• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භයානකයි! සූදානම් වෙන්න! තුන්වැනි මහා ලෝක යුද්ධය අත ළඟයි! අනෙක් ලෝක බලවතුන්ද දෙපැත්තටම අත දාලා උදව් කරයි! දැනටමත් රටවල් දෙකම එකිනෙකට ප්‍රති ප්‍රහාර එල්ල කරයි! කලක් තිබුණු ‘ශීතල යුද්ධය’ දැන් ‘සජීවී යුද්ධයට’ හැරිලා! ලෝක බොර තෙල් කර්මාන්තයට විශාල පහරක් වෙලා! Sri Lanka Latest News

October 19, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලෝක යුද්ධයක් යනු ලෝකයේ ප්‍රධාන බලවතුන් බොහොමයක් හෝ සියලු දෙනා හෝ සම්බන්ධ වෙන ජාත්‍යන්තර යුද ගැටුමකි. සාම්ප්‍රදායිකව මෙම පදය 20 වැනි සියවසේ මුල් භාගයේදී සිදුවූ ප්‍රධාන ගෝලීය ගැටුම් දෙකක් සඳහා අනුගත කර ඇත. එනම් පළමු ලෝක මහා යුද්ධය සහ දෙවැනි ලෝක මහා යුද්ධය වශයෙන් එම ගැටුම් ඉතිහාසඥයන් විසින් පැහැදිලිව අර්ථකථනය කර ඇත. ඒ අනුව පළමු ලෝක මහා සංග්‍රාමය 1914 සිට 1918 දක්වාද, දෙවැනි ලෝක මහා සංග්‍රාමය 1939 සිට 1945 දක්වාද පැවැති බව ලෝක ඉතිහාසය කරුණු කියාපායි. මෙම ලෝක යුද්ධයන් දෙකම අතිශය බියකරු ආකාරයෙන් වසර ගණනාවක් පුරා පැවැති අතර, මේවායින් මුළුමහත් ලෝකයටම සිදුවූ හානිය අතිවිශාලය. එහිදී ජීවිත හානි මෙන්ම දේපළ හානිද මහත් සේ සිදුවිය. මෙලෙස මහා බලවතුන් යුද්ධ කරන විටදී ලෝකයේ කුඩා රටවල් පවා මහත් පීඩාවට පත්වන්නේය. අපගේ ශ්‍රී ලංකාවටද මෙම බලපෑම අයත් වන්නේය. *Sri Lanka Latest News)

මෙම ලෝක සංග්‍රාමයන් කෙතරම් බලගතු වීද යත්, පළමු ලෝක යුද්ධයේදී ලොව පළමු වතාවට රසායනික අවි භාවිත කළ අතර, දෙවැනි ලෝක යුද්ධයේදී න්‍යෂ්ටික සහ පරමානුක අවිද භාවිත කළේය. මේ තත්ත්වය නිසා පසුකාලයකදී ලෝකයේ න්‍යෂ්ටික සහ පරමාණුක අවි සන්නද්ධ බලවතුන් බිහිවන්නට විය. එනම් අද වනවිට අප පසුකරන්නේද එවැනි වටපිටාවක්ය. බලය සහ අසීමිත ධනය තිබෙන ලෝක බලවතුන් බොහෝ දෙනකු අද මේ තත්ත්වයට පත්ව ඇත. එහිදී හෙළිවන අනෙක් සුවිශේෂ කරුණ වන්නේ බටහිර ධනවාදී රටවල් පමණක් නොව, මැදපෙරදිග සහ ආසියාතික රටවල බලවතුන් පවා මෙම ශක්තිය පෙන්වීමට කටයුතු කිරීමය. වර්තමානයේදී තවත් තෙවැනි ලෝක මහා යුද්ධයක කතාව දිගහැරෙන්නේ මෙවැනි සමාජයීය වටපිටාවකදීය. එනම් බොහෝ පිරිස් තෙවැනි ලෝක මහා යුද්ධයක් උද්ගත වීමට ඇති පරිසරය ගැන කතිකාවක යෙදී සිටිති. එසේම තෙවැනි ලෝක මහා යුද්ධයක් ඇතිවීම පිළිබඳ පුළුල්ව පැතිරුණු සහ දිගුකාලීන බියක්ද ඇත. යම් හෙයකින් එවැනි ලෝක සංග්‍රාමයක් ඇතිවුවහොත් එය මුල් ලෝක යුද්ධයන් දෙකට වඩා අතිශය විනාශකාරී සහ ප්‍රචණ්ඩකාරී වනු ඇති බවත්, එම පාර්ශ්ව ප්‍රකාශ කරති. අද මෙවැනි භයානක තත්ත්වයකට ලෝකය පියමං කරමින් සිටින බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. දැනට වසර 2-3ක කාලයක සිට ලොව පුරා දක්නට ලැබෙන ලෝක බලවතුන් මැදිවී සිටින යුද්ධයන් සිදුවන ආකාරය දක්නට හැකිය. එනම් පසුගියදා සිට ඇරැඹි ඉරාන-ඊශ්‍රායල යුද ගැටුම මෙම අලුත්ම කතාන්දරයයි. ලෝකයේ අතිශය ප්‍රබල යුද බලයක් ඇති මෙම රටවල් දෙක ආරම්භ කර ඇති මෙම සංග්‍රාමය කුමක්ද? මුලින් මෙම ගැටුමේ ඉතිහාසය කුමක්ද?

