• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරු දෙන්නෙක් හංගගෙන හිටියා කියපු – ගම්මන්පිල එළියට දැම්ම පාස්කු වාර්තාවේ ආන්දෝලනාත්මක පිටු ටික මෙන්න! Sri Lanka Latest News

October 26, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ත්‍රි’මලේ ඉතුරු තෙල් ටැංකි ටිකත් ඉන්දියාවටම! ගම්මන්පිල ඉන්දියාවේ පත්තරයකටම කියයි!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක සතියක් තුළ ප්‍රසිද්ධ කරන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබාදුන් කාලය පසුගිය 21 වැනිදායින් අවසන් වුණා. එසේ රජය විසින් එම වාර්තා දෙක ප්‍රසිද්ධ නොකළ නිසා උදය ගම්මන්පිල මහතා පසුගිය 21 වැනිදා මාධ්‍ය හමුවක් කැඳවමින් එම වාර්තා හෙළිදරව් කර සිටියා. එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේ ප්‍රකාශ කළා. (Sri Lanka Latest News)

‘පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීමට අතිගරු ජනාධිපතිතුමාට ලබාදුන් කාලය අද උදෑසන 10ට අවසන් වුණා. තව විනාඩි 20ක සහන කාලයක් දුන්නා. ඒ නිසා මම දැන් මාගේ යුතුකම ඉටුකරන්න සූදානම්.

ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන කාලේ මීට වඩා බොහොම දරුණු විදියට තමයි එවක ජනාධිපතිතුමාගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලීමක් කළේ.

මේ තිබෙන්නේ පළමුවැනි කමිටු වාර්තාව. ඒ කමිටුවේ විෂය පථය වෙන්නේ චැනල් ෆෝ නාලිකාව එල්ල කරන ලද චෝදනා 25ක ඇත්ත නැත්ත විමර්ශනය කිරීමයි. මේ තිබෙන්නේ දෙවැනි වාර්තාව. මේ වාර්තාවේ විෂය පථය වෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියෙන් හෝ බුද්ධි අංශවලින් යම් අතපසු වීමක් වැරැද්දක් සිදුවුණාද කියන එක විමර්ශනය කිරීම.

2024 සැප්තැම්බර් 14 වැනිදා. ඒ කියන්නේ වත්මන් ජනාධිපතිතුමා පත්වෙන්න හරියටම සතියකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාරදුන්නා. දැන් මේ වාර්තාව සඟවා තබන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව උත්සාහ දරන්නේ ඇයි? අන්න ඒකට උත්තරේ මේ වාර්තාවේ තිබෙනවා. මේ වාර්තාවේ 40 වැනි පිටුවේ මෙහෙම කියනවා.

‘රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් 2019 අප්‍රේල් 09 වැනිදා මොහොමඩ් සහරාන් ඇතුළු ජාතික තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් ප්‍රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බව විදේශීය බුද්ධි අංශයකින් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දෙනවා…’

කවුද මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා? වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා. මේ ලිපියේ ප්‍රහාරය එල්ල කරන ත්‍රස්තවාදීන්ගේ නම්, ජාතික හැඳුනුම්පත් අංක, දුරකතන අංක, ලිපිනයන්, සාමාන්‍යයෙන් ගැවසෙන තැන්, ඇසුරු කරන අය, සමහරුන් නම් රෑට රෑට ඉඳලා හිටලා යන තැන් සහ යන වෙලාව සහ එන වෙලාවත් සඳහන් කරලා තියෙනවා. ඒ තරම් විස්තරාත්මක වාර්තාවක්.

අප්‍රේල් 09 වැනිදා මේ ලිපිය එන විට රවී සෙනෙවිරත්න මහතා විදේශගත වෙලා. නැවත ලංකාවට ඇවිත් ලිපිය දකින්නේ 16 වැනිදා කියලා රවී සෙනෙවිරත්න මහතා කියනවා. ඒ අනුව සී.අයි.ඩී. එක භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාව වැඩ ආවරණය කරන්න පත්කරනවා. එහෙම කළා නම් සතියක් මේ ලිපිය නාගහමුල්ල මහතාගේ අතට නොගොස් රවී සෙනෙවිරත්න මහතාගේ මේසය උඩ තිබුණේ කොහොමද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඔය ප්‍රශ්නය ඔය විදියටම විමර්ශන නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කරනවා. ඒ අයගේ පිළිතුර වෙන්නේ රහස්‍ය යැයි කියලා එන ලියුම් විවෘත කරන්න එපා, මම කඩනකල් මේසය උඩ තියලා තියන්න කියලා රවී සෙනෙවිරත්න මහතා උපදෙසක් ලබාදුන්නා කියලා. එන ලියුම් බලන්න අයිතියක් නැත්නම්, වැඩ ආවරණය කරන නිලධාරියාට තමන්ගේ රාජකාරිය කරන්න බෑ. එතකොට රවී සෙනෙවිරත්න මහතාගේ නීති විරෝධී උපදෙස නිසා මේ ලියුම මේසය උඩ තියෙනවා. ඒ කියන්නේ සහරාන්ලා අරෙහේ බෝම්බ හදනකොට, සහරාන්ලා මෙහෙම ප්‍රහාරයක් කරගන්නවා කියලා වීඩියෝ පටය පටිගත කරනකොට, මේ බෝම්බ ටික කොළඹට ප්‍රවාහනය කරනකොට සහරාන්ලගේ සියලු විස්තර ඇතුළත් ලිපියක් රවී සෙනෙවිරත්න මහත්තයාගේ මේසය උඩ ‘අනේ මාව බලාපියෝ’ කියලා විලාප නගමින් මේසෙ උඩට වෙලා තියෙනවා.

