම් නැතිවුණාම පෙන්වන සුසිල්ගේ දෙල්කඳ ජෝක්ස් ! Sri Lanka Latest News

November 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඇමැතිකම් නැතිවුණාම පෙන්වන සුසිල්ගේ දෙල්කඳ ජෝක්ස් ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔන්න එකෝමත් එක රටක හිටියලු මහත්තයෙක්. ඒ මහත්තයා හොඳ මහත්තයෙක්. ඉගෙනගත්ත මහත්තයෙක්. උගත් මහත්තයෙක්. ඉස්කෝලේ ගිහිල්ලා ලොකු ලොකු තැන්වල ඉගෙනගෙන කොහොම කොහොම හරි මේ මහත්තයා පාර්ලිමේන්තුවටත් ආවාලු. අපි දන්නවානේ ඉතින් ලංකාවේ හුඟක් මහත්තුරු පාර්ලිමේන්තුවට එන්න කරන්නේ නැති වැඩක් නෑනේ. එහෙම පාර්ලිමේන්තුවට ආවට පස්සේ මේක හරි රහ වැඩක් කියලා ඒගොල්ලෝ දන්නවා. කන්න හිතුණම කබරගොයත් තලගොයා වෙනවා කියලා කතාවක් අපි ගමේ ගොඩේ අහලා තියෙනවනේ. ඒ වගේ මෙන්න මේ අය තමයි කබරගොයා තලගොයා කරගෙන කන්න හිතුණම රහයි කියලා මේක අස්සට රිංගන කට්ටිය. එහෙම ඉන්නකොට සමහර ආණ්ඩුවලින් සමහර දේශපාලකයන්ගෙන් ලොකු ලොකු වරප්‍රසාද ලැබෙනවා. ඇමැතිකම් වගේ දේවල්. ඇමැතිකම්, නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් දක්වා තමයි මේගොල්ලන්ගේ ගමන් මග තියෙන්නේ. කොහොම හරි අඩි තියාගෙන ඇවිදලා ඇවිදලා කොහොම හරි පය ගහලා ඇමැතිකමක් ගත්තට පස්සේ ඒගොල්ලෝ හරි හොඳයි. ආණ්ඩුවත් හොඳයි. මිනිස්සුත් හොඳයි. රටත් හොඳයි. කාටවත් කවදාවත් කවුරුවත් බණින්නේ නෑ. කලකදී වහලු- කලකදී රහලු කියන එක ඇත්ත වෙනවා ඊට පස්සේ. ඔන්න කලකදී වහලු කලකදී රහලු වෙලා රහ එක වහ වෙනවා, වහ එක රහ වෙනවා. ඒක තමයි අපේ රටේ දේශපාලනයේ තියෙන වැඩේ. (Sri Lanka Latest News)

