• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ආරුගම්බේ ප්‍රහාරය’ ඩොලර් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක්! අල්ලපු දෙන්නගෙන් එක්කෙනෙක් මාලදිවයින් ජාතිකයෙක්! අනෙකා යාපනේ පදිංචිකරුවෙක්! 2016 කොළඹදී පාකිස්තාන මහකොමසාරිස්ට බෝම්බ ගහපු සිද්ධියේ සැකකරුවෙක්! මෙන්න අලුත්ම තොරතුරු එළියට ආවා! I Sri Lanka Latest News

October 25, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට සංචාරයේ නිරත ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කරගෙන අරුගම්බේදී ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් විදේශයකින් ලද බුද්ධි තොරතුරකට අනුව විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර, 2016දී ශ්‍රී ලංකාවේ සිටි පාකිස්තාන මහකොමසාරිස්වරයා ගමන් කළ වාහන පෙළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.Sri Lanka Latest News

කොල්ලුපිටියේදී 2016 වසරේදී පාකිස්තානු මහකොමසාරිස්වරයා ගමන් කළ වාහන පෙළ ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබිණි. ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබීය. එම නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඉකුත් වසරේ නොවැම්බර් 23 වැනිදා අධිකරණය මඟින් සැකකරුවන් තිදෙනාම නිදහස් කර තිබිණි.

ඒ අතර සිටින සැකකරුවකු අරුගම්බේදී ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුමේ සැකකරුවකු ලෙස මේ වන විට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. යාපනයේ පදිංචිකරුවකු වන මෙම සැකකරු රත්මලාන ආශ්‍රිතව පදිංචිව සිට ඇති බවත් මෙම ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මාලදිවයින් ජාතිකයා සමඟ හිතවත්කම් ඇති වී තිබෙන්නේ බන්ධනාගාරයේදී බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මාලදිවයින් ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කවුඩානේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයේ නිවෙසකදීය. ඔහු එම නිවෙසේ මවත් සමඟ පදිංචිව සිට ඇති බව කියැවේ.

මෙම මාලදිවයින් ජාතිකයාගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක බවත් පියා මාලදිවයින් ජාතිකයකු බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මාලදිවයින් ජාතික පියා මාලදිවයිනේ සිටින බව කියැවේ.

කවුඩානේ පිහිටි නිවෙසේ පදිංචියට යෑමට පෙර ඔවුන් පදිංචිව සිට ඇත්තේ වැල්ලවත්තේ බවත් එම නිවෙසේ දැන් පදිංචිව සිටින්නේ සැකකරුගේ මවගේ සහෝදරියන් දෙදෙනා බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

මාලදිවයින් ජාතිකයා යම් වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇති බව සඳහන්ය. මාලදිවයින් ජාතිකයාත් යාපනයේ වැසියාත් අත්අඩංගුවට ගෙන ඇත්තේ සතියකට පමණ පෙරදී බවත් ඊට මුල්වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 07 වැනිදා විදේශයකින් ලද බුද්ධි තොරතුරක් මත බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

අරුගම්බේදී ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලවීමට නියමිතව ඇති බවට විදෙස් බුද්ධි සේවයකට ලද තොරතුර මෙරටට නිල වශයෙන් දැනුම්දීමත් සමඟ ඒ ගැන ආරක්ෂක මණ්ඩලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරගත් ආරක්ෂක පියවර හා මෙහෙයුම් හේතුවෙන් සැකකරුවන් ඉතා කෙටි කලක් තුළ අත්අඩංගුවට ගනිමින් එම ප්‍රහාරය සාර්ථකව වළක්වා ගැනීමට හැකි වූ බව පොලිස් ප්‍රධානියෙක් පැවසීය.

අරුගම්බේ ප්‍රහාරය කොන්ත්‍රාත්තුවක් බවත් ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂයක් ලබා දීමට පොරොන්දු වී තිබී ඇති බවත් සඳහන්ය. මෙරටදී හමුවූ යම් පුද්ගලයකු මාලදිවයින් ජාතිකයාට මෙම කොන්ත්‍රාත්තුව භාරදී ඇති බව කියැවේ. එම පුද්ගලයා හඳුනා ගනිමින් අත්අඩංගුවට ගැනීම සඳහා දුරකතන ජාල විශ්ලේෂණ ඇතුළු තාක්ෂණික මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

විදේශයකින් ලද තොරතුර තහවුරු කර ගැනීමෙන් අනතුරුව සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන අවසානයේදී ඒ බව තානාපති කාර්යාල දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් එසේ කළ දැනුම්වත් කිරීම් මුල්කරගෙන තානාපති කාර්යාල මඟින් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත සිය රටවල වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබුණු බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. එහෙත් එම දැනුම්දීම සිදුවන විට ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම වළක්වා තිබුණු බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ -දිනමිණ

SendShareShare
Previous Post

හිටපු මන්ත්‍රීවරයෙක් පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Next Post

අලුතෙන් සභාපති තනතුරකට පත් කළ අයෙක් මාලිමාවෙන් ඡන්දෙට දාලා! තනතුර දීපු ආණ්ඩුකාරතුමාම තනතුර අයින් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News
Exclusive

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.