• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ආණ්ඩුවේ විදේශ ඇමැති සුමන්තිරන්! ෆෙඩරල් ව්‍යවස්ථාවක් සූදානම්! රණවිරුවන් දංගෙඩියට අරන් යන්නයි හදන්නේ! ගම්මන්පිල තවත් එකක් පත්තු කරයි! VIDEO I Sri Lanka Latest News

November 2, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මැතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එකතු වන බවත් එම ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ධූරයට එම් ඒ සුමන්දිරන් මහතා සමග එකගතාවයක් ඇති කරගෙන ඇති බවත් සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.Sri Lanka Latest News

රටට පෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, 2015 දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව සම්මත කළ 30/1 යෝජනාව ක්‍රියාත්මක කර කොටි ත්‍රස්තවාදය නිමා කළ රණවිරුවන්ට දඬුවම් කිරීම යන කොන්දේසි යටතේ මෙම ක්‍රියාවලිය සිදු වනු ඇතැයි ද උදය ගම්මන්පිල මහතා වැඩි දුරටත් ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ (01) චූදිත නිලධාරීන් පොලිසියේ ඉහල තනතුරු වලින් වහා ඉවත් කරනු ! යන තේමාව යටතේ මහජන පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කල අවස්ථිාවේදීය.

රවි සෙනවිරත්ත මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉවත්කරන ලෙස මෙම මහජන පෙත්සමින් ඉල්ලා සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා

අද අපි එකතු වුණේ මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල යුතුකමක් කරන්න. ජනාධිපතිතුමා තමන් පත් වෙලා පළමු මාසය ඇතුලත බලය අයුතු ලෙස භාවිතා කිරීම කියන විෂමාචාරය කරනවා. තමන් විපක්ෂයේ දී ගත් ස්ථාවරය බොරු බව ඔප්පු වුණු නිසා චැනල් ෆෝ නාලිකාවේ පාස්කු ප්‍රහාර වැඩසටහන පිලිබඳ සකස් කළ වාර්තාව සඟවන්න උත්සාහ කළා. ඒ වගේම තමන්ගේ දේශපාලන සගයින් දෙදෙනෙකු වැරදිකරුවන් කරලා තිබෙන නිසා ජනාධිපති විමර්ශන කමිටු වාර්තාවක් යටපත් කලා. ජනාධිපති අනුර රවි සහ ශානි වෙනුවෙන් කළ දේ ජනපති ජේ ආර් ගෝනවල සුනිල් වෙනුවෙන් කලේ නෑ. ජනපති ප්‍රේමදාස සොත්ති උපාලි වෙනුවෙන් කලේ නෑ. ජනපතිනි චන්ද්‍රිකා බැද්දගාන සංජීව වෙනුවෙන් කලේ නෑ. ජනාධිපතිවරුන් සිල් රැකගෙන ජීවිත්වෙන පලමු මස ඇතුලත වාර්තා සගවා ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය තොරතුරු දැන ගැනීමේ අයිතිය උදුරාගන්න කටයුතු කරලා නෑ.

ඒ විතරක් නොවේ. පොලිස් විමර්ශනයක චුදිතයින් දෙදෙනෙකුට පොලිසියේ ලොකුම පුටු දෙකක් භාර දීලා. ලෝකයේ කිසිම රටකින් මේ වගේ විහිළුවක් වාර්තා වෙලා නෑ. මේක හරියට නාවල් නිහාල්ව පොලිස්පති කළා වගේ වැඩක්නෙ. ආණ්ඩුව අතින් වරදක් වෙන විට ආණ්ඩුව වැරදි පාරේ යන කොට එඩිතර විපක්ෂයේ කාර්යභාරය විධියට අපි ඒක පෙන්නලා දුන්නා. අපි ද්වේශයෙන් බැන්නේ නෑ. මඩ ගැහුව්වේ නෑ. අපහාස කලේ නෑ. ඉතාම තාර්කිකව සාක්ෂි සහිතව මෙන්න මේ වැරදි දෙක පෙන්නලා දුන්නා. ආණ්ඩුව මොකද කලේ ?

