වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතන 6ක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය සෙනසුරාදා නිකුත් කර තිබේ.
ඒ අනුව අපි වෙනුවෙන් අපි අරමුදල, ජාතික පොලිස් ඇකඩමිය, මිලෝදා ආයතනය, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික අධිකාරිය, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බළකා දෙපාර්තමේන්තුව මෙසේ තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.











