ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතාගේ නිවසේ සේවය කළ කාන්තාවක් දරුණු හිංසනයකට ගොදුරුව ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
තමන්ට සිද්ධ වන හිරිහැර සම්බන්ධයෙන් අදාල කාන්තාව, ඇගේ මිතුරෙකු මාර්ගයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය දැනුවත් කර තිබේ.
කෙසේ වෙතත් මහකොමසාරිස්වරයාට ලැබී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හේතුවෙන් අදාල සිද්ධිය පරීක්ෂා කර බැලීම සදහා බ්‍රිතාන්‍ය පොලිසිය ඒ මොහොතේ එම නිවසට ඇතුළු වී නැත.
රෝහිත බෝගොල්ලාගමගේ නිවසේ සේවය කළ අදාල කාන්තාව මේ වන විට හදිසි ගුවන් ගමන් බලපත්‍රයකින් දිවයිනට එවා ඇති බව වාර්තා වේ.










