• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සේනානායක පරපුරෙන් එන වසන්තය! Sri Lanka Latest News

October 19, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

වසන්ත සේනානායක ඡන්දෙට එනවා කියලා කියපු ගමන්ම සමහර අය කලබල වෙලා තියෙනවා. ඒකට හේතුව වසන්ත සේනානායක මීට කලින් ඡන්දෙට ඇවිල්ලා වැඩ පෙන්නපු නිසා වෙන්නත් පුළුවන්. වසන්ත සේනානායක කියලා කියන්නේ ලංකාවේ ඉහළම දේශපාලන පරම්පරාවක ගුණයහපත් මිනිස්සු ඉන්න පරම්පරාවක මනුස්සයෙක්. මේ වසන්ත සේනානායක මහත්තයලගේ පරම්පරාව සේනානායක පරම්පරාවමනෙ. සේනානායක පරම්පරාව කිව්වම ඔබ දන්නවා මීරිගම ප්‍රදේශයේ තියෙන බෝතලේ වලව්ව ආශ්‍රිතව හැදිච්ච වැඩිච්ච ඩී.එස්. සේනානායකලා, ඩඩ්ලි සේනානායකලා රුක්මන් සේනානායකලා වගේ බොහොම ගෞරවනීය පරම්පරාවක උදවිය තමයි මේ සේනානායක පරම්පරාව. (Sri Lanka Latest News)

ලංකාවට නිදහස ලබාගන්නා අවස්ථාවේදීත් ඉන් පසුවත් ගෞරවනීය දේශපාලනයක් කරලා මඩ ගාගෙන, ලෙඩ දාගෙන, සවුත්තු වෙලා, අප්සෙට් වෙලා, චෝදනා ලබලා, එළවලා, පන්නලා, තමන්ගේ දරු මුණුබුරන්ට අවශ්‍ය දේශපාලන අනාගතය නිර්මාණය කරන්න උත්සාහ කරලා, රටේ කෑලි විකුණලා, රට විනාශ කරලා, බහුබූත වෙච්ච අය නෙවෙයි මේ සේනානායක පරම්පරාව. ඉතින් ඒක නිසා සේනානායක පරම්පරාවේ මීමුණුබුරෙක් දේශපාලනයට එනකොට ඒ සේනානායක පරම්පරාවේ මනුස්සයන්ගේ ගෞරවය ආරක්ෂා කරන විදියට වැඩ කරන්න සේනානායක පරම්පරාවේ අයත් දැනගන්න ඕනේ. ඒ වගේම සේනානායක පරම්පරාවේ කෙනෙක් දේශපාලනයට එනවා කියලා දැක්කම ටක් ගාලා ගහලා ඒ මනුස්සයව දේශපාලන වශයෙන් අනාත කරලා ඔහුව බය කරලා දැම්මම අයින් කරලා දාගත්තොත් හොඳයි කියලත් විපක්ෂයේ දේශපාලනයේ ඉන්න කට්ටිය හිතන බව අපි දන්නවා. ඒකට හේතුව දේශපාලනික වශයෙන් ගත්තම සේනානායකලා කවදාවත් සවුත්තු වෙන මිනිස්සු නෙවෙයි කියලත් ඒගොල්ලෝ දන්න නිසා.

අපි දන්නවා වසන්ත සේනානායක මහත්තයා කලින් ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මීරිගම ප්‍රදේශ මූලික කරගෙන දේශපාලනයට ආවා. ඊට පස්සේ පොළොන්නරුවෙන් දේශපාලනයට ආවා. ඊට පස්සේ වසන්ත සේනානායක කාලයක් දේශපාලනයේ සක්‍රීයව නොයෙදී හිටිය බව අපි දැක්කා. ඔහු ගැන අපිට ඒ තරම් අහන්න ලැබුණේ නෑ. ඉතාම විශාල ප්‍රසිද්ධියක් හිමිකරගත්ත දේශපාලකයෙක් විදියට කාලයක් තිස්සේ ගම්පහ ජනතාවගේ හිතාදර නායකයෙක් බවට ඔහු පත්වෙලා හිටියා. පසුකාලීනව ඔහුට විවිධාකාරයේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙන්න ලැබිලා එයින් තමයි ඔහු ඇත්තටම මේ දේශපාලනික වශයෙන් අපි මේ කියන තැනට පත්වුණා කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා එහෙම නොවී දේශපාලනිකව ගුණයහපත් දේශපාලකයෙක් බවට පත්වෙලා හොඳ ගමනක් ගියා නම් ඉතාම හොඳයි.

කොහොම වෙතත් වසන්ත ගැන ආපහු කතාකරන්න වුණේ මේ ආණ්ඩුව ආවට පස්සේ වාහනයක් සම්බන්ධ කරලා වසන්තටත් චෝදනාවක් එල්ල වුණු නිසා. එතැනදී කියැවුණේ වසන්ත පාවිච්චි කරපු රජයේ වාහනයක් අතරමග දාලා ගිහිල්ලා කියලයි.

හැබැයි මේ ප්‍රවෘත්තිය වාර්තා වුණත් එක්කම වසන්තත් වහාම මාධ්‍ය හමුවක් පවත්වලා මේ පුවත නිවැරැදි කරන්න කියලා කිව්වා. තමන් එහෙම කවදාවත් රජයේ වාහන අවභාවිත කරලා නෑ කියලත් කිව්වා. පුවත නිවැරැදි කළේ නැතිම් නඩු දානවා කියලත් වසන්ත කිව්වා.

ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. ආණ්ඩුව වාහන පෙන්වලා පසුගිය කාලේ ලොකු ෂෝ එකක් දැම්මා. නම් ලැයිස්තුවක් එළියට දැම්මා. ඒකේ වසන්ත සේනානායකගේ නම තිබ්බෙත් නෑ. නමුත් අන්තිමේදී වාහන අවභාවිත කළා කියලා කිසිම කෙනකුට නඩුවක් පැවැරුණේවත් නෑ. නඩු දැම්මෙත් නෑ. වාහන නාට්ටිය එහෙමම ඉවර වුණා. ඒ නිසා බොරුවට කාටවත් චෝදනා කරලා මිනිස්සු අපහසුතාවට පත්කරන්නේ නැතුව හරියට ඔප්පු කරන්න පුළුවන් චෝදනා දාලා වැරැදිකරුවන්ට දඬුවම් දුන්නා නම් තමයි හොඳ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බෝම්බ තර්ජනයක් නෑ! බයවෙන්න එපා! ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කරයි! මෙන්න නිවේදනය! VIDEO I Sri Lanka Latest News

Next Post

එදා – අපෙන් හොරකම් කරපු සල්ලි තියෙනවා උගන්ඩාවේ! ඒවා ගේන්න ඕනේ නැද්ද? අද – උගන්ඩාවට අරන් ගියේ තෝමස් ඩිලාරෝ සමාගමෙන් කරපු ඇණවුමකට මුද්‍රණය කරපු මුදල්! උගන්ඩා මැණිකේ කට වරද්දා ගත්තාද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.