• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්ලේන් එකේ ඡන්දේ දෙන්න ආපු අය ආයේ එන්නේ කවද්ද? ඩොලර් එවන්න අමතක වුණාද? ලංකාව නැවත පල්ලෙහාට වැටෙයි! Sri Lanka Latest News

November 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ප්ලේන් එකේ ඡන්දේ දෙන්න ආපු අය ආයේ එන්නේ කවද්ද? ඩොලර් එවන්න අමතක වුණාද? ලංකාව නැවත පල්ලෙහාට වැටෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පහුගිය ඡන්දෙදී අපි දැක්කා රට විරුවෝ ආවා. රට විරුවෝ ආවා ඡන්දේ දාන්න. පිටරට ඉඳලා අය ආවා. එන්න ලෑස්ති වුණා. ප්ලේන් බුක් කළා. ටීෂර්ට් ගැහුවා. කැම්පේන් කළා. ලංකාවට එනවා, අපි ඡන්දේ දෙනවා, අපි දිනවනවා, ලංකාවේ ඡන්ද ගණන් හදද්දී රට ඉඳන් ලක්ෂ 15ක් එනවා, ඒ ලක්ෂ 15න් එක්කෙනාගෙන් ඡන්ද 3 ගානේ වැටෙනවා කියලා ගණන් හදාගත්තා. මේ විදියට විවිධාකාරයේ දේශපාලන ව්‍යාපෘතිවලට සහාය දක්වන එක පිටරට ඉන්න අපේ නෑදෑයන්ගේ හිතවතුන්ගේ සිරිතක්. ඇත්තටම ඒගොල්ලන්ට මේ රටේ තියෙන ප්‍රශ්න විඳින්න වෙන්නේ නෑනේ. දකින්න වෙන්නේ නෑනේ. අහන්න ලැබුණට, ආරංචි වුණාට ඒගොල්ලන්ට මේක ඇතුළේ තියෙන ඇත්ත ප්‍රශ්නේ ඇඟට දැනෙන්න විඳලා නෑ. අන්න ඒ ඇඟට දැනෙන්න වින්දේ නැති බොහෝ දෙනෙක් ලංකාවේ දේශපාලනයේදී සාමාන්‍ය ක්‍රමවේදයට වඩා වෙනස් විදියට පොඩ්ඩක් රැල්ලට යන විදියට වැඩ කරනවා. ඒක අපි වැඩිම දැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආපු වෙලාවේ. ඒ කාලේ තමයි ඔය රට ඉඳන් එන අයට රට විරුවෝ කියලා නමක් එහෙමත් ලැබුණේ. ඒගොල්ලෝ ප්ලේන් පිටින් බුක් කරගෙන, බෝඩ් අරගෙන ලංකාවට ආවා. එහෙම ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වා අපි ගෝඨාභයට ඡන්දේ දෙන්න ආවේ, අපි ගෝඨාභයට ආදරෙයි, අපි මෙන්න මේ නිසා ගෝඨාභය දිනවනවා, අපිට ගෝඨාභය දිනවන්න අවශ්‍යයි වගේ බොහොම දේවල් කිව්වා. පස්සේ ගෝඨාභය රාජපක්ෂ දිනුවා. එතුමාගේ ආණ්ඩුවට ඇත්තටම රටෙන් ලැබුණු ලොකු දෙයක් අපි දැක්කේ නෑ. පිටරටවල ඉන්න කට්ටිය විශාල සහයක් දක්වයි කියලා අපි හිතුවට ඇත්තටම එහෙම දෙයක් වුණේ නෑ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුව ගෙදර ගිහිල්ලා නව දේශපාලන නායකත්වයක් ලංකාවට ඇවිල්ලා, විවිධාකාරයේ වැඩකටයුතු සිදුවෙලා, රටේ දේශපාලන අලකලංචියක් වුණාට පස්සේ ඊළඟ ඡන්දේ ආවා. ඒ ඡන්දෙදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවට පොහොට්ටුවෙන් එන දේශපාලකයාව අතහැරලා දාලා මේ රට ඉන්න බොහෝ දෙනා මාලිමාවත් එක්ක එකතු වුණා. ඒක ඉතාම පැහැදිලිව අපි දන්න කාරණාවක්. වැරැදියි කියලා කියනවා නෙවෙයි, ඔවුන්ගේ එකතු වීමත් එක්ක මාලිමාවට විශාල ප්‍රබෝධයක් ආවා. ඇත්තටම අපේ රටේ ඉන්න බොහෝ දෙනෙක් ලංකාවේ දේශපාලනය වෙනස් කරන්න අවශ්‍යයි කියලා හිතනකොට ඒකට වැඩි සහායක් දැක්වූවේ පිටරටවල ඉන්න උදවිය. ඒ නිසා ලංකාවේ දේශපාලනය වෙනස් කරන්න ලියාපදිංචි ඡන්දදායකයෝ විදියට ඉන්න පිටරටවල ගිහිල්ලා පදිංචි වෙච්ච ශ්‍රී ලාංකිකයෝ කීප දෙනෙක් ලංකාවට ආවා. ලක්ෂ 15ක් විතර එනවා කිව්වට එච්චර ආවේ නෑ. නමුත් සැලකිය යුතු පිරිසක් ලංකාවට ආවා. නොආවත් ඒ අය විවිධාකාරයෙන් සහාය දැක්වූවා. එහෙම සහාය දක්වන අතරතුරේ ඔවුන් කිව්වා අපි සල්ලි එවනවා, අපි ලංකාවට උදව් කරනවා, ආධාර දෙනවා, එක එක දේවල් කරනවා වගේ දේවල් කිව්වා. හැබැයි දැන් අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුව පත්වෙලා අලුත් දේශපාලන ප්‍රවාහයක් නිර්මාණය වෙලා, දේශපාලන වැඩකටයුතු ලංකාවේ සිද්ධ වෙමින් යනවා. ඒත් පුදුමය කියලා කියන්නේ මේ ඡන්දේ දීලා ආපහු පිටරටලට ගිය මේගොල්ලන්ලෝ ඡන්දෙට කලින් කියපු විදියට මේ ඩොලර් ආවෙත් නෑ, ලබාදුන්න දේකුත් නෑ, කරපු ආධාරයකුත් නෑ. දැන් ලංකාව ආයෙත් ණය අරගෙන පරණ පුරුදු විදියටම, පරණ පුරුදු පාරෙම පරණ ගමනම යනවා. (Sri Lanka Latest News)