රවී සෙනෙවිරත්න මහත්මයා මේ ලිපිය අප්‍රේල් 16 වැනිදා බලලා මැයි 01 වැනිදා වන විට විමර්ශනයක් කර ප්‍රගතිය වාර්තා කරන්න කියලා සටහනක් දමනවා. නමුත් සී.අයි.ඩී. භාර නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාට යොමුකරන්න භාරදෙන්නේ 19 වැනිදා. ලේඛනයට ඇතුළත් වෙලා තියෙන්නේ 16 වැනිදා සටහන දාපු එක 19 වැනිදා. හැබැයි අබිරහස් ලෙස අප්‍රේල් 21 වැනිදා බෝම්බය පුපුරුවා ගන්නා තුරුම මේ ලිපිය නියෝජ්‍ය පොලිස්පති නාගහමුල්ල මහතාගේ අතට යන්නේ නෑ. ඒ කියන්නේ මේ ලිපිය යන්නේ බෝම්බය පුපුරුවා ගැනීමෙන් පසු දින. ඒ කියන්නේ අප්‍රේල් මාසේ 22 වැනිදා බෝම්බයෙන් පස්සේ මෙවැනි ලිපියක් එව්වාය කියලා බුද්ධි අංශවලින් කියද්දී, 22 වැනිදා උදේ පාන්දර ඇවිල්ලා මේක බලලා, 16 වැනිදාට සටහනක් දාලා, සිකුරාදා යවන්න යොමු කළාය කියලා දැන්මාය කියන සාධාරණ සැකය ඕනෙම කෙනකුට ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේක සතියක් මේසය උඩ තිබුණා මදිවාට මැයි 01 වැනිදා වෙනකල් කල් දෙනවා මේ ගැන සොයාබලා වාර්තා කරන්න. මොකක්ද මේකෙන් පේන්නේ? රවී සෙනෙවිරත්න මහතා ලිපිය කියවන්නෙවත් නැතුව එහි කිසිම බරපතළකමක් තේරුම් නොගෙන මේ සටහන යෙදූ බව.

අප්‍රේල් මාසේ 18 වැනිදා ප්‍රහාරයට කොළඹ එන්න කලින් තමන්ගේ බිරිඳ සහ දරුවන් කුරුණෑගල තියෙන බිරිඳගේ මහ ගෙදරට ඇරලවන්න සහරාන් යනවා. 18 වැනිදා වනවිටවත් සෝදිසි රැකවල් යොදලා තිබුණා නම් සහරාන් ඇතුළු කණ්ඩායමම අත්අඩංගුවට ගන්න තිබුණා. මෙන්න මේ තත්ත්වය මත මේ වාර්තාවේ 41 වැනි පිටුවේ කියනවා ‘සාපරාධී නොසැලකිල්ල මත රවී සෙනෙවිරත්න මහතාට අපරාධ නඩු පවරා දඬුවම් කළ යුතුයි’ කියලා. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයෙක් බවට පත්වෙන්න ඕනේ රවී සෙනෙවිරත්න මහතා තමයි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පොලිසියේ ලොකුම ලොකු පුටුවේ දැන් වාඩිවෙලා ඉන්නේ. සොත්ති උපාලිව පත්කළා වගේ වැඩක්. මෙයාගේ අධීක්ෂණය යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අලුතින් කරනවාය කියන විමර්ශනය සිදුකළොත් පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටුවේවිද? මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වෙනුවට හොරාගෙන්ම පේන අහනවා වගේ වැඩක්.
අල්විස් වාර්තාවේ 14 වැනි පිටුවේ ‘සී.අයි.ඩී.ය නිසි ලෙස සිය රාජකාරිය ඉටු නොකිරීම නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට අමතරව එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාටත් අපරාධමය නඩු පැවරිය යුතුයි’ කියලා නිර්දේශ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සී.අයි.ඩී. අධ්‍යක්ෂ ධුරය දැරූ ශානි අබේසේකර මහතා පවා විශ්වාස කරන මාලිමා ජාතික ලැයිස්තුවේ සිටි මොහොමඩ් ඊබ්‍රාහිම් මහතා බේරාගැනීම සඳහා පාස්කු ප්‍රහාරයේ සැබෑ තොරතුරු විකෘති කරලා සමස්ත ජාතියම නොමග යැවීමේ යටි අරමුණෙන් මේ පත්වීම සිදුකළාය කියන සාධාරණ සැකය අපට ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධමය නඩු පැවරීම හෝ විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන් 17 දෙනෙක්ගේ නම් මේ වාර්තාවේ අඩංගු වෙනවා.

