• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරණයේදී සජිත් විනාශ කරන්න රනිල් දියත් කරපු සියදිවි නසාගැනීමේ මෙහෙයුම! Sri Lanka Latest News

October 20, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
අමාත්‍යංශ ලේකම්වරුන්ට කැබිනට් පත්‍රිකා දාන්න එපා කියලා ජනාධිපති කිව්වේ ඇයි? කැබිනට් එක ගැන දැන් ජනාධිපතිට විශ්වාසයක් නැද්ද? මේ කැබිනට් ඇමැතිවරුත් එක්ක වැඩ කරලා එපා වෙලාද? අපි මෙච්චර කල් කියපු එක දැන් ජනාධිපතිතුමාට තේරිලාද? එහෙමනම් මෙන්න කරන්න ඕන දේ! ඉමිතියාස් ජනාධිපතිට පෙන්වලා දෙයි! VIDEO ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බහුතර විශ්වාසයක් තිබෙන ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන්න රටේ ජනතාව සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සමග එකතු වියයුතු බවත්, එසේ නොකළහොත් රට දැඩි අනතුරකට ලක්වීමට ඉඩ තිබෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ස.ජ.බ. සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පැවැසීය. (Sri Lanka Latest News)

පසුගිය 14 වැනි දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගිවූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්’මහතා මේ බව සඳහන් කළේය.

ලෝකයේ ආර්ථිකය අතින් ශක්තිමත් වූ රටවල් ගමන්ගත් මාර්ගයේ ශ්‍රී ලංකාවත් ගමන් කරවීමට නම් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ, දැක්ම, කණ්ඩායම සිටින්නේ කුමන පක්ෂයේද කියා ජනතාව හොඳින් කල්පනා කර බැලිය යුතු බවත්, දේශපාලන වශයෙන් අවබෝධයෙන් වැඩකරන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කළ යුතු බවත් රටේ ජනතාව තීන්දු ගත යුත්තේ හැඟීම්වලින් නොව බුද්ධියෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘සුළුතරය නියෝජනය කරන ජනාධිපතිවරයෙක් තමයි අද පත්වෙලා තිබෙන්නේ. රටේ 58%ක් වර්තමාන ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තබලා නැහැ. මෙවැනි වාතාවරණයක් තුළ තමයි මහ මැතිවරණයකට අපට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙන්නේ.

ජනාධිපතිවරණයේදී තමාට ඡන්දය ලබාදෙන ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයකදී සුදුසු අපේක්ෂකයකුට ඡන්දය ලබාදෙන ලෙසත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම දැන් ඔහු ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා. මෙවැනි අවස්ථාවක රටේ ජනතාව වැඩ කළ යුත්තේ හැඟීම්වලින් නොව බුද්ධියෙන්. අපේ රටේ ඉතිහාසයේ වැඩි බලය අධිපතිවාදී ප්‍රවණතාවයන් ඇතිකළා. වැඩි බලය දූෂණයට හේතුවක් වුණා.

ඒ වගේම ලෝකයේ, ජනාධිපතිවරයා එක් පක්ෂයකත් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තවත් පක්ෂයක් නියෝජනය කරනවා. ප්‍රංශයේ ජනාධිපතිවරයා එක් පක්ෂයක් නියෝජනය කරනවා. විරුද්ධ පක්ෂය තමයි පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමට සමත් වුණේ. ඇමෙරිකාවෙත් ජනාධිපතිවරයා එක් පක්ෂයකත් නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලය තවත් පක්ෂයක් නියෝජනය කරනවා. එම රටවල පාලන තන්ත්‍රය තුළ සංවරණ සහ තුලනය අපට දැකගන්න පුළුවන්. ඒ වගේම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීත් බහුතර විශ්වාසය තිබෙන ආණ්ඩුවක් පත්කර ගැනීම රටේ අනාගතයට යහපත් යැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් එය වැදගත් කාරණයක්. එවැනි තීන්දුවකින් ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්වන්නේ නැහැ. ඒ වගේම නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වීමටත් එය හේතුවක් වනවා.