එම ඉතිහාසය කෙටියෙන් සොයා බලමු. මෙම අර්බුදය හටගත්තේ මෙයට වසර 40කට පමණ පෙරදී එනම් 1984 වැනි කාලවකවානුවකදීය. මෙය සැබැවින්ම යුද්ධයක ස්වරූපයක් නෙපෙන්වූ එහෙත් රටවල් දෙක අතර ඇතිවූ යුදමය මත ගැටුමකි. එනම් මෙහිදී මෙම රටවල් දෙකම දශක 4කට ආසන්න කාලයක්ම සිදුකර ඇත්තේ තවත් යුද්ධයන් පවතින වෙනත් රටවලට යුදමය උදව් උපකාර සිදුකිරීමය. එසේ වෙන වෙනම උදව් උපකාර සිදුකිරීමේදී දෙරට (ඉරානය හා ඊශ්‍රායලය) රාජ්‍යතාන්ත්‍රික ලෙස යුදමය අර්බුදයක පැටලෙයි. මෙය සැබැවින්ම ඉතා සංකීර්ණ තත්ත්වයකි. නිදර්ශනයක් ලෙස ඉරානය විසින් සිරියාව සහ එහි හිස්බුල්ලා සංවිධානය යුදමය වශයෙන් ශක්තිමත් කරයි. එම වටපිටාවේදී ඊශ්‍රායලය විසින් සිරියාවට යුදමය පහරදීම් සිදුකරයි. මේ අනුව ඊශ්‍රායලය ඉරානය සමග වෛරයක් ඇතිකර ගනී. මෙහිදී ඉදිරිපත් කළ හැක නවතම නිදර්ශනය වන්නේ දැනට උද්ගතව තිබෙන ඊශ්‍රායල-පලස්තීන යුද්ධයයි. මෙහිදී ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයේ හමාස් සටන්කරුවන්ට පහර දෙයි. එහිදී හමාස් සංවිධානයට යුදමය වශයෙන් සහාය දක්වන්නේ ඉරානයයි. එනම් ඉරානය විසින් යුද ආධාර ඉතා විශාල වශයෙන් ලබාදෙයි. මේ ආකාරයට දෙරට අතර ප්‍රබල වෛරයක් උද්ගත වන තත්ත්වයක් එයි. මෙලෙස පසුගිය දශක කිහිපයක් පුරා මෙම දෙරට අතර පවතින ‘ප්‍රතියුක්ත යුද්ධය’ නොහොත් ‘ශීතල යුද්ධය’ පසුගියදා වෙනස්ම මගකට හැරෙන්නට විය. එනම් මුහුණට මුහුණ සටන් කරන තත්ත්වයක් බවට පත්විය. එසේ වූයේ 2024 අප්‍රේල් මස මුල් සතියේදී උද්ගතවූ සිද්ධියකි. එනම් එවිට ඊශ්‍රායලය විසින් සිරයාවේ පිහිටුවා තිබෙන ඉරාන තානාපති කාර්යාලයට පහරදීමක් සිදුකළේය.5

