ලංකාවේ අංක එකේ කෝටිපතියා ලෙස සැලකෙන ධම්මික පෙරේරා මහතා කොරෝනා වසංගතය හේතුවෙන් අධ්‍යාපනය කඩා වැටී නිවෙස්වලට වී සිටින දහස් ගණනක් වූ සිසු දරුදැරියන් වෙනුවෙන් නොමිලේ ගණිතය ඉගැන්වීම සදහා යූටියුබ් චැනලයක් ආරම්භ කොට ඇත.
DP Education යනුවෙන් නම් කොට ඇති මෙම යූටියුබ් නාළිකාව ඔස්සේ 6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වාම සියලුම ගණිත විෂය පාඩම් ආවරණය වන පරිදි ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.
එහිදී මෙම ගණිත අධ්‍යාපනය සිංහල, දමිල හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම දිවයිනේ පිළිගත් ගණිත ගුරුවරුන් විසින් සිදුකරනු ලබයි.
මීට අමතරව මේ වනවිට ලෝකයේ හොදම විශ්වවිද්‍යාලවලින් නොමිලයේ ලබා දෙන ඔන්ලයින් පාඨමාලා (Online Courses) මෙම වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමටද හැකියාව තිබේ.
ඒ අනුව යූටියුබ්හි DP Education වෙත පිවිසෙන සෑම සිසුවකුටම මෙම ගණිත පාඩම් සහ විදෙස් විශ්වවිද්‍යාලවල ඔන්ලයින් පාඨමාලා සියල්ල නොමිලේ ලබා ගැනීමට හැකියාව ඇත.
සාමාන්‍යයෙන් ධම්මික පෙරේරා මහතා ක්ෂේත්‍රයේ සැලකෙන්නේ ගණිතය විෂය සම්බන්ධයෙන් විශේෂඥයකු ලෙසටය. මේ නිසා ගණිතය විෂය දරුවන්ට ඉගැන්වීම සම්බන්ධයෙන්ද ධම්මික පෙරේරා මහතා නිරතුරුවම නව ක්‍රමවේදයන් අත්හදා බලමින් සිටින්නෙකු වන අතර DP Education යනු එහි එක් ප්‍රතිපලයකි.
එමෙන්ම ධම්මික පෙරේරා මහතා කොරෝනා වසංගතය ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට අත්‍යවශයව තිබූ ස්වශන යන්ත්‍ර හෙවත් Ventilator machine 6ක් ලබා දීමටද පියවර ගෙන තිබිණ.
(ගණිතය විෂය හදාරන දහස් සංඛ්‍යාත දරුදැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතාව උදෙසා හැකිතාක් මෙම පුවත ෂෙයාර් කිරීමට කටයුතු කරන්න)