ඒ වගේම ජනාධිපතිතුමනි, මේ කමිටු දෙක නිකන්ම නිකන් කමිටු දෙකක් කියලා ඔබතුමා ඊයේ වේදිකාවේ කියනවා. මේ වාර්තා දෙකේ මුල් පිටුවේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ Report of the committee of inquiry. ඒ කියන්නේ විමර්ශන කමිටු තමයි. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ භාෂා පරිවර්තකයා වහාම සේවයෙන් ඉවත් කරන්න කියලා මම ඔබතුමාට නිර්දේශයක් කරනවා. රවී සෙනෙවිරත්න මහතා වහාම තනතුරෙන් පහකිරීම, තමන් සිතාමතා ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය අහුරන්න, තමන්ගේ සගයන් දේශපාලන මිත්‍රයන් රැකගන්න වාර්තා යටපත් කිරීම පිළිබඳ ජාතියෙන් සමාව ගැනීම කියන කාරණා දෙක නොකළොත් ඉදිරි පාර්ලිමේන්තුවේදී අපි ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරනවා.

දෙවැනි වාර්තාව 28 වැනි සඳුදා උදෑසන 10ට මෙම ස්ථානයේදී හෙළිකරන්න බලාපොරොත්තු වෙනවා…’ යනුවෙන් උදය ගම්මන්පිල මහතා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

එම 17 දෙනා අතරට එවක පොලිස්පති පූජිත් ජයසුන්දර, එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එම දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, එවක ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවක බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ බී.ඒ.ඊ. ප්‍රසන්න, කොළඹ දිසාව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, විශේෂ කාර්ය බළකායේ එවක අණ දෙන නිලධාරී එම්. ලතීෆ් ද ඇතුළත්.

එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සම්බන්ධයෙන් මෙම වාර්තාවේ නිර්දේශ ඉදිරිපත් කර නැතත්, ඔවුන් පිළිබඳ නිරීක්ෂණ කිහිපයක් ඇතුළත්වේ. අල්විස් කමිටු වාර්තාවේ දැක්වෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අදාළ බුද්ධි තොරතුරු ලැබී නොමැති නමුත්, ඔහුගේ ක්‍රියාකලාපය රටේ ආරක්ෂාව පිරීමට බලපා තිබූ බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරය රාජකාරිවලට පමණක් සීමා නොවී ජනාධිපතිවරයා සමග මීට වඩා සහයෝගයෙන් යුතුව ක්‍රියා කිරීමට ඉඩ තිබූ බවද වාර්තාවේ දැක්වෙනවා.

උදය ගම්මන්පිල මහතාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව එහි සිටි මාධ්‍යවේදියෙක් ඔහුගෙන් මෙසේ විමසා සිටියා.

