සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ මැතිවරණයක් පැවැත්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා මේ සතියේ පැවැත්වීමට සූදානම් කොට තිබූ පෙරහුරු මැතිවරණය කල් දැමීමට අදාළ අංශ පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව එම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අදාළ අංශ සමග මේ වනවිට සාකච්ජාවක් පැවැත්වෙන බවද දැනගන්නට ඇත.
බදාදා (27) දින සෞඛ්‍ය බලධාරීන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ජාවක් පැවැත්වෙන බවත්, එහිිිිදී මෙම දිනය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවත් වාර්තා වේ.