පිටරට ඉන්න එවුන් ලංකාවට සල්ලි එවනවා නම් හරි ක්‍රමවේදයක් යටතේ ඒක ලංකාව සංවර්ධනය කරන්න ලොකු උදව්වක් වෙනවා කියලා කියන නිසාම අපි හොයලා බැලුවා ඇත්ත කතාව ලංකාවේ ආණ්ඩුවෙන් ඒ මිනිස්සුන්ට ලංකාවට සල්ලි එවන්න පුළුවන් විදියේ පරිසරයක් නිර්මාණය කරලා නෑ. එවන ගාණෙන් ලොකු ගානක් එක එක ජාති නිසා කැපෙන නිසා ඒගොල්ලෝ කරන්නේ උන්ඩියල් වගේ ක්‍රමවලට ලංකාවට සල්ලි එවන එක. ඒවා නීති විරෝධී ක්‍රමවේද. නමුත් ඒ නීති විරෝධී ක්‍රමවේද නීති විරෝධී යැයි නොසලකාම නීති විරෝධී බව දැන දැනම ඒ අය පාවිච්චි කරනවා.

ඒ අතරතුරේ මේගොල්ලොත් එක්ක එකතු වෙනවා කලාකාරයෝ. ඒගොල්ලෝ පිටරටවල ගිහිල්ලා, පිටරටවල ෂෝ කරලා, පිටරට සමාජයත් එක්ක ඇසුරු කරන කට්ටිය. මෙල්බර්න් ෂෝ එක, ඉතාලි ෂෝ එක, නාපොලි ෂෝ එක, ස්වීඩන්ද, එංගලන්තෙද, ඇමෙරිකාවෙද විවිධ රටවල ප්‍රසංග සඳහා යනවා මේගොල්ලෝ. ඒ ප්‍රසංග සඳහා යන්න අවශ්‍ය නිසාම එහෙ කට්ටියගේ මතය මෙහෙ කට්ටියගේ මතය බවට පත්කරලා ඒ කට්ටිය කියන එක, මේ කට්ටිය කියලා නිකන් පොඩි දේශපාලන ලකුණක් දාගන්න හදන බවක් අපි දැක්කා. ලංකාවෙන් පිටරටවල ප්‍රසංගවලට ගිය කට්ටිය එහෙ වේදිකාවලදී දේශපාලනය ගැන කතාකරනවත් අපි දැක්කා. දේශපාලනයට සහාය දක්වනවත් අපි දැක්කා.