මාධ්‍යවේදියා
පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ රටේ ජනතාව යුක්තිය ඉෂ්ට කරන්න ඉස්සෙල්ලාම බලය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ඔබතුමත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් වෙලා හිටපු ආණ්ඩුවට. ඒ කාලේ විමර්ශන කරලා අද ඔය කිව්ව රවී සෙනෙවිරත්නට එරෙහිව තියෙන චෝදනා ඉදිරිපත් කරන්න හරි, මේ තොරතුරු අනාවරණ කරගන්න හරි බැරිවුණේ ඇයි?
උදය ගම්මන්පිල
ඔබතුමා දන්නවා ඒ විමර්ශන කරනකොට සී.අයි.ඩී. එකේ ප්‍රධානියා විදියට හිටියේ කවුද? රවී සෙනෙවිරත්න මහත්තයා. මමත් වැරැද්දක් කරලා තියෙනවා. අල්ලගෙන පලයං කියලා එතුමා ඉල්ලන්නේ නෑනේ. එතුමා විශ්‍රාම ගත්තට පස්සේ තමයි එයා යටතේ ඉන්න නිලධාරීන් හරහා මේ තොරතුර එළියට එන්නේ.’
මාධ්‍යවේදියා
‘ජනාධිපතිවරයා ඊයේ කටුනායකදී කියනවා යුක්තිය ඉටුකිරීම කඩාකප්පල් කරන්න වෙනත් මතයක් සමාජයේ ගොඩනගන්න උත්සාහ කරනවා කියලා?
උදය ගම්මන්පිල
‘හැබැයි පාස්කු විමර්ශනයේ ප්‍රධාන චූදිතයෙක්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීම විමර්ශනයට සහාය වීමක්ද? කඩාකප්පල් වීමක්ද? ඒ අනුව ජනාධිපතිතුමනි, විමර්ශනයට සහාය වී ඇත්තේ මමයි. විමර්ශනය කඩාකප්පල් කිරීමට උත්සාහ කර ඇත්තේ ඔබයි.’
මාධ්‍යවේදියා
‘කාදිනල් හිමිපාණන් ඊයේ රාගමදී ප්‍රකාශයක් කරනවා මේ කියන්නා වූ වාර්තාවක තියෙනවා රජයේ නිලධාරීන් දෙන්නෙක් ගැන. අපි පිළිගන්නේ නෑ. මොකද මේක පැවැති ආණ්ඩුව හිතාමතාම තමයි මේක වාර්තාවට එබුවේ කියලා?’
උදය ගම්මන්පිල
‘එතුමා ඊයේ තමයි කියන්නේ එහෙම කතාවක්. එතෙක් එතුමාට ලැබිච්ච බවක්වත් කියලා තිබුණේ නෑ. එතුමා කතෝලික ප්‍රජාවෙන් සඟවා ගැනීමේ වරදක් කරලා තියෙනවා. කාදිනල්තුමාට නෙවෙයි කිසිම කෙනකුට සාධාරණ අයිතියක් නැහැ, වාර්තාවක් අතට ලැබුණට පස්සේ ඒ වාර්තාව තමන්ගේ හිතළුවලට ගැළපෙන්නේ නැති වුණාම, තමන්ට අවාසි වුණාම මේ වාර්තාව පිළිගන්නේ නෑ කියන්න. මේ වාර්තාව දෙන්නේ සැප්තැම්බර් මාසේ 14 වැනිදා. ඒ වාර්තාවේ නිගමනයන්ට එළඹෙන්න ඇත්තේ ඊටත් මාස දෙකකට විතර කලින්. මොකද වාර්තාව හදන්නත් යම් කාලයක් යන නිසා. එතකොට මෙතුමන්ලා රවී සෙනෙවිරත්න මැතිතුමන්ලා ආණ්ඩුවේ තනතුරු ගන්න බව දනිමින් ඒ නිසා මේ දෙන්නගේ නම් දැම්මා නෙවෙයි, අනාගතයේ මේ අය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙනවාය, ශානි අබේසේකර මහත්තයා යළි කොන්ත්‍රාත් පදනමින් පොලිසියේ වැඩ කරන්න එනවාය. ඒ නිසා කාදිනල්තුමන් එළඹෙන ඒ නිගමනය අතිශයින්ම අතාර්කිකයි. අනුර කුමාර මහත්තයව අපහසුතාවට පත්කරන්න අවශ්‍ය වුණා නම්, එතුමා ජනාධිපති වෙන එක වළක්වගන්න අවශ්‍ය වුණා නම්, කතෝලික තීරයේ ඡන්ද ටික එතුමාට ලැබෙන එක වළක්වා ගන්න අවශ්‍ය වුණා නම් හිටපු ජනාධිපතිතුමාට මේ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට හැකියාව තිබුණා. අනුර කුමරු රජවීම ගැන සිහිනයක් දුටු නිසාදෝ මෙවැනි බරපතළ වාර්තාවක් හෙළි නොකර සිටියේ…’

SendShareShare
Previous Post

හොරුන්ගේ හොර වාහන හොර බොරු එක්කම එළියට එයි! නුවරින් – කුරුණෑගලින් සැප වාහන මතුවෙයි! Sri Lanka Latest News

Next Post

කොළඹින් චමල් සංජීවට ලොකු තැනක්! රාජ්‍ය-පෞද්ගලික වෘත්තීය සමිති රැසක් චමල් දිනවන්න එකතු වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

"මේ යන විදිහනම් එච්චර හොඳ නෑ.. ට්‍රම්ප්ගේ බද්ද ආයෙත් අපිට බලපානවා" Sri Lanka Latest News

Read more
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.