• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ පාර ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ රට ගෙනියන්න වැඩපිළිවෙළක්-දක්ෂ කණ්ඩායමක්-දක්ෂ නායකත්වයක් සිටිනවා කියලා නෙවෙයි! තිබ්බ ක්‍රමයට විරෝධය පළකරලා! මහඡන්දයේදී රට හදන්න පුළුවන් දක්ෂ කණ්ඩායමක් ඉන්න සජබයට ඡන්දය දෙන්න! මෙන්න එදා අනුර කියපු කතා සජබ සභාපති ඉමිතියාස් මතක් කරයි! VIDEO I Sri Lanka Latest News

October 24, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්මාකර් මහතා මෙසේ අදහස් දැක්වීය.Sri Lanka Latest News

‘‘මෙවර පැවැති ජනාධිපතිවරණයෙන් රටට අලුත් ජනාධිපතිවරයෙක් පත්වුණා. රටේ සාම්ප්‍රදායික දේශපාලනය පිළිබඳව ජනතාව තුළ තිබෙන කල කිරීම , විරෝධය සහ විශ්වාසභංගත්වය මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව පිට කළා. ජනතාව ඡන්දය භාවිතා කළේ රටේ සාම්ප්‍රදායික දේශපාලනයට විරෝධය පල කරලා. ජාතික ජන බලවේගයට රට ගෙනියන්න වැඩපිළිවෙලක් , දක්ෂ කණ්ඩායමක් , දක්ෂ නායකත්වයක් සිටිනවා කියලා කල්පනා කරලා නෙවෙයි මෙවර ජනතාව ඡන්දය භාවිතා කළේ. කෙසේ නමුත් රට ගෙනියන්න සුදුසු වැඩපිළිවෙළ තිබෙන්නේ කොහේද , කණ්ඩායම , නායකත්වය තිබෙන්නේ කොහොද කියලා ජනතාව කල්පනා කළ යුතුව තිබෙනවා.

රටේ සාම්ප්‍රදායික දේශපාලනය අනුව ජනාධිපතිවරණයක් අවසන් වුණාම ජනාධිපතිවරණය ජයග්‍රහනය කළ පක්ෂය කඩිමුඩියේ පාර්ලිමේන්තු ඡන්දය පවත්වනවා. ජනාධිපතිවරණයේ උණුසුම පහව යන්න කලින් ඒ උණුසුම සමග කෘතිම රැල්ලක් ඇති කරලා මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහනයක් ලැබිම තමයි සාම්ප්‍රදායික් දේශපාලනයේ හැසිරිම වුණේ. කෙසේ නමුත් සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඇති කරන බව ජනතාවට පොරොන්දුවෙලා බලයට පැමිණි ජාතික ජන බලවේගය වෙනත් කණ්ඩායම්වලට වඩා වේගයෙන් එම පැරණි දේශපාලන සම්ප්‍රදාය අනුගමනය කරන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. මීට පෙර බලය ලබා ගත් කණ්ඩායම් මහ මැතිවරණය පැවැත්වුවේ ජනාධිපතිවරණය අවසන් වී මාස කිහිපයකට පසුවයි. නමුත් ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන් දින 3 ක් යාමට පෙර පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් පවත්වන්න කටයුතු කළා.

ඒ වගේම අනුර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර ප්‍රකාශ කළා වැඩි බලය දුෂණයට හේතුවක් කියලා. ඒ වගේම වැඩි බලය ඒකාධිපතිත්වයට මග විවර වන බවත් ඔහු ප්‍රකාශ කළා. ඔහු දැන් ප්‍රකාශ කරනවා කිසිසේතු පාර්ලිමේන්තුව තුළ විපක්ෂයක අවශ්‍යතාවයක් නැහැ කියලා. සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඇති කරන බව ප්‍රකාශ කරලා බලයට පැමිණ අනුර දිසානායක මහතා ආපසු හැරිමක් සිදුකරලා තිබෙනවා. පරස්පර ගමනක් යන්න සුදානම් වෙනවා.

රටේ ජනතාව බුද්ධිමත්ව , විචාරශිලිව කටයුතු කරලා මේ දේශපාලන හැසිරිම් වලින් වෙනස් වෙලා බුද්ධිමත් තිරණයක් ගන්නවාද , නැත්නම් ඉතිහාසයේ පාඩම් ඉගෙන ගෙන බල තුලයක් ඇති කරන තින්දුවක් ගන්නවාද , නැතිනම් නැවත ගොදුරක් බවට පත්වෙනවාද කියලා ජනතාව බුද්ධිය අවදි කරලා කල්පනා කරලා බැලිය යුතුයි.

