මුළු රටේම ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට ගමේ වෙනසක් ඇතිකරමින් මුළු රටම ඩිජිටල්කරණය කිරීම සඳහා ඉදිරි සති කිහිපය ඇතුළත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.Sri Lanka Latest News
මහ මැතිවරණය ඉලක්ක කොට තංගල්ලේ පැවැත්වූ පළමු ජන රැලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණ කළේය.
මෙම තොරතුරු තාක්ෂණ විශේෂඥයා ශ්‍රී ලාංකිකයකු බවත්, ඔහු දැනට ඇමෙරිකාවේ දැවැන්ත සමාගමක ඉහළ වැටුපකට සේවය ලබාදෙමින් සිටින බවත් කී ජනාධිපතිවරයා, සිය ආරාධනාව අනුව හෙතෙම ලංකාවට පැමිණීමට එකඟතාව පළකොට ඇති බවත්, ස්වේච්ඡාවෙන්ම සිය සේවය මවු රට වෙනුවෙන් ලබාදීමට ඔහු කැමැත්තෙන් සිටින බවත් සඳහන් කර සිටියේය.
ඒ අනුව, ඉදිරියේදී රටේ ප්‍රධාන මර්මස්ථාන ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඩිජිටල්කරණය කොට ජනතාවට කාර්යක්ෂම සේවාවක් සහ වංචා දූෂණ අවම තත්ත්වයක් නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.









