ජන හා නිවාස සංගණනයේදී ජනතාව සපයන පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සම්පූර්ණයෙන් සුරකියන බවත් එහිදී නිවැරදි තොරතුරු සැපයීමට ජනතාව නීතියෙන් බැදී සිටින බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය. (Sri Lanka Latest News)
ජන හා නිවාස සංගණනය පිළිබඳ දැනුවවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඩී.ඩී.ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය එසේ සඳහන් කළාය.
නිවසට පැමිණෙන සංගණන නිලධාරියාට කිසිඳු බියක් සැකයක් නොමැතිව නිවැරදි තොරතුරු සපයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී සෙනෙවිරත්න මහත්මිය එම තොරතුරු එම දෙපාර්තමේන්තුවෙන් කිසිඳු බාහිර පුද්ගලයෙක් වෙත නොයන්නේ යැයි සහතික වියහැකි බව ද සඳහන් කළාය.
මෙවර සංගණනයේ තෙවැනි අදියර වන පුද්ගල සහ නිවාස පිළිබඳ තොරතුරු රැස්කිරීම මේ වන විට ක්‍රියාත්මක බවත් එම තොරතුරු තහවුරු කිරීමේ අවසන් අදියර ‘සංගණන දිනය’ දෙසැම්බර් 19 වැනිදා ආරම්භ 24 වැනිදා දක්වා දින 5 ක් ක්‍රියාත්මක වන බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පැවසුවාය.
සංගණනයට අදලා පොදු ස්ථානවල අවසන් තොරතුරු රැස්කිරීම දෙසැම්බර් මස 18 වැනිදා රාත්‍රී කාලයේ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව කී අධ්‍යක්‍ෂ ජනරාල් සෙනෙවිරත්න මහත්මිය මෙම සංගණනයේදී මූලික තොරතුරු සමඟ සමාජ, ආර්ථික හා විද්‍යාත්මක තොරතුරු රැස්කරන බව ද සඳහන් කළාය.









