• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරුන්ගේ හොර වාහන හොර බොරු එක්කම එළියට එයි! නුවරින් – කුරුණෑගලින් සැප වාහන මතුවෙයි! Sri Lanka Latest News

October 26, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවට වාහන ගෙන්වීම ගැන බොහෝ විට තැන් තැන්වලදී අපි ඇහුවා. ඇත්තටම ලංකාවට සෑහෙන කාලෙකින් වාහන ගෙන්වන්නේ නෑ. දැන් අපි පදින්නේ ඉතා පැරැණි වාහන. ඒ නිසා වාහන ප්‍රශ්න තියෙනවා. වාහන කොටස් පවා ආනයනය කිරීම නතර කරලා තියෙන්නේ සල්ලි නැති නිසා රටට. ඒ නිසා කිසි දෙයක් අපට කියන්න බෑ. ඒ අස්සේ අපට මුණගැහෙනවා මිට්සුබිෂී රථයක්. ඒ වගේම බී.එම්.ඩබ්ලිව්. රථයකුත් හොයාගන්නවා. මේවා අතිසුඛෝපභෝගී රථ. පසුගිය 20 වැනිදා පස්වරුවේ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් තමයි මේවා අත්අඩංගුවට ගන්නේ. ඒ අත්අඩංගුවට ගන්නේ හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑණාගේ අනිවත්තේ පිහිටි නිවසේ සඟවා තිබියදී. මේ වාහනවලට කිසිම ආකාරයක නීතිමය ලේඛනයක් නෑ. කෝටි 6කට ආසන්න වටිනාකමක් සහිත මේ මෝටර් රථ දෙක තීරුබදු ගෙවීමකින් තොරව, වරායෙන් රහසිගතව පිටකරලා තියෙන බවට තමයි සැක කරන්නේ. (Sri Lanka Latest News)

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය විවාහ වෙලා ඉන්නේ මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මෝටර් රථ අලෙවි ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක්ගේ පුතෙක් සමග බවත්, ඔවුන්ගේ පුද්ගලික කාරණාවල යම් යම් දේවලුත් අපට දැනගන්න ලැබෙනවා. මේ වාහන දෙක සම්බන්ධව මහජන පැමිණිල්ලක් ලෙස තොරතුරු ලැබෙන්නේ 1997 කියන අංකයට. එම තොරතුරෙන් කියැවෙන්නේ සැකකටයුතු වාහන දෙකක් අරුප්පොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබෙන බව. මේ පිළිබඳ මහනුවර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරගේ උපදෙස් මත කරපු වැටලීමකදී තමයි මේ වාහන දෙක හොයාගන්නේ.

මේ අතර නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථවල කතාවක් ආයෙත් එළියට එනවා. ඒ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයිති මෝටර් රථ දෙකක් ගැන කියලා තමයි කියන්නේ. මේ වාහන නීති විරෝධී ලෙස එකලස් කරලා තියෙනවා, ඒ වගේම මේවා ලියාපදිංචි කරලා නෑ. විමර්ශන නිලධාරීන් කියා සිටින්නේ ඩබ්ලිව්.පී.සී. 2424-0430 දරන ගරාජ් අංකය සහිත බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් හිල්ටන් හෝටලයේ වාහන අංගණයේ සැකකටයුතු ලෙස නවතා ඇති බවට ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගොස් කළ පරීක්ෂාවේදී මේ පිළිබඳ හඳුනාගත් බව. මේ පිළිබඳ හෝටලයේ ආරක්ෂක කළමනාකරුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ හෝටලයේ දීර්ඝ කාලයක සිට නවාතැන් ගෙන සිටි ගාමිණී අබේරත්න නමැති පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින මෙම මෝටර් රථය මෙම ස්ථානයට ගෙනැවිත් නවතා ඇති බවට අනාවරණ වූ බවයි සඳහන් කරන්නේ. මේ පිළිබඳ හෝටලයට අදාළ බලධාරීන්ගෙන් විමසීමෙන් අනතුරුව අදාළ පරීක්ෂණ කටයුතු ඉදිරියට කරගෙන ගිහිල්ලා තියෙනවා. මේ විදියට දැනගන්න ලැබෙන්නේ මේ වාහනය හිමිකාරීත්වය සටහන් වෙලා තියෙන්නේ නාවල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට බව. එම සමාගමේ හිමිකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් මෝටර් රථයේ අංකය 2024 මාර්තු මාසයේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තමන් මුදල් ගෙවා ලබාගත්තද තමන්ට අයිති පෞද්ගලික ගුවන්විදුලි ආයතනයක තිබියදී කිසියම් තැනැත්තෙකු එම අංක තහඩුව සොරාගෙන තිබූ බව දැනගන්නට ලැබෙනවා. පසුව එහි චැසි අංකය ශ්‍රී ලංකා රේගුව හරහා පරීක්ෂා කිරීමේදී එම චැසි අංකයට අදාළ වාහනයක් නීත්‍යනුකූලව මෙරටට ආනයනය කර නොමැති බවට අනාවරණ වෙනවා.

