• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තානාපතිවරුන් හමුවේ අනුර රටේ ආරක්ෂාව තහවුරු කොට ඇති බව දැනුම් දෙයි! PHOTOS I Sri Lanka Latest News

October 26, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුම්වත් කර ඇති අතර, සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුම්වත් කර ඇත.

විශේෂයෙන් ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීතිරීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළෙඳපොළ ලෙසත් කටයුතු කරයි.

මේ අතර ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව ඇත.

මැදපෙරදිග වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක පියවර පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඉරාන තානාපතිවරයාව දැනුම්වත් කර තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර හමුවක් පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා වෙත සුබපැතුම් පළ කළ මහකොමසාරිස්වරයා ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීම උදෙසා රට තුළ ශක්තිමත් ආර්ථිකයක් සහ වඩාත් ඵලදායී පාලනයක් ගොඩනැගීමට නවසීලන්තයේ අඛණ්ඩ සහාය නව ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවට ද සහතික විය.

දැනට වාර්ෂිකව නවසීලන්ත සංචාරකයන් 7,500ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එම සංඛ්‍යාව 50,000 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවට සිය සහාය ලබා දෙන බව ද මහ කොමසාරිස්වරයා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ නවසීලන්ත ආයෝජන සඳහා ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා උසස් ප්‍රමිතියෙන් යුත් තාක්‍ෂණය, පුහුණුව සහ සම්පත් පිළිබඳ නවසීලන්තයේ විශේෂඥ දැනුම ශ්‍රී ලංකාවට ලබා දීම කෙරෙහි ද අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි, විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් නවසීලන්තයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සහ ක්‍රීඩාවෙහි පරිපාලන භාවිතයන් වැඩි දියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ මෙන්ම මෙරට ජනතාවගේ ද ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.

වර්තමාන සංචාරක උපදේශන යාවත්කාලීන කිරීම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන සංචාරක කලාපයන් තුළ ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා නීතිය බලාත්මක කිරීම සහ හදිසි සේවා ශක්තිමත් කිරිම සඳහා අනුගමනය කෙරෙන ආරක්ෂක ප්‍රොටෝකෝලයන් පිළිබඳව ද සඳහන් කළේය.

නවසීලන්තයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබ්‍රියෙල් අයිසාක් (Gabrielle Isaak) මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත හෘදයාංගම සුබපැතුම් පළ කළ තානාපතිවරයා ඉරාන ජනාධිපති මසුද් පෙසෙෂ්කියාන් (Masoud Pezeshkian) මහතාගේ විශේෂ සුබපැතුම් පණිවිඩය ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

මැදපෙරදිග වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක පියවර පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඉරාන තානාපතිවරයාව දැනුවත් කරනු ලැබීය.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සහ මෙරට ජනතාවගේ ද ආරක්‍ෂාව තවදුරටත් සහතික කිරීම සඳහා මේ වන විට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත්, රට තුළ සුරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව කැප වී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවත්නා දීර්ඝකාලීන ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරුණු අතර නව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ඉරාන – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීම තම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ පිළිබඳව සුබවාදී ලෙස අදහස් දැක්වූ ඉරාන තානාපතිවරයා වෙළඳාම, තාක්‍ෂණය, සංස්කෘතිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල නව වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට ද සහතික විය.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-10-25

SendShareShare
Previous Post

තරුණයන් දෙදෙනෙකුට අමානුෂික විදිහට ගහලා! පමුණුගම පොලිසියේ තුන්දෙනෙක් ගෙදර! තරුණයන් දෙන්නා රෝහලේ!  VIDEO I Sri Lanka Latest News

Next Post

ලොහාන්ට නරක කාලයක්! අනුරාධපුරේ තුවක්කු නඩුව පත්තු වුණා! ලේකම් වෙඩි තියාගෙන මැරුණා! ඊයේ ලොහාන්ගේ ආරක්ෂාවට ගිය ඩිෆෙන්ඩරය වාරියපොළදී බස් නැවතුමක් කඩාගෙන ගිහින්! ජිප් එක ඇතුළේ රිපීටර් දෙකක්-පිස්තෝලයක්! මිනිස්සු ලොහාන්ට කෑ ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.