• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජ රෝගයකට වඩා භයානක සමාජ මාධ්‍ය! Sri Lanka Latest News

November 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ෆේස්බුක්-මැසෙන්ජර්-වට්ස්ඇප්-ඉන්ස්ටග්‍රෑම්වලට යන්න බෑ!
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය සම්බන්ධව ලෝකය මේ වෙනකොට ඉන්නේ ඉතාම අවධානයෙන්. අපි දන්නවා 1997න් පස්සේ ලෝකෙට සමාජ මාධ්‍ය ලැබුණා. 2004 පෙබරවාරි මාසේ 04 වැනිදා ෆේස්බුක් ඇතිවීමත් එක්ක සමාජ මාධ්‍ය විශේෂ ආකාරයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. මේ පහුගිය වසර කීපය ඇතුළේ ලෝකයේ සමාජ මාධ්‍යයට වැඩි ඉඩක් ලැබෙමින්, ජනමාධ්‍යවලට තිබුණු ඉඩ අඩුවෙමින් යනවා. අපි දන්නවා අද බොහෝ දෙනෙක් රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත කියන ජනමාධ්‍යවලින් ඈත්වෙලා සමාජ මාධ්‍යයට යොමුවෙලා තියෙනවා. ඒ නිසාම රටේ තියෙන සැලකිය යුතු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ටත්, සමාජ මාධ්‍ය භාවිත කරමින් තමන්ගේ මාධ්‍ය ප්‍රවර්ධනය කරගන්න සිද්ධ වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය භාවිතය වරදක් නෙවෙයි. (Sri Lanka Latest News)

සමාජ මාධ්‍ය කියලා කියන්නේ ලෝකයේ ඕනෑම රටකට මේ වෙලාවේ ඉවත් කරන්න බැරි දෙයක්. සමාජ මාධ්‍ය කියලා කියන්නේ විශාල ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරයෙන් සමාජ මාධ්‍ය ආයතන හිමිකරුවෝ විශාල ලාභ ලබමින් සිටිනවා. මෙටා වගේ ආයතන අද වෙද්දී ලෝකේ තියෙන අංක එකේ ආයතන බවට පත්වෙලා තියෙන්නේ ඒ නිසයි. නමුත් අපි දන්නවා සමාජ මාධ්‍ය භාවිතයේදී සාමාන්‍ය මාධ්‍ය භාවිතයට වඩා, එහෙම නැත්නම් ජනමාධ්‍ය භාවිතයට වඩා නියාමනයන්, නීතිරීති අඩුයි. ජනමාධ්‍ය භාවිත කරද්දී ජනමාධ්‍ය කියලා කියන්නේ ආයතනික ව්‍යුහයක් සහිත දෙයක්. ජනමාධ්‍ය කියලා කියන්නේ නියාමනයක් සහිත දෙයක්. ජනමාධ්‍ය නියාමනය සඳහා විශේෂ ආයතන පිහිටුවලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඉතා හොඳ නියාමනයක් සිදුවෙන්නේ පුවත්පත් සම්බන්ධයෙන්. පුවත්පත් සම්බන්ධයෙන් නියාමන ආයතන 2ක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එකක් පුවත්පත් මණ්ඩලය. අනෙක පුවත්පත් පැමිණිලි කොමිසම. ඒ වගේම පුවත්පත් සම්බන්ධව ආචාරධර්ම පද්ධතියක් 1981දී නිර්මාණය වෙනවා. එම ආචාරධර්ම පද්ධතියට පස්සේ 2003 අවුරුද්දෙදී නව මාධ්‍ය භාවිතයට ගැළපෙන ආකාරයේ නියාමන ක්‍රමවේදයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න මේ නියාමන ක්‍රමවේදය සහ ආචාරධර්ම පද්ධතිය නිර්මාණය වීමත් එක්ක පුවත්පත ශ්‍රී ලංකාවේ තියෙන ජනමාධ්‍ය අතරින් වඩා හොඳින් නියාමනය වන ආයතනය බවට පත්වෙලා තියෙනවා.

