ආන්දෝලනාත්මක සීනි බදු වංචාව සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි ආරම්භ කර තිබේ. Sri Lanka Latest News
ඒ අනුව, එම වංචාව සිදුවන අවස්ථාවේ ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එවකට ලේකම්වරුන්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන අංක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය මගින් ලබා ගනිමින් සිටින බව පැවසේ.
ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයකින් තහවුරු වූ වේ, සීනි බදු වංචාවෙන් රජයට රුපියල් බිලියන 13.82 ක අලාභයක් රජයට සිදුව ඇති බවයි.
ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නේ මෙරට සීනි අවශ්‍යතාවයෙන් 9% ක් පමණි.
අනෙක් සියල්ල ආනයන කරනු ලබන අතර, සීනි බදු වංචාවෙන් එක් ප්‍රධාන ආනයනකරුවෙකු විශේෂ වාසියක් ලබා ගෙන තිබුණු බව වාර්තා විය. මෙම විශේෂ ආනයනකරු ලබා තිබෙන ලාභය රුපියල් බිලියන 6.23 කි.
සන්ඩේ මෝර්නිං වාර්තාවක් ඇසුරෙනි.










