කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට නතුවූ තත්වයක් යටතේ කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මාර්ග සිතියමක් සකස් කරමින් සිටින බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මැතිවරණය කල් නොයවා පාලන කොරෝනා තත්ත්වයක් යටතේ පැවත්වීමට අවශ්‍ය මාර්ගෝපදේශයක් සකස් කිරිමක් සිදු කරන බවත්, එහිදී භෞතික දුරස්ථභාවය, නිතර අත් සේදීම සහ මුව ආවරණ පැළඳීම යන කරුණු මුලික කර ගත් කරුණු මත පදනම්ව ඡන්දය පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් සමඟ මැතිවරණ කොමිසමේ හා අදාළ පිරිස් සමඟ සාකච්ඡා කරමින් මාර්ග සිතියමක් සකස් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.
එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි ද පැවසු ඒ මහතා, ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීම ගැන සලකා බලන බවත්, දැනට තැපැල් ඡන්ද වැඩ අවසන් කරමින් තිබෙන බවත් පැවසීය.