මෙන්න මේ කලාකාරයෝ නළාකාරයෝ ඒ වගේම පිටරටවල ඉඳන් ආපු අමුත්තෝ මේ හැමෝටම අපිට කියන්න තියෙන්නේ රටක නායකයා පත්කිරීම විතරක් ඔබ කරලා හරියන්නේ නෑ. ඔබ රටේ නායකයා පත්කරන්න කැප වෙනවා නම්, රටේ නායකයා පත්කරලා, ඒ රටේ නායකයාව පවත්වාගෙන යන්නත් ඔබ කැපවෙන්න ඕනේ. රටේ දේශපාලන බලය පවත්වාගෙන යන්න ඔබ කැප නොවෙනවා නම් ඔබ දේශපාලකයෙක් පත්කරන්න උදව් වෙන්න යන්න එපා. ඒකට හේතුව ඔබ විසින් පත්කරන්න යන නායකයට වගකියන්න ඔබට බැරි නම්, ඔබ ඇයි දේශපාලකයෙක්ව රටේ නායකයා බවට පත්කරන්නේ? ඔබ මොකටද දේශපාලකයන්ගේ දේශපාලන ප්‍රවාහය නිර්මාණය කරන්නේ? මේවා පොඩ්ඩක් හිතන්න. පිටරට ඉඳන් සල්ලි ටික නිවැරැදි ක්‍රමවේදයකින් ලංකාවට එවන්නේ නැතුව, උන්ඩියල් ක්‍රමයට සල්ලි එවලා ලංකාවට ලැබෙන්න තියෙන තුට්ටු දෙක පවා නැතිකරලා දාන විදේශිකයෙක්ට බැහැ ලංකාවේ ජනාධිපතිවරයා පත්වීම සම්බන්ධව දේශපාලනික වශයෙන් මැදිහත් වෙන්න.

ඡන්දේ දෙන්න පුළුවන්. හැබැයි ඔබට තියෙනවා විනයගරුකත්වයක් සහ මානුෂීයත්වයක්, මේ මොහොතේ තමන් ඉදිකරපු නැත්නම් තමන් ඉදිකරපු නොවන පාලකයෝ පත්කරලා, මේ දේශපාලන ක්‍රමයට තමන්ට හවුල් වෙන්න කිසිම අයිතියක් නෑ කියන එක. ඉතින් ප්‍රශ්නය තියෙන්නේ ලංකාවේ හැමදාම වුණේ ඕක. අපි මේ ගැන කීප වතාවක්ම ලිව්වා. එක පාර දෙපාර තුන්පාර නෙවෙයි. පිටරටවල ඉඳලා ඇවිල්ලා මේ නටන පිස්සුව ඡන්දේ කාලෙට විතරක් ඇවිල්ලා ඡන්දේ විතරක් දාලා හෝටලයකින් කාලා පොඩි ජොලියක් අරගෙන ඒගොල්ලෝ ආපහු ඒගොල්ලන්ගේ පරණ පුරුදු ලෝකෙට රිංගගන්නවා. අපි තමයි මේකට වෙලා කිසි ජොලියක් නැතුව හුදෙකලා වෙලා තනිවෙලා ඉන්න ඕනේ. ඒ නිසා රටක් කරනවා නම් ඒ රටට නිවැරැදි පාලකයෝ පත්කරනවා නම් වගකියන්න පුළුවන් වගවෙන්න පුළුවන් අය පත්කරන්න කියලා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘පොල් සංවර්ධන අධිකාරිය’ පොල් වෙනුවට කඩේ තියෙන පිටි කළ පොල් කිරි සංවර්ධනය කරයි! Sri Lanka Latest News

Next Post

රස්සාවක් දෙන්න 50000ක් අරන්! හිටපු නියෝජ්‍ය ඇමැති අවුරුදු 4ක බරපතළ වැඩ ඇතිව හිරේ! තීන්දුව තහවුරුයි! Sri Lanka Latest News

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.