දිනය හරියටම 2024 අප්‍රේල් 01 වැනිදාය. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිරියාවේ අගනුවර වන ඩමස්කස්හි පිහිටි ඉරාන තානාපති කාර්යාලයට යාබදව පිහිටි ඉරාන කොන්සුයුලේට් ගොඩනැගිල්ල විනාශ කරන ලදී. මෙහිදී ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ජෙනරල්වරයකු ඇතුළු එම ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරය සිදුවන විටදී මෙම ජ්‍යෙෂ්ඨතම ඉරාන හමුදා නිලධාරීන් සිරියාව තුළ සිදුකෙරෙන තම යුද මෙහෙයුම් පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක නිරතවී සිටියේය. ඊශ්‍රායලය මෙම ප්‍රහාරය සිදුකරනු ලැබුවේ ඉතා සැලසුම්සහගතවය. මෙම ප්‍රහාරයත් සමග එතෙක් සීතල යුද්ධයක්ව පැවැති ඉරාන-ඊශ්‍රායල යුද අර්බුදය ක්‍රියාකාරී එකක් බවට පත්වන්නට විය. කෙසේ හෝ එම ප්‍රහාරයත් සමගම ඊශ්‍රායලය විසින් නිදාගෙන සිටි යෝධයකු නැගිට්ටවා ගත්තා හා සමාන ක්‍රියාවකට මුහුණ දෙන්නට විය. මෙම ප්‍රහාරය නිසා ඉරානය අතිශය උච්ච ලෙස කෝපයට පත්වන්නට විය. දශක 4ක් (වසර 40ක්) පුරා පැවැති සීතල යුද්ධය සැබෑ ප්‍රාණවත් යුද්ධයක් බවට පත්වන්නට විය. මෙම ප්‍රහාරයෙන් පසුව එයට එරෙහිව ඊශ්‍රායලයට ප්‍රතිවාදී ප්‍රහාරයක් එල්ල කරන බව ඉරානය ප්‍රකාශ කළද එය එක්වරම සිදුවූයේ නැත. ප්‍රහාරය සිදුවී සති දෙකකට ආසන්න කාලයක් ගතවී ගියේය. එනම් හරියටම දිනය 2024 අප්‍රේල් 13දා රාත්‍රී යාමය විය. ඉරානය විසින් ඊශ්‍රායලය වෙත සිතාගත නොහැකි ආකාරයේ විශාල ප්‍රහාරයක් එල්ල කළේය. එය මිසයිල ප්‍රහාර සහ ඩ්‍රෝන ප්‍රහාර 300කින් පමණ සමන්විත සුවිශාල යුද මෙහෙයුමක් විය. පැය ගණනාවක් පුරා ඉරානයේ සිට අහස් කුස හරහා මෙම ප්‍රහාරයන් ඊශ්‍රායලයේ හඳුනාගත් හමුදා ඉලක්ක වෙත එල්ල කරනු ලැබීය. සිවිල් ජනතා ප්‍රදේශ මගහරිනු ලැබුවේය.

රාත්‍රියේදී අහස් කුස ඒකාලෝක කරමින් මෙම ප්‍රහාරයන් සිදුවන අයුරු දක්නට හැකි විය. මෙම ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය ප්‍රකාශ කර සිටියේ ඉරානය එල්ල කරන ලද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර 300ක පමණ ප්‍රමාණයෙන් හරි අඩක්ම ප්‍රති ගුවන් ප්‍රහාර මගින් අහසේදීම විනාශ කර දැමූ බවය. ඒ සඳහා ඊශ්‍රායලය සතුව තිබෙන ඉතා බලගතු ‘අයන් ඩෝම්’ ප්‍රතිප්‍රහාර ක්‍රමය භාවිත කළ බවද ඊශ්‍රායලය ප්‍රකාශ කළේය. එහෙත් එම ප්‍රකාශය යම් පමණකින් ප්‍රතික්ෂේප කරමින් ඉරානය පවසා සිටියේ තමන්ගේ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය බොහෝ සාර්ථකව සිදුකෙරුණු බවය. එසේම මෙම ප්‍රහාරය නිසා ඊශ්‍රායලයේ හඳුනාගත් හමුදා ඉලක්ක වෙත විශාල හානියක් සිදුවූ බවද ප්‍රකාශ කර සිටියේය.