ඊළඟට පුවත්පතට අමතරව රූපවාහිනිය සහ ගුවන්විදුලිය කියන ආයතන දෙකටත් යම් යම් නියාමන ක්‍රමවේද සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නියාමන ආයතන ලංකාවේ ක්‍රියාත්මකයි. නමුත් මේ නියාමන ආයතනවලට ආවරණය කරගන්න බැරි සීමාවන් ආවරණය වෙන ආකාරයට ඒ ඒ මාධ්‍ය ආයතන තුළ නියාමනයන් තියෙනවා. ආයතනික ව්‍යුහයක් තියෙන නිසා තමන්ගේ ඉහළ නිලධාරීන් ඉන්න නිසා අභ්‍යන්තරික නියාමනයන් මේ ආයතන තුළ ක්‍රියාත්මක වෙන නිසා මාධ්‍ය ආයතනවලට හිතුවක්කාර ලෙස වැඩ කරන්න බෑ. ඔවුන් වැඩකරන්න ඕනේ කොහොමද, ඔවුන් වැඩකරන්න ඕනේ මොන ආචාරධර්ම පද්ධතියක් යටතේද, ඔවුන්ගේ සීමා මොනවද, ඔවුන් කියන්නේ ඇත්තද, ඔවුන් කියන දේවල් බොරු වුණොත් වෙන්නේ මොකක්ද කියන එක සම්බන්ධව සැබෑවට නීතිරීති ක්‍රියාත්මක වෙලා තියෙනවා. මොන නීති නොතිබ්බත්, මොන විදියට ආවරණය නොවුණත් අපි දන්නවා ජනමාධ්‍යවලින් යම්කිසි අගතියක් කිසිවෙකුට සිද්ධ වුණොත් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ පවා ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම වුණොත් ඒ ආයතන වහලා දාන්න, ඒ ආයතනයේ බලපත්‍රය අහෝසි කරන්න, වන්දි ගෙවන්න, සමාව ගන්න වගේ නිශ්චිත ක්‍රමවේදයකුත් රට ඇතුළේ තියෙනවා.
නමුත් සමාජ මාධ්‍යයට මේ කිසිවක් නෑ. විජිත හේරත් මහත්තයා පහුගිය දවසක කිව්වා වල්බූරු නිදහස දෙන්න බෑ කියලා. ඒක ඇත්ත. අපිත් ඔහු සමග ඉන්නවා. අපි දැක්කා පහුගිය කාලේ විශේෂයෙන්ම ඒ අයගේ පාක්ෂිකයෝ පවා දිගින් දිගටම මිනිසුන්ට අපහාස කරමින්, චෝදනා කරමින්, රිදවමින්, අගතියට පත්කරමින් දරුණු ලෙස හැසිරෙන ආකාරය. මේක හොඳ දෙයක් නෙවෙයි. රටක් විදියට ගත්තම රටක ජනමාධ්‍යයේ තියෙන ක්‍රියාකාරීත්වය මත තමයි ඒ රට ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. රටක ජනමාධ්‍යයක් හිතුවක්කාර විදියට වැඩ කරනවා නම්, රටක ජනමාධ්‍යයක් තමන්ට අවශ්‍ය විදියටම වැඩ කරන්න පෙලඹෙනවා නම් ඒක ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරන දෙයක් වෙනවා. අපි දන්නවා ලෝකේ හැම තැනමත් වගේ ලංකාවෙත් සමාජ මාධ්‍ය නියාමනයට නිසි ක්‍රමවේදයක් නෑ. ලංකාවේ සමාජ මාධ්‍ය සම්බන්ධව නියාමන ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය. නමුත් මේ වගේ ආයතනයකට ලංකාවේ සමාජ මාධ්‍ය නිසියාකාරව නියාමනය කරන්න බෑ. සමාජ මාධ්‍යවල වැඩකරන බොහෝ දෙනෙක් තමන්ට ඕනේ දේවල් සමාජ මාධ්‍යවල පළකරනවා. ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යනවා. අනෙක් අයට රිදවන්න, අගෞරව කරන්න ඕනේ තරම් පෝස්ට් හැදෙනවා. මේවා හුවමාරු වෙනවා. තව කෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් පළකරනවා. වැරැද්දක් දැක්කොත්, අවුලක් දැනුණොත් ඒ පෝස්ට් එක මකලා දාලා නිකන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද පවා නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා අපේ රටේ සමාජ මාධ්‍ය හිතුවක්කාර විදියට තමන්ට ඕනේ විදියට වැඩකරන බව පිළිගන්න වෙනවා.

ඉතින් සමාජ මාධ්‍ය භාවිත කරන අය තමන්ගේ නිදහස වල්බූරු විදියට පාවිච්චි කරනවා නම් ඇත්තටම රටක ජනමාධ්‍යයට තියෙන ඉඩ සමාජ මාධ්‍යයට ලැබිලා නම් රටක මිනිස්සුන්ට, රටක දේශපාලකයන්ට, රටක ව්‍යාපාරිකයන්, රටක ආයතන හිමිකරුවන්ට තවදුරටත් ඒ රටේ වැඩකරන්න පුළුවන්ද කියන එක පවා ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය ඉතාම නරක දෙයක් බවයි අපි විශ්වාස කරන්නේ. විජිත හේරත් මහත්තයා කියන කතාව ඇත්ත. අපිත් ඔහු සමග හිටගන්නවා. අපි දන්නවා නියාමන ක්‍රමවේද කීපයක් ලෝකයේ තියෙනවා. ස්වයං නියාමනය, ව්‍යවස්ථාපිත නියාමනය, සහනියාමනය, අභ්‍යන්තරික නියාමනය. මේ ක්‍රමවේද යටතේ මේවා ක්‍රියාත්මක විය යුතුයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මාධ්‍ය සම්බන්ධයෙන් ලබාදීපු නිදහසක් තියෙනවා. ඒ නිදහස යම් වගන්තිවලින් සීමා කරලා තියෙනවා. ලංකාවේ අපි දන්නවා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අණ පනත් නිර්මාණය වෙලා තියෙනවා. මේ සියල්ලම මාධ්‍ය නිදහස් කරන්න ලබාදීපු අවස්ථා. මාධ්‍ය නිදහස වෙනුවෙන් ලෝකයේ බොහෝ අය හඬ නගනවා. මාධ්‍ය නිදහස් විය යුතුයි කියලා ඔවුන් සටන් කරනවා. නමුත් මතක තබාගත යුතුයි. මාධ්‍ය නිදහස් විය යුතුයි. හැබැයි නිදහස සීමාසහිතයි. නිදහස වල්බූරු වියයුතු නෑ. ජනමාධ්‍යවලට තියෙන පාලනයක් සහිත නිදහස සමාජ මාධ්‍ය විසින් අකටයුත්තක් ලෙස භාවිත කරනවා නම් ඊට විරුද්ධව පියවර ගත්තට ආණ්ඩුවත් එක්ක අපි තරහා නෑ. ඒක ආණ්ඩුවේ වගකීමක්. ඒක ආණ්ඩුවේ යුතුකමක් කියලයි අපි විශ්වාස කරන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නෙළුම් කුළුණේ තවත් ලොකු කේස් එකක්! ඊයේ රෑ වෙඩි තියාගෙන! VIDEO I Sri Lanka Latest News

Next Post

ඡන්දෙ දවසෙ උදේම IMF එක ලංකාවට එනවා! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.