රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන බව ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළද, ඔහු ඉන් ජයග්‍රහණය කළේ නම් රටේ තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඔහුටද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට හැකියාවක් නොතිබූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. (Sri Lanka Latest News)
එබැවින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට ගොස් රටේ ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍රකර නොගනු ඇති බව තමන් විශ්වාස කරන බව අමුණුගම මහතා සඳහන් කළා.