ඊශ්‍රායලය විසින් සිරියාවේ ඉරාන තානාපති කාර්යාලය වෙත එල්ල කරන ලද දරුණු ප්‍රහාරය මුළුමහත් ජාත්‍යන්තර නීතිරීති සහ රාජ්‍යතාන්ත්‍රිකත්වයද දැඩි සේ උල්ලංඝනය කිරීමක් ලෙස ලෝකයේ රටවල් 50කට අධික ප්‍රමාණයක් නිල නිවේදන නිකුත් කර ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද මෙම ප්‍රහාරය හෙළාදැක ඇත. මෙම ප්‍රහාරයෙන් ජීවිත හානි 17ක් සිදුවූ අතර, මුළුමහත් කොන්සුයුලේට් ගොඩනැගිල්ලම විනාශයට පත්විය. මෙම යුදමය තත්ත්වය දැන් දිනෙන් දින උත්සන්න වීමේ අවදානමකටද පත්ව ඇත. ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය තවත් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවට කරුණු ප්‍රකාශ කර ඇත. එය කුමන හෝ මොහොතක සිදුවීමටද ඉඩ ඇත. සැබෑ ලෙසම මෙම කතාව නිදාගෙන සිටි යෝධයකු අවදි කරගත්තා හා සමාන සිදුවීමකි. එසේ වන්නේ ඉරානයද අද යුද ශක්තිය අතින් ඉතා බලවත් වීම නිසාය. මෙලෙස මෙම දිනවල දිගින් දිගටම ප්‍රහාරයන් සිදුවෙමින් පවතී.

මෙම නවතම තත්ත්වය ලෝකය තුළ අලුතින් තෙවැනි ලෝක මහා යුද්ධයක් ඇරැඹීමේ තත්ත්වයක් ලෙසට බොහෝ පාර්ශ්ව විසින් හඳුන්වා දී ඇත. එසේ වන්නේ ඉරානයට සහ ඊශ්‍රායලයට වෙන වෙනම පිටුපසින් සිට සහාය දක්වන ලෝක බලවතුන් රැසක්ම සිටින හෙයිනි. කෙසේ වෙතත් මෙම රටවල් දෙකම යුද ශක්තිය අතින්ද ඉතා ප්‍රබල ස්ථානයක සිටියි. එහිදී සමහර යුද විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලයට වඩා ප්‍රබල යුද ශක්තියක් ඉරානයට තිබෙන බවය. ලෝකයේ බොර තෙල් නිෂ්පාදනයේ ප්‍රධානම රටක් වන ඉරානය සතු ධනය අසීමිත වන අතර, එම ශක්තිය නිසාම ඔවුන් තම හමුදා බලයද බොහෝ උසස් අයුරින් ගොඩනගාගෙන ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. කුඩා යුද අවි ආයුධවල සිට න්‍යෂ්ටික අවි ආයුධ දක්වා ඔවුන්ගේ හමුදා බලය ශක්තිමත් බව නිල රාජ්‍ය වාර්තා පෙන්වා දෙයි. එම වගතුග ඉතා දීර්ඝ එකක් බැව් පෙනී යයි. එම තොරතුරු යමක් සොයා බලමු.

