ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බැවින් එහි සංචාරය නොකරන ලෙසට අමෙරිකාව කළ අනතුරු ඇගවීමෙන් පසු මේ වනවිට රටවල් රැසක්ම සිය පුරවැසියන් හට අනතුරු ඇගවීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාවද ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙස අනතුරු ඇගවීම් නිකුත් කොට තිබේ.
මීට පෙර බ්‍රිතාන්‍ය සහ රුසියාවද සිය පුරවැසියන් හට අනතුරු ඇගවීම් සිදුකිරීමට පියවර ගෙන තිබිණ.