ඒ වගේම රට ගොඩගැනිමට පුලුල් එකමුතුවක් , සෑම බලවේගයක් අතරම අනොන්‍ය අවබෝධයක් ඇති වී අවබෝධයෙන් වැඩ කළ යුතු කාලය එළඹ තිබෙනවා. සාම්ප්‍රදායික දේශපාලන සෙල්ලම නැවත නැවත සිදු කිරිමෙන් වෙන්නේ රට තවත් අනතුරුට පත් වීමයි. එයින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය , නීතිය , දරුවන්ගේ අනාගතය අනතුර පත් වෙනවා. ඒ නිසා බුද්ධිමත්ව අවබෝධයෙන් කටයුතු කළා.

ලෝකයේ තිබෙන මූල්‍ය රටාවල් සමඟ ඉවත්වෙලා හුදෙකලා ගමනක් යාම ප්‍රායෝගික නෑ. ඒ නිසා තමයි අපි ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කළ යුතුයි කියලා.ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුල කියන්නේ ණය උගුලක් කියලා කියපු පිරිස අද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පරණ පුරුදු විදිහටම ගමන් කරනවා. බලය සහ වගකිම ලැබෙනවිට එහි තිබෙන ගැඹුර තේරෙනවා.

සමගි ජන බලවේගය වසර දෙකක කාලයක් රටට හිතකර ප්‍රතිපත්ති නිර්මාණය කරන්න මහන්සි වුණා. රටේ බලය ලබාගත් පසු රට වැටී තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩ ගන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කළා. ඒ අනුව විෂය කමිටු 27 ක් පත්කළා. ප්‍රතිපත්ති ප්‍රකාශ 27 ක් අපි නිර්මාණය කළා. මේ විෂය කමිටු 27 ට අදාල ප්‍රතිපත්ති සකස් කරන්න ඒ ක්ෂ්‍රේත්‍රවල ප්‍රවීණයන් සහභාගි වුණා. ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සමඟ සාකච්ඡා කර මේ ප්‍රතිපත්ති නිර්මාණය කරන්න සහාය ලබාදුන්නා. මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවලා රටට හොද ගමනක් ඇති කරන්න , දියුණු රටවල් ගිය මාර්ගයේ ලංකාව ගෙන යන්න , හුදෙකලා නොවෙන ගමනක් යන්න , ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඇති කණ්ඩායමකට බලය දෙන්න ජනතාව මෙවර බුද්ධිමත් තින්දුවක් ගත යුතුයි.

පසුබෑමට ලක් වෙන්න එපා කියලා සමගි ජන සන්ධානයට ඡන්දය දුන්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා . රටේ ප්‍රශ්න විසදිමට හැකිය තිබෙන්නේ සමගි ජන සන්ධානයට පමණයි. සටන් පාඨා , ආකර්ශනිය ප්‍රකාශ , සුරංගනා ලෝක මැවීම තුළින් බලයට ආපු රටවල් අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් ඒ ගමන වෙනස් කරන්න කටයුතු කළා. වැටුණ ප්‍රපාතයෙන් ගොඩ එන්න අවබෝධයෙන් අපි ගමනක් යා යුතුයි. රටේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් ආණ්ඩුවක් බිහිකරලා ජනාධිපතිවරයා සමඟ සමගි ජන සන්ධානයට ගමන් කිරිමේ හැකියාව තිබෙනවා. ‘‘

SendShareShare
Previous Post

අනුරගේ ආණ්ඩුව දෙපාරක් IMF එක්ක සාකච්ඡා කළා! ඡන්ද කාලෙ කිව්වා වගේ බදු බර අඩු කරගන්න ඒ අයට බැරිවුණා! හැබැයි අපි IMF එක්ක සාකච්ඡා කරද්දී බදු අඩු කරන්න එකඟ වුණා! දැන් ඒ එකඟතාව ඇති කරගමු! ජනතාවට සහන දෙන්න සජිත් ආණ්ඩු බලය ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

2008දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගිහින් අතුරුදන් කිරීම! හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහි නඩුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.