ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගෙන තිබේ.Sri Lanka Latest News
ඔහු එම තනතුරට පත්කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය සම්පත් අමරතුංග මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා 1990 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් රසායනික විද්‍යාව පිළිබඳ උපාධිය හිමිකරගෙන තිබුණි.
ඔහු සිය ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත්තේ අමෙරිකාවේ ඩෙට්‍රොයිට් හි Wayne State විශ්වවිද්‍යාලයෙනි.
කපිල සෙනෙවිරත්න මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ලෙස කටයුතු කරයි.