ඉරානයේ සියලු හමුදාවන්ගේ පිරිස් බලය හමුදා සාමාජිකයන් 960,000 (නවලක්ෂ හැට දහසක්)කින් සමන්විතය. මෙයින් සාමාජිකයන් 610,000ක් ස්ථිර සේවයේ සහ තවත් 350,000ක පිරිසක් නිත්‍ය නොවන සේවයේද නිරතව සිටිති. මෙම හමුදාවන්ගේ කටයුතු සඳහා ඉරාන රජය වියදම් කරනු ලබන ධනය සිතාගත නොහැකි තරම් විශාල පිරිවැයකි. එනම් 2024 වසර සඳහා පමණක් එම හමුදාමය කටයුතු සඳහා එරට අයවැයෙන් වෙන්කර ඇති මුදල ඇ.ඩො. බිලියන 10.2ක අතිවිශාල ධනස්කන්ධයකි. මෙලෙස දැනට මුළුමහත් මැදපෙරදිගම තිබෙන විශාලම යුද බලය ඇත්තේ ඉරානයට බව යුද විශ්ලේෂකයන් පවසයි. සාමාන්‍ය ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවක සිට විශාල මිසයිල දක්වා ඔවුන් සතු අවි ආයුධ වර්ග සඳහන් කිරීමට මෙම ලිපියේ ඉඩකඩ මදිය. මිසයිල හා ඩ්‍රෝන ප්‍රතිප්‍රහාර පද්ධති රැසකින් සහ න්‍යෂ්ටික අවි ආයුධ රැසකින්ද මෙම හමුදා බලය ශක්තිමත්ය. න්‍යෂ්ටික පර්යේෂණ සහ ක්‍රියාකාරකම් සිදුකෙරෙන න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයක්ම ඉරානය සතුය. මේවායෙහි කටයුතු බොහෝ රහසිගතව සිදුකෙරෙමින් තිබෙන බවද පැවසෙයි. ලෝකයේ අතිශය බියකරු සහ අමානුෂික ආකාරයේ යුද අවි ලෙස සැලකෙන න්‍යෂ්ටික සහ පරමාණුක බෝම්බ පවා මේ වනවිට ඉරානය තුළ රහසිගතව නිෂ්පාදනය කෙරෙන බැව් ප්‍රකාශ වෙයි.

මේ අතර ඊශ්‍රායලයේ සියලු හමුදාවන්ගේ පිරිස් බලය හමුදා සාමාජිකයන් 635,000 (හයලක්ෂ තිස්පන් දහසක්) බව පැවැසෙයි. ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අධීක්ෂණය යටතේ හමුදාවේ මෙහෙයුම් කටයුතු සිදුකෙරෙයි. ලෝකයේ තිබෙන සියලු නවීන අවි ආයුධවලින් ඊශ්‍රායල හමුදාවන් සමන්විත වන අතර, ප්‍රහාරක ගුවන් යානා සහ ප්‍රහාරක නාවික යාත්‍රාවලින්ද සමන්විත වෙයි. මේ අතර අතිශය නවීන මිසයිල පද්ධති කිහිපයකින්ද සමන්විතය. එසේම ඊශ්‍රායල හමුදාව සතුව න්‍යෂ්ටික යුද අවි බලයද ඇත. මෙම හමුදාවේ බොහෝ කටයුතු සිදුකෙරෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය පරිපාලනයේ උපදෙස් මතය. ඇමෙරිකාව එහෙත් එම කටයුතු බොහෝ රහසිගත අයුරින් සිදුකරනු ලබයි. ඊශ්‍රායල හමුදාවන් පිහිටුවා දැනට වසර 76කට අධිකය. එනම් 1948 වසරේදීය. 2022 වසරේදී ඊශ්‍රායලය ඇමෙරිකානු ඩොලර් බිලියන 9.5ක මහා ධනස්කන්ධයක් හමුදා කටයුතු සඳහා වැයකර ඇත.

අද ඉරාන-ඊශ්‍රායල තෙවැනි ලෝක මහා යුද්ධයකට පාර කපමින් සිටියි. ඉදිරියේදී මෙම යුද ගැටුම නිසා ලෝක බොර තෙල් කර්මාන්තයටද පහර වදිනු ඇතිය. එවිට ශ්‍රී ලංකාව වැනි රටවලට එම තත්ත්වය බලගතු මරු පහරක් වනු ඇතිය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බෝම්බ බියක්! ඉන්දීය ගුවන් යානා හදිසි ගොඩබැස්වීම්වල! එකක් හදිසියේම කටුනායකට ගොඩබස්වයි! තවත් එකක් ජර්මනියට ගොඩබස්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හමාස් නායකයා මැරුවාට එකට එක කරයි! ඊශ්‍රායල් අගමැති නෙතන්යාහුගේ ගෙදරටම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.