වංචා, අල්ලස් ලබා ගැනීම් වැනි අකටයුතුකම් පොලිසියේ සිදුවුවහොත් ඒ පිළිබඳ තොරතුරු 1997 දුරකතන අංකයට දැනුම්දෙන්නැයි, වැඩබලන පොලිස්පති මහජනතාවගෙන් ඉල්ලයි.Sri Lanka Latest News
මෙම අංකය මීට පෙර විවෘත කර තිබුණේ යුක්තිය මෙහෙයුම යටතේ පාතාල අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනුම් දීම සදහාය.
කෙසේවෙතත් මින් ඉදිරියට පොලිසිය මගින් අල්ලස් ඉල්ලීමක් හෝ යම් අකටයුතුකමක් සිදුවුවහොත් මෙම අංකයට දැනුම් දිය හැකි බව පොලිසිය සදහන් කරයි.