සමගි ජන බලවේගයට තිබෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක්. සමගි ජන බලවේගය කියන්නේ ප්‍රගතිශීලී පක්ෂයක්. ප්‍රගතිශීලී ප්‍රතිපත්ති වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අපි විශාල අරගලයක් සිදුකළා. එක්සත් ජාතික පක්ෂය අන්ත දක්ෂිණාංශිකව යන ගමන වැළැක්වීමට අපි විශාල උත්සාහයක් ගත්තා. ඒ අරගලය ජයගත්ත නිසයි සමගි ජන බලවේගය අපට නිර්මාණය කිරීමට හැකියාව ලැබුණේ. ඒ වගේම බොහෝ මන්ත්‍රීවරු පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමට නොහැකි බව පවසා වෙනත් දේශපාලන කඳවුරු සමග එකතු වුණා. නමුත් අවසානයේදී අපිට ඒ සටන ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා.

ඒ වගේම ලෝකයේ අද අන්ත වාමාංශික ගමන ප්‍රතික්ෂේප කරල තිබෙනවා. ලෝකයේ අද අන්ත දක්ෂිණාංශික ගමනත් ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා. එලෙස අන්ත දක්ෂිණාංශික සහ අන්ත වමාංශික ගමන ප්‍රතික්ෂේප කරපු රටවල් තමයි අද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා සිටින්නේ. චීනය, වියට්නාමය වැනි රටවල් ප්‍රායෝගික ගමන් මාර්ගයක ගමන් කරන නිසා එම රටවල් ආර්ථික වශයෙන් අද ශක්තිමත් වෙලා තිබෙනවා.

ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා වීමට පෙර ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උගුල්වලට හසුවන්නේ නැති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වුණේ නෑ කියලා ඔහු එදා ප්‍රකාශ කළා. නමුත් ජනාධිපති අනුර දිසානායක මහතා එකදු කොන්දේසියක්වත් ඉදිරිපත් නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම ඉදිරියට ගෙන යාම සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. බලය ලබාගත් පසු වගකීම දැනෙනවා, ගැඹුර දැනෙනවා. බලය ලබාගත් පසු ප්‍රායෝගික වීමට සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය රටාව තුළ අපිට යථාර්ථයෙන් බැහැර වීමට නොහැකියි. ඒ සමග අපට ජීවත්වීමට සිදුවෙලා තිබෙනවා. සටන් පාඨ කියලා ජනතාව අවුස්සලා බොරු සුරංගනා ලෝක මවලා ජනතාව වල්මත් නොකළ යුතුයි. ආකර්ෂණීය ප්‍රකාශ සිදුකරලා ජාතියක් වල්මත් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම කටයුතු කළා. අවසානයේ ඔහු ප්‍රකාශ කළ දේවල් සිදුකරන්න නොහැකි වුණා. රටේ ජනතාව බුද්ධිමත්ව තීරණවලට යායුතුව තිබෙනවා. සටන් පාඨවලට ආකර්ෂණීය ප්‍රකාශවලට වල්මත් නොවී මේ රට නිවැරදි මාර්ගයට ගෙනියන්න කටයුතු කළ යුතුයි. ලෝකයේ සාර්ථක රටවල් යන මාර්ගයට අපේ රටත් රැගෙන යා යුතුයි.
සමගි ජන බලවේගය සහ සමග ජන සන්ධානය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය දෙස නැවත බලන්න. එය සාමාන්‍ය මැතිවරණ පොරොන්දුවලින් පිරුණු මැතිවරණ ප්‍රකාශයක් නෙවෙයි. අනෙකුත් මැතිවරණ ප්‍රකාශ සමග එය සංසන්දනය කර බලන්න කියා අපි ඉල්ලා සිටිනවා. නමුත් ජනතාව එය සිදුකළේ නැහැ. ජනතාව මෙවර මැතිවරණයේදී භාවිත කළේ විරෝධ ඡන්දයක්. ‘ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවලින් තමයි ලෝකයේ රටවල් ගොඩ ඇවිත් තිබෙන්නේ, ඒ නිසා ශ්‍රී ලංකාවත් ගොඩ ඒමට ඒ ප්‍රතිපත්ති අනුගමනය කළ යුතුයි. රට ගොඩගැනීමට පළපුරුදු කණ්ඩායමක් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ’ කියලා විශ්වාස කරලා දුන්න ඡන්දයක් නෙවෙයි මෙවර ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ලැබුණේ.

