කලක පටන් හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට හුරුව සිටි ශ්‍රී ලංකාවේ මුල්පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු දකුණත් වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කළ අතර එක්දින තරග නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගවලට සහභාගී වී තිබේ.
පන්නල ප්‍රදේශයේ දී මෙම 25 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් සමඟිනි.
ඔහු සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.