එකලස් කරන ලද බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය භාවිත කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ පිහිටි හෝටලයේ නමට ඇති කේ.එම්. 5421 දරන කාර් රථයේ අංකය යොදාගෙන බවද මෙම විමර්ශනයේදී හොයාගෙන තිබෙනවා. ඒ අනුව තමයි ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක් නිකුත් කරන්නේ විමර්ශන නිලධාරීන් අධිකරණයේදී කරන ලද ඉල්ලීමක් අනුව.

බදු වංචා කරමින් නීති විරෝධී ලෙස මෝටර් රථයක් ගෙන්වීම, ලියාපදිංචි නොකර මෝටර් රථයක් භාවිත කිරීම, සොරාගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවිකිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථයේ සවිකර නීති විරෝධීව භාවිත කිරීම කියන වරදවල් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකර ඇති බවටයි අදාළ සිද්ධියේදී කියැවෙන්නේ. දැන් වාහන ලංකාවට ගෙන්වන්නේ නෑ කිව්වට ඒගොල්ලෝ වාහන ගෙන්වන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය විදියට වාහන හදාගෙන. මෙම අතිසුඛෝපභෝගී වාහන මෙන්න මේ විදියට කෝටි ගණන් නාස්ති කරලා යාන වාහන මිලට ගත්ත මැති ඇමැතිවරු කෝටි ගණන් වියදම් කරලා හොරෙන් වාහන ගන්න බවකුත් අපට පේන්න තියෙනවා. මේවා රටක් විදියට ගත්තම හරිම භයානක තත්ත්වයක්. මේ ගැන හොයන්න බලන්න, මේ ගැන අවධානය යොමුකරන්න මහජනතාවට දැන් ඇස් අරින්න පුළුවන් කාලයක් උදාවෙලා තියෙන්නේ.

මේ විදියට වාහන නවත්තලා තියෙනවා නම් තැන් තැන්වල වාහන සම්බන්ධ සැකකටයුතු දෙයක් තියෙනවා නම්, 1977 කියන අංකයට කතා කරලා දැනුම් දෙන්න පුළුවන්කම තියෙනවා. වෙනදා නම් මෙහෙම දැනුම් දුන්නට පස්සේ ඒ සම්බන්ධව කරන පරීක්ෂණ ගැන අපිට ලොකු විශ්වාසයක් තිබුණේ නෑ. අපිට ඒ කාලේ හිතුණේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. ඒත් දැන් නඩුයි, බඩුයි වෙන තැනක තියෙන වෙලාවේ මේ වැඩේ කරගන්න ඕනේ කියන අදහසින් මේ පිළිබඳ පැමිණිලි කරන බොහෝ දෙනකුට අගතියක් නොවේවා, දුරකතන ඇමතුමක් දුන්නා කියලා ආපහු ගෙදර ගිහිල්ලා බෙල්ලෙන් අල්ලලා හොල්ලන තැනට පත් නොවේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. මොකද ලංකාවේ තොරතුරු ලබාදීම අතිශය භයානක බව කවුරුත් දන්නේ තම තමන්ගේ අත්දැකීම්වලින්. ඒ නිසයි අපි මේ ගැන ඔබට කියන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ණය කේස් එකක්ද? වෙන කේස් එකක්ද? බිරියගේ ගෙල කපා දියණියවත් තරුලු කරන් ගිනි ගොඩට පැන්න හලාවත අබිරහස! Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරු දෙන්නෙක් හංගගෙන හිටියා කියපු – ගම්මන්පිල එළියට දැම්ම පාස්කු වාර්තාවේ ආන්දෝලනාත්මක පිටු ටික මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.