පවතින දේශපාලනය තුළ දූෂිත ගනුදෙනු දූෂිත හැසිරීම් නිසා තිබුණු කලකිරීම, ආර්ථික පීඩනය පිට කිරීමට තමයි ජනතාව ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන්නේ. පවතින දූෂිත තත්ත්වයන්වලට විරෝධය පළකිරීමක් මිස විශ්වාසයක් පළකිරීමේ ඡන්දයක් නෙවෙයි මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව ලබාදුන්නේ. ජනතාව එම තීන්දුව ලබාදුන්නේ බුද්ධියෙන් විමසා නොවෙයි. ජනතාව ඡන්දය හරහා පිටකළේ ජනතාව විඳින වේදනාව. ජනතාව තුළ තිබුණු විශ්වාසභංගත්වය තුළින් තමයි ජාතික ජන බලවේගය බලයට පත්වුණේ.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ 76 වසරක ඉතිහාසය තුළ සිටි පාලකයන් බලයට ගේන්න දායකත්වය ලබාදීලා තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන බලයට ගේන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඇමැති ධුර හතරක් දරා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 43ක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. ආණ්ඩු සමග ඔවුන් කටයුතු කළා. ඔවුන් ඒ සියල්ල අමතක කර ජාතික ජන බලවේගය කියන වෙස්මුහුණ දමාගත්තා. හරිනි අමරසූරිය වැනි අලුත් මුහුණු ඔවුන් රටට හඳුන්වා දුන්නා. අලුත් මුහුණු දැම්මට ජාතික ජන බලවේගය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවාද කියලා විමසිය යුතුයි. ඒ වගේම රටේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවනවා කියන්නේ විශ්වාසය ඇති පාර්ලිමේන්තුවක් රට තුළ නිර්මාණය කිරීම. සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට තියෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායපත්‍රයක්. ඒ නිසා ජනාධිපතිවරයාට සහ සමගි ජන සන්ධානයට එකතුවෙලා වැඩකරන්න පුළුවන්.

ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් දියත් කළා. රනිල් වික්‍රමසිංහ මහතාත් විනාශ වෙලා සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයත් ඔහු විනාශ කර දැමුවා. එයින් සමගි ජන බලවේගයට විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වුණා. ඒ නිසා තමයි ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට සිදුවුණේ. එක්සත් ජාතික පක්ෂය කෙරෙහි විශ්වාසය තබන ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ බහුතර විශ්වාසයක් තිබෙන ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන්න උදව් කරන්න කියලා. එසේ නොකළහොත් රට දැඩි අනතුරකට ලක්වීමට ඉඩ තිබෙනවා. ලෝකයේ ආර්ථිකය අතින් ශක්තිමත් වුණු රටවල් ගමන්ගත් මාර්ගයේ ශ්‍රී ලංකාවත් ගමන් කරවීමට නම් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ, දැක්ම, කණ්ඩායම සිටින්නේ කුමන පක්ෂයේද කියා ජනතාව හොඳින් කල්පනා කර බැලිය යුතුයි. දේශපාලන වශයෙන් අවබෝධයෙන් වැඩකරන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් මේ රටේ නිර්මාණය කළ යුතුයි.

ඒ වගේම සියලු ජනකොටස් එකතු කළ හැකි නායකත්වයක් රට තුළ නිර්මාණය කළ යුතුයි. උතුරේ සහ දකුණේ ජනතාව විශ්වාස කරන නායකයන් ඉන්නේ කුමන දේශපාලන කඳවුරේද කියා ජනතාව සොයා බැලිය යුතුයි. දේශපාලන ඒකාධිකාරයකට ගමන් කිරීමට නොදී, අධිපතිවාදී ප්‍රවණතාවකට ඉඩ නොදී, ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් නොකර නීතියේ ආධිපත්‍යය, රටේ ජනතාවගේ අනාගතය, අනතුරට ලක් නොකර තුලනාත්මක පාලනයක් රටේ ඇති කරන්න ජනතාව මෙවර මහ මැතිවරණයේදී බුද්ධිමත් තීරණයක් ගනිවී කියා අපි විශ්වාස කරනවා….’