කොහොම හරි රටේ දේශපාලකයා දේශපාලනයේ එක පක්ෂයකට විතරක් ලැබෙන බලයක් නෙවෙයිනේ. මේක තෑග්ගක් විදියට දීලා තෑගි ඔප්පුවකින් ලියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ රට කියලා කියන්නේ. ඒ නිසා රටේ යම් යම් දේශපාලන ක්‍රියාකාරකම්වලදී යන්න වෙනවා, ඉන්න වෙනවා, එන්න වෙනවා, කන්න වෙනවා, බොන්න වෙනවා, නිකන් ඉන්න වෙනවා, දුක දරාගන්න වෙනවා. ඒක තමයි හැටි. හැබැයි එහෙම කාලෙක එක මහත්තයෙක් ඉන්නවා ඒ මහත්තයා කාලෙකට පොළේ යනවා. ටයි කෝට් දාලා දේශපාලනය කරලා, ලොකු ලොකු ටෝක් දීලා, දේශපාලකයා කියන භූමිකාවේ හොඳටම ඉඳලා පැරැදිච්ච ගමන් මට කිසි දෙයක් එපා, මම ඒවායින් අයින් වෙනවා, මට ඒවා ඕනේ නෑ කියලා ත්‍රීවීල් එකකින් ගෙදර යනවා. ඊට පස්සේ නිකන් ඇඳුම් ඇඳගෙන පොළේ යනවා. එහෙම පොළේ ගිහිල්ලා ලොකු ලොකු ටෝක් දෙනවා. මම ආයේ දේශපාලනයට එන්නේ නෑ, මට මේක ඕනේ නෑ, මේකේ ඉන්නේ හොරු, මේක නරකයි, මේක අප්සෙට් මේ විදියට කියලා කියලා පස්සේ අප්සෙට් ආයෙත් පොඩි කෑල්ලක් ලැබුණු ගමන් ඒක කාලා රහයි කියනවා. වහ කිව්ව එක රහ වෙලා, රහ කිව්ව එක වහ වෙලා ආයෙත් යනවා පාර්ලිමේන්තුවට. එහෙම ගිහින් ඇමැතිකමුත් කරනවා. ඇමැතිකම් කරන්න ගිහින් නාගන්නවා. එපා කරගන්නවා. රටේ මිනිස්සුන්ටත් කරදර කරනවා. උදාහරණයක් විදියට අධ්‍යාපන ඇමැති වෙලා ඉඳලා විභාග ඔක්කොම අවුල් කරගෙන, ප්‍රශ්න පත්‍ර පිටවෙලා, නන්නත්තාර වෙච්ච එක්කෙනෙක් කියලා හිතන්න. එහෙම වුණොත් කතාකරලා වැඩක් නැති තැනටනේ පත්වෙන්නේ. ඔන්න ඔහොම අයත් අපේ රටේ ඉඳලා තියෙනවා. මෙතුමා ගැන නෙවෙයි මේ කියන්නේ. උදාහරණයක් විදියටයි ඒක කිව්වේ. එහෙම අයත් ඉඳලා තියෙනවා. ඒ කවුද, කොයි කොයි කට්ටියද කියන එක පස්සේ අපි කතාකරමු. ඒවා මේ වෙලාවේ වැඩක් නෑනේ.

කොහොම වුණත් ඔන්න ඔහොම ඉඳලා ඔන්න ආයෙත් මේ මහත්තයා පොළේ යන්න පටන් අරගෙන. දේශපාලකයන්ට කඩේ යන එක නම් කොහොමත් පුරුදුයිනේ. දේශපාලකයන්ට කඩේ යන එක මහජනතාවටත් පුරුදුයිනේ. අපේ රටේ මිනිස්සුන්ට කඩේ යනවා කියන එකේ ලොකු ප්‍රශ්නයක් දැනෙන්නේ නෑ. කඩේ යන එක සීනි කිරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ වෙලා තියෙන්නේ කඩේ යන එක වෙනුවට, පොළේ යෑමක්. ඔය පොළේ යන්නෙත් ඇයි කියලා අපි දන්නවා. පාර්ලිමේන්තුවට ඇඳපු ටයි කෝට් ටික ගලවලා තියලා, රෙද්ද බැනියමට මාරු වෙලා, වෙන වෙන ඇඳුම් ඇඳගෙන දැන් ඔන්න ගමේ විදියට මල්ලක් එල්ලගෙන පොළේ ගිහිල්ලා, පොළේ ඉඳන් ටෝක් දෙනවා. මේවා ඉතින් දේශපාලන සෙප්පඩ විජ්ජා කියලා නොතේරෙන්න අපි කොණ්ඩේ බැඳපු චීන්නු වෙන්න ඕනේ. ඇත්තටම මහත්තයෝ අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙවෙයි. අපිට හොඳට මේ රටේ තියෙන දේශපාලනයේ දිග පළල තේරෙනවා. අපි දන්නවා ඔය කොයි කොයි අයියත් මේ වෙලාවේ එක එක උපක්‍රම පාවිච්චි කරන්නේ දැන් දිනන්න බෑ කියලා දන්න හින්දා. 58 දෙනෙක් ඡන්දේ ඉල්ලන්නේ නැතුව ගෙදර ගියේ රටට තියෙන ආදරේ හින්දා නෙවෙයි. ඒගොල්ලන්ට තියෙන ආදරේ නිසා. විළිලැජ්ජාවෙන් බේරෙන්න බැරි බව දන්නවා. ඡන්දෙන් පැරැදුණොත් ආයේ එළියට බැහැලා මූණ දෙන්න බැරි බවත් දන්නවා. ඒ නිසා කලිසමක් ඇඳගෙන පාරේ බැහැලා යන්න බැරිබව අඳුනාගත්ත 58 දෙනෙක්ම මේපාර ඡන්දේ නොඉල්ලා ජාම බේරගෙන පැත්තකට වෙලා ඉන්නවා.

