මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරා එවිය යුත්තේ පළපුරුද්දක් සහිත අය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීගමුවේ පැවැති ජන රැලියකදී කළ ප්‍රකාශයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (31) මාතරදී පිළිතුරු ලබාදුන්නා. (Sri Lanka Latest News)
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට අනුව පළපුරුදු අය ලෙස ඔහු හඳුන්වන්නේ හොරකම් කිරීමට, ජනතා ධනය කොල්ලකෑමට දක්ෂ අය පාර්ලිමේන්තුවට තෝරා එවිය යුතු බවයි.