මුලින්ම ජනාධිපතිතුමා මට පදනම් විරහිත චෝදනා හයකින් දමා ගසමින් ද්වේශයෙන් කතා කලා. විජිත හේරත් ඇමතිතුමාට මගේ නම ඇහුනාමත් බූමිතෙල් ගැවිච්ච ගැරඩියා වගේ දගලනවා. මුණ කලු වෙනවා. නායකයෝ දෙන ආදර්ශය නිසා පුංචි පුංචි මාලිමාවෝ සමාජ මාධ්‍ය වල කුනුහරුපෙන් බැන වදින්න පටන් ගත්තා. තර්ජනය කරලා පණිවිඩ එවන්න පටන් ගත්තා. ආණ්ඩුවට අභියෝග කළාම බොරු සිල් පැත්තකට දාලා තමන්ගේ සැබෑ ස්වරූපය පෙන්වන්න ගත්තා. සුදු පිරුවට වීසි කරලා මාලිමාවේ සැබෑ නිරුවත පෙන්වන්න ගත්තා. ජනපතිතුමන්ගේ සිට පුංචි මාලිමාවන් සියළුම දෙනාට ප්‍රණාමය පුදකරන්න මේක අවස්ථාවක් කරගන්නවා ඔවුන්ගේ සැබෑ ස්වරූපය පෙන්නුවාට. සමහරු අපට කියනවා 14දා පස්සේ බලා ගමු කියලා. ඒ අයට අපි කියනවා යකාට බය නැති නිසා තමයි අපි සොහොනේ ගෙවල් හැදුවේ කියලා.

අපේ අත්වල ජරාව ගෑවිලා නෑ. අපේ අත්වල ලේ ගෑවිලා නෑ. ඒ නිසා අපිට ආණ්ඩුව ඉදිරියේ පැකිලෙන්න කිසිම හේතුවක් නෑ. ආණ්ඩුවට අයිති බෝල්පොයින්ට් පෑනක් එක කඩදාසි කොලයක් ගෙදර ගෙනිහින් තිබෙනවා නම් ඔප්පු කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. 2015 ආණ්ඩුවේ දූෂණ පෙන්වන කොට අපේ යටතේ තිබුණු ආයතන වල ගිණුම් විගණන පිට විගණන කලා දූෂණයක් සොයා ගන්න. කිසිම දූෂණයක් සොයා ගන්න බැරි වුණා. අන්තිමට සුද්දෙක්ව පිටරටින් ආනයනය කළා මට විරුද්ධව පැමිණිල්ලක් කරන්න. බැලින්නම් ඒ සුද්දා කූට ලේඛණ හදපු කෙනෙක් උසාවියට බොරු කියලා දඬුවම් වින්ද කෙනෙක්. තමන් කියන්නේ බොරු බව උසාවියේ දී පිලිගත්තා. මේ දවස්වල අපට විරුද්ධව නවකතාකරුවන් එකතු කරගෙන බොරු පැමිණිලි අළුතින් හදනවා ඇති. ඒවා නිසා එඩිතර විපක්ෂයේ කාර්යභාරයෙන් අපි ඉවත් වෙන්නේ නෑ.

රවි සෙනෙවිරත්න මැතිතුමා සම්බන්ධයෙන් අපි මතු කලේ කාරණා තුනයි. 2019 අප්‍රේල් 9දා පාස්කු ප්‍රහාරය කරන අය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුලත් වාර්තාවක් තමන්ට ලැබුණා ද නැද්ද? ප්‍රහාරකයන්ගේ නම් ජාතික හැදුනුම්පත් අංක, දුරකථන අංක, ලිපිනයන්, රහසිගතව යන එන තැන්, එන යන වේලාවන් මේ සියල්ල වාර්තාවල තිබුණා. කිසිම පියවරක් නොගෙන ඒ වාර්තාව දවස් 12ක් තමන් භාරයේ තබාගෙන සිටියා ද නැද්ද? රවි සෙනෙවිරත්න මහතාගේ ඒ නොසැලකිල්ල පාස්කු ප්‍රහාරය සිදු වීමට තුඩු දුන්නා ද නැද්ද? මේ ප්‍රශ්න තුනට පිලිතුරු දෙනවා වෙනුවට අපිට මඩ ගහන එකයි ආණ්ඩුව කලේ. ආණ්ඩුවට එහෙමනම් රවි සෙනවිරත්ත මහත්තයගෙන් අහන්න පුලුවන් කවුද ඔබට පියවරක් නොගෙන මේ තොරතුරු තබාගන්න බලපෑම් කලේ කියලා. ඒක සොයා ගත්තොත් කාදිනල් තුමන් සොයන මහ මොලකරුත් එතනින්නම සොයාගන්න පුළුවන්.

හරි නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ මොකක්ද? මේ දෙන්නා තනතුරු වලින් ඉවත් කරලා මේ අය උසාවියෙන් නිදොස් කර නිදහස් කලොත් තනතුරු යලි දෙන එක. නැතිනම් අඩුම ගණනේ අභියාචනාධිකරයට කරුණු දක්වලා මේ වාර්තාවල නිගමන අහෝසි කර ගන්න එක. නමුත් ආණ්ඩුව මොකද කලේ? ඉතාම මුරණ්ඩු විධියට ජනාධිපති විමර්ශන වාර්තාව ප්‍රතික්ෂේප කලා. විමර්ශන වාර්තාවක් ආණ්ඩුවට නිකන්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. අභියාචනාධිකරණයට ගිහින් නිගමන අහෝසි කර ගන්න ඕනි කියන එකවත් මේ ආණ්ඩුව දන්නේ නෑ.

