ජාතික ජන බල වේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ නම සදහන්ව තිබීම හේතුවෙන් මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ඒ. ජි.මුදියන්සේ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත.Sri Lanka Latest News
රජයේ සංස්ථාපිත මණ්ඩල හා අධිකාරීවල හිටපු නිළධාරීන්ට ඉවත් වන ලෙස පසුගියදා රජය දැනුම් දුන් අතර මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය කෙරෙන ගැටඹේ පිහිටි පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධුරය සදහා ඒ මහතා පත් කරනු ලැබ ඇත්තේ රජයේ නව පත් වීම යටතේය.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ මැතිවරණයට ඉදිරිපත් කර ඇති ජාතික ජනබලවේගයේ නාම යෝජනා ලැයිස්තුවේ මධ්‍යම පුස්ථකාල සේවා මණ්ඩලයේ නව සභාපතිවරයාගේ නමක් නොතිබුණු බවයි. ඔහු එම තනතුරට පත් කර ඇත්තේ නාම යෝජනා භාර දීමෙන් අනතුරුව බවද එම ආරංචි මාර්ග පවසයි .ට්‍රාන්ස්පේරන්සි ආයතනය මැතිවරණ කොමිසම වෙත කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.බී.එස් අබේකෝන් විසින් මෙම තීන්දුව ගෙන තිබෙන බව වාර්තා වේ..
පසුගිය 20 වැනිදා මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයට ඒ.ජී මුදියන්සේ පත්කරනු ලැබුයේ ද ආණ්ඩුකාරවරයා විසිනි.
අදාළ පත්වීම් සිදුකර කරන අවස්ථාව වනවිට එන්.ජී මුදියන්සේ අපේක්ෂකයෙකු ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ආණ්ඩුකාර කාර්යාලය දැනුවත්ව සිට නොමැති බව එම කාර්යාලයේ උසස් නිලධාරියෙකු පැවසිය.
සරත් සමරනායක