ඕනේ දෙයක් වෙන්න කියලා දුවන කෝච්චියට බෙල්ල තියන්න ඉන්නෙ යන්තම් හරි මිනිස්සුන්ට උදව්වක් කරපු අය කියලයි අපිට නම් විශ්වාස. කොහොම වුණත් දැන් ඉතින් ඔන්න ආයෙත් පොළේ යනවා. මේ පොළේ යන්නේ ඇයි කියලා අපි දන්නවා. පොළේ යන්නේ බඩු ගන්න නම් කමක් නෑ මහත්තයා බඩු ටික අරගෙන ගෙදර ගිහිල්ලා, උයාගෙන කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. තම තමන්ගේ ගෙවල්වල, තම තමන්ගේ පාඩුවේ තම තමන්ට ඉන්න පුළුවන් වෙන්න තරම් දැන් ඉතින් කෝටි ගණන් හම්බ කරලා තියෙන බවත් අපි දන්නවා. ඒ නිසා දැන් ඔය තියෙන දෙයක් කාලා ඉන්න බැරිකමක් නෑ. හැබැයි ඉතින් අපි දන්නවා තියෙන දෙයක් කාලා ගෙදරට වෙලා ඉන්නකොට තෙලේ ගහලා ඉන්න බැරුව ගිහිල්ලා ආයෙත් පාරක් පාර්ලිමේන්තුවට එන්න හිතෙන බව. ඒ ඇවිල්ලා ඇමැතිකමක් ගන්නත් හිතෙන බව. එතකොට ඔය බණින, ඔය නරකයි කියන, ඔය කැතයි කියන, ඔය වැඩක් නෑ කියන දේශපාලනය හොඳයි කියලා හිතෙන එක, රහයි කියලා හිතෙන එක, මරු කියලා හිතෙන එක සාමාන්‍යයි කියලත් අපි දන්නවා.

මේ කියන්නේ කවුරු ගැනද, මේ කියන කෙනා දැන් ඉන්නේ කොහෙද, මෙයා මොන වගේ කෙනෙක්ද කියන එක තීරණය කිරීම ඔබ සතුයි. එහෙම තීරණය කරගෙන පුළුවන් නම් නම්කරන්න මෙයා කවුද කියලා. මෙයා කවුද කියලා නම්කළොත් අපි ඔබට අවස්ථාවක් දෙනවා ඒ මහත්තයත් එක්ක ආයෙත් පාරක් පොළේ යන්න. ඒ මහත්තයට කඩේ යනවා වෙනුවට එයත් එක්ක පොළේ ගිහින් එයා ලවා අධ්‍යාපනයට ගැළපෙන ආකාරයේ එළවළු පලතුරු ටිකක් අරගෙන ඔයාටත් වටිනා කියන බඩු මල්ලක් ලබාදෙන්න අපි සූදානමින් ඉන්නවා. එහෙම නම් තරගය විවෘතයි. කියන්න බලන්න කවුද මේ කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඡන්දෙ දවසෙ උදේම IMF එක ලංකාවට එනවා! I Sri Lanka Latest News

Next Post

අනුරගෙන් බැණුම් අහලා කැබිනට් රහස් ජැක්ගෙන් ගත්ත හැටි! Sri Lanka Latest News

MORE NEWS

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි…’ ඒ වගේ ආදරණීය වචන පෙළක් අහන්න අපි කවුරුත් කැමැතියි. හැබැයි මේ කියන්නට යන්නේ එවැනි ආදර කතාවක...

Read more
මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.