ආණ්ඩුව ඉතාම මුරණ්ඩු විධියට මේ වාර්තා ප්‍රතික්ෂේප කරලා රවි ශානි දෙන්නා රැක ගන්න හදන්නේ ඇයි? මේ දෙන්නා ලවා කර ගන්න ලොකු වැඩක් ආණ්ඩුවට තිබෙනවා. ඒ තමයි ඉලංකෙයි තමිල් අරසු කච්චි මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුවට එකතු වෙනවා. එවිට මී ලඟ ආණ්ඩුවේ විදේශ ඇමති වෙන්න එම් ඒ සුමන්දිරන් මන්ත්‍රිතුමා සමග එකගතාවයක් හදාගෙන තියෙනවා. ඕනෑම මන්ත්‍රිවරයෙකුට ආණ්ඩුවේ ඇමති ධූරයක් ගන්න අයිතියක් තිබෙනවා. අපි ඒ අයිතියට ගරු කරනවා. අයිටැක් පක්ෂය ආණ්ඩුවට එකතු වෙන්න කොන්දේසි දෙකක් දාලා තිබෙනවා. අන්න ඒ කොන්දේසි තමයි ප්‍රශ්නය. පළමු කොන්දේසිය තමයි පෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න ඕනි කියන එක. ඒකට නම් මාලිමාව කැමැත්ත දුන්නු බව හැමෝම දන්නා කරුණක්. දෙවැනි කොන්දේසිය තමයි 2015 දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව සම්මත කළ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම. ඔය නොකියා කියන්නේ කොටි ත්‍රස්තවාදය නිමා කළ රණවිරුවන්ට දඬුවම් කරන රණවිරු දඩයම යළි පටන් ගන්න කියලා.

2015 ආණ්ඩුවේ රණවිරු දඩයමට නායකත්වය දුන්නේ රවි – ශානි දෙන්නා. මේ දෙන්නා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මොන වැරැද්ද කරලා තිබුණත් පොලිසියේ තනතුරු වලින් ඉවත් කලොත් රණවිරු දඩයම අසාර්ථක වෙනවා. ඒ නිසා තමයි ඕනෑම අවදානමක් අරගෙන මේ දෙන්නා රකින්න ආණ්ඩුව ඉදිරිපත් වෙලා ඉන්නේ.

ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් තමන්ගේ පළමු මාසය ඇතුලත මේ ආකාරයෙන් හැසිරිලා නෑ. මෙහෙම නීතිය යුක්තිය නොසලකා හැරලා නෑ. හැම ආණ්ඩුවක්ම පහු පහු වෙනකොට කොහු කොහු වුණු එක වෙනම කතන්දරයක්. ඒ නිසා මේ ආණ්ඩුව නිවැරදි මාවතට ගැනීමට ජනතාවගේ හෘද සාක්ෂිය අවදි කළ යුතුයි කියලා අපි හිතුවා . ඒ නිසා ජනාධිපති විමර්ශන කමිටු මගින් වැරදිකරු කළ රවි සෙනෙවිරත්න මහතා පොලිසිය භාර අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කළ යුතුයි කියලා අපි මහජන පෙත්සමක් අත්සන් කරන්න තීරණය කලා. විශේෂයෙන්ම මේ සමබන්ධයෙන් හෘද සාක්ෂිය අවදි කළ යුත්තේ මාලිමාවට ඡන්දය දුන් අය. ආණ්ඩුව නිවැරදි මාවතේ යන බවට වග බලා ගන්න වැඩිම වගකීම තිබෙන්නේ ඒ අයට. ඒ නිසා මේ පෙත්සමට අත්සන එකතු කිරීම හරහා මාලිමා පාක්ෂිකයින් මේ සටනට තමන්ගේ හෘද සාක්ෂිය එකතු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

අපි ඉදිරියේ දී මේ පෙත්සම අරගෙන ගෙයින් ගෙට එනවා. ඒ වගේම අන්තර්ජාලය හරහාත් පෙත්සම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ යුක්තිගරුක නීතිගරුක සෑම පුද්ගලයෙකුම පක්ෂ භේද පැත්තකින් තියලා තමන්ගේ අත්සන මේ පෙත්සමට එකතු කරලා තමන්ගේ හෘද සාක්ෂිය මේ සටනට එකතු කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සදහා සහභාගී විය.

SendShareShare
Previous Post

ලක්ෂ 7ක් මග එනවා! ඊළඟ ටෙන්ඩරයත් දාලා! තව මාසයක් යද්දී පාස්පෝට් පෝලිම ඉවරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කමල් අද්දරආරච්චිව කැපුවේ මාලිමාවෙන්ද? JVP එකෙන්ද? මේ කතාව හොඳට අහන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.