ජනාධිපතිවරයා විසින් පත්කළ තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා, දූෂිත පුද්ගලයෙකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ 06 වැනිදා යාපනයේ දී විරෝධතාවයක නිරත වුණා.
තල් සංවර්ධන මණ්ඩලය සදහා එක් සතියක් ඇතුළත දී සභාපතිවරු දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු වූ අතර දෙවනි වරට පත්කරණ ලද තැනැත්තා දූෂිත පුද්ගලයෙකු මෙන්ම සමාජ විරෝධී ක්‍රියා ගණනාවකට සම්බන්ධ අයෙකු බවද යාපනයේ තල් සංවර්ධන මණ්ඩලයේ සේවක සේවිකාවෝ කියා සිටින බවයි වාර්තා වන්නේ.
ඔහුට එම තනතුර දැරීමට කිසිම සුදුසුකමක් නොමැති නිසා වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කල යුතු බව කියමින් විරෝධාතාවයක නිරත වූ තල් සංවර්ධන මණ්ඩලයේ යාපනයේ සේවක සේවිකාවෝ මේ ගැන තොරතුරු සදහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක්ද යොමුකර තිබෙනවා.
දෙවනි වරට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කල පුද්ගලයාගේ ජීවිතයේ ඉතිහාසය සොයා බලන ලෙසත් ඔහුගේ සමාජ භූමිකාව ගැන සොයා බලා කටයුතු කරන ලෙසත් එම ලිපියේ සදහන්.
hirunews










