ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙරටට පැමිණි එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව කටුනායක ගුවන්තොටුපළේදී අද පස්වරුවේ හදිසි පරික්ෂාවකට ලක් කර තිබෙනවා.Sri Lanka Latest News
එම අවස්ථාවේ යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 08 දෙනෙකු සහ මගීන් 108 දෙනෙකු සිටි නමුත් කිසිවක් සොයාගැනීමට හැකිවූයේ නැහැ.
මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙලෙස ඉන්දියානු ගුවන් සමාගම්වලට අයත් යානා කටුනායක ගුවන්තොටුපළට ගොඩබස්සවා පරීක්ෂා කරනු ලැබුවේ බෝම්බ තර්ජන එල්ලවීම හේතුවෙන්.










