අදත් රටේ සිදුවන්නේ එදා සිදුවූ දෙයම බවත්, මාලිමාව කී කිසිවක් රටේ සිදුනොවන බවත් හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කරන බව කීවද තවමත් ඒවා ලබා දෙන බවකි.
‘හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපනවා කිව්වට ඒවා දීලා! පවුල් දේශපාලනය නැති කරනවා කිව්වට තාත්තයි පුතයි-ගෑනියි මිනිහයි ඡන්දෙ ඉල්ලනවා! ණය ගන්නෑ කිව්වට පිට පිට ණය ගන්නවා! රනිල්ගේ IMF ගිවිසුම ඒ විදිහටම යනවා! ආරක්ෂක ලේකම්-පොලිස් ලේකම් විදිහට පත්කළේ මාලිමා වේදිකාවේ හිටපු අය! සභාපතිකම් දුන්නේ නොගැලපෙන අයට! මොකද්ද මේ රටේ වෙන්නේ?’ යැයි ඒ මහතා විමසා සිටියේය.










