රැකියාවක් ලබාදීම කාන්තාවකගෙන් රුපියල් 50000/- ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩ සහිත වසර 04 ක සිර දඬුවම අභියාචනාධිකරණය විසින් අද (05) තහවුරු කර තිබෙනවා.
අදාළ දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශාන්ත ප්‍රේමරත්න විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින්.
සම්පත් අබේකෝන් සහ පී. කුමාරන් රත්නම් අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
hirunews