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉමිතියාස් බාකීර් මාකාර් මහතා මෙසේද පැවැසීය.
‘හිරුණිකා මැතිනියට මට කියන්න තියෙන්නේ, එතුමියට ප්‍රශ්න තියෙන්න ඇති. එතුමිය තවමත් සමගි ජන බලවේග දේශපාලන ව්‍යාපාරයේ ඉන්නවා. අපේක්ෂිකාවක් විදියට කටයුතු කරනවා. මට කියන්න තියෙන්නේ දැන් අපි හැඟීම්වලින් කටයුතු කරන්න හොඳ නෑ. මම එයාට වඩා වැඩිහිටියෙක්. මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ. පොඩි ස්ටෙප් එකක් පස්සට ගත්තට එයා අපේක්ෂිකාවක් හැටියට පක්ෂය තුළ තවමත් ඉන්නවා. මේ ප්‍රතිපත්ති විශ්වාස කරනවා. අපි විශාල අරගලයක අබියස ඉන්නේ මේ වෙලාවේ. මේ වෙලාවෙදී කණ්ඩායමට මේ ප්‍රතිපත්තිවලට, අපේ කඳවුරට අවාසි වෙන දේවල්වල අපි යෙදෙන්න හොඳ නෑ. අපි අතර ප්‍රශ්න, හිත් අමනාපකම් තියෙන්න පුළුවන්. දුර්ලතා ඇතිවෙලා තියෙන්න පුළුවන්. අපි ඒවා ඇතුළේ කතාකරලා විසඳගන්න ඕනේ. එතැනට යමු අපි. ඡන්දයක් ආවාම ලේසි නෑනේ.

සජිත් මහත්මයාගේ ප්‍රශ්නය ගත්තොත්. නාමයෝජනා දෙනකොට අපේක්ෂකයෝ තෝරන ඒවා, සංවිධායකකම් දෙන ඒවා හරිම ප්‍රශ්නකාරීයි. සමගි ජන බලවේගය තුළ තියෙන ඉල්ලුම හින්දනේ අපට මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මහදැන මුත්තා කියන කෙනා වරුණ රාජපක්ෂත් අපට එකතු කරගන්න වෙලා තියෙනවා. යම් යම් ප්‍රශ්න තිබුණා. ඒ ඒ කොට්ඨාසවල සංවිධාන කටයුතු දුර්වලවීම් ගැන පැමිණිලි තිබුණා. ප්‍රශ්න ඇතුළේ යම් යම් තීරණ ගන්නකොට හිත් අමනාපකම් ඇතිවෙනවා. හැඟීම් ඇවිස්සෙනවා. මේවයින් ප්‍රයෝජන අරගෙන අනෙක් කඳවුරුවලට වාසි වෙන ක්‍රියාවන්ට අපි යන්න හොඳ නැහැ. ඒකයි මට කියන්න තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් සිදුවෙනවා. අපිටත් කොච්චරවත් හිත් වේදනාවල්, ප්‍රශ්න තියෙනවා. මේවා හැම පක්ෂයකම තියෙනවා. නමුත් රටේ අනාගතය තීන්දු කිරීමයි වැදගත්ම දේ….’

SendShareShare
Previous Post

රනිල් ටයිම් බෝම්බයක් තියලා ගිහින්! ඒකට ඇස් පියාගෙන අත්සන් කළොත් මාලිමාව විතරක් නෙමෙයි රටත් පුපුරනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම් බස්නායක ලොහාන්ගේ ගෙදරදීම වෙඩි තියාගෙන සියදිවි නසාගනී! පොලිසිය පරීක්ෂණ ආරම්භ කරයි! I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.