• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News

October 14, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව රජයේ ආර්ථික වැඩපිළිවෙළ සහ තීන්දු තීරණ රටේ ඉදිරි ගමනට බලපාන ආකාරය සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සමග NEWS CENTER UNLIMITED යූටියුබ් නාලිකාව පසුගියදා සම්මුඛ සාකච්ඡාවක් සිදුකළා. එම සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු. (Sri Lanka Latest News)

අද අපි සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගමන් කළ යුත්තේ කුමන දිශානතියකටද, නව රජයේ ආර්ථික වැඩපිළිවෙළ කෙසේ සකසාගත යුතුද කියන කාරණා සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය මීට වසර දෙකහමාරකට පමණ කලින් දරුණු කඩාවැටීමකට ලක්වුණා. ඒ හේතුවෙන් තවමත් අපේ රට බංකොලොත් රාජ්‍යයක් කියන තැනින් ඉදිරියට එන්න සමත් වෙලා නැහැ. නමුත් ඉක්මනින්ම රට ඒ තත්ත්වයෙන් මිදේවි කියන බලාපොරොත්තුව අපි හැම කෙනකු තුළම තියෙනවා. ඉතින් ඒ ගැන කතාකරන්න අද අපි සම්බන්ධ කරගත්තා ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහත්මයා.

මැතිවරණයකින් නව ජනාධිපතිවරයෙක් පත්වුණාට පස්සේ මිනිස්සු ලොකු බලාපොරොත්තු ගොඩක් ඇතිකර ගන්නවා. ඕනෑම ආණ්ඩුවක් බලයට එන්න කලින් විවිධාකාරයේ පොරොන්දු දෙනවා. පඩි වැඩිවෙයි, බඩු මිල අඩුවෙයි කියලා හිතනවා. මේ පොරොන්දුත් එක්ක රට ඉස්සරහට යන්න පුළුවන්ද? කොහොමද අලුත් ආණ්ඩුවක් අලුත් ජනාධිපතිවරයෙක් මේ අභියෝගයට මුහුණ දෙන්නේ?

අපිට අයි.එම්.එෆ්. එක දීලා තියෙන රාමුව ඇතුළේ තමයි කරන දෙයක් කරන්න සිදුවෙලා තියෙන්නේ. ඒ සීමාව පැන්නොත් අමාරුයි. මොකද අපි දැන් ඉන්නේ ණය ගෙවීම පැහැරහැරලා. අනිත් හැමෝම අපිත් එක්ක වටේට එකතු වෙලා ඉන්නේ අයි.එම්.එෆ්. එක ඉන්න නිසා.

ලංකාව අයි.එම්.එෆ්. එකට ගියේ බංකොලොත්භාවය ප්‍රකාශ කරලා වුණාට පාකිස්තානය තවමත් බංකොලොත්භාවය ප්‍රකාශ කරලා නෑ, නමුත් ඔවුන් අයි.එම්.එෆ්. එකට ගිහින් තියෙනවා කියලා දේශපාලන වේදිකාවෙන් ඇහෙනවා. මේ කතාවේ සත්‍යයක් තියෙනවද?

බංකොලොත් කියලා කියන්නේ අපිට ණය ගෙවාගන්න බැරිවෙච්ච බව ලෝකය දැනගත්ත ගමන් අපි බංකොලොත් තමයි. උදාහරණයක් විදියට මම බැංකුවෙන් ණයක් අරගෙන, ඒ ණය මට ගෙවාගන්න බැරිවුණාම, මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා මට ණය ගෙවාගන්න බෑ කියලා කියනකල්ම බැංකුව බලාගෙන ඉන්නේ නෑනේ. බැංකුව ඇවිල්ලා මම ලීස් කරපු වාහනය උස්සගෙන යනවා, නඩු පවරනවා. ඒ වගේ පියවර ගන්නවනේ. එතකොට මම උසාවියට ගිහිල්ලා කියලා හරියන්නේ නෑ මම තවම ප්‍රකාශ කළේ නෑ, ඒ නිසා මේක අසාධාරණයි කියලා.

ලංකාවේ මහබැංකු අධිපතිවරයාටත් ඇඟිල්ල දිගුවෙනවා එයා තමයි බංකොලොත් කියලා කිව්වේ කියලා?

මහබැංකු අධිපතිවරයා ගාවට එනකොට ප්‍රශ්නය ඔඩුදුවලා ඉවරයි. ඕක කරන්න තිබුණේ ගෙවාගන්න අමාරු බව පැහැදිලි වෙනවනේ, එතකොට සාමාන්‍යයෙන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ අපේ නියෝජිතයෙක් සම්බන්ධ කරගෙන ඒ හරහා ඉක්මනටම අයි.එම්.එෆ්. එකට යන එක. එතකොට අපිට මේ තත්ත්වය උදාවෙන්නේ නෑ. එහෙම වුණා නම් අපි මුලින්ම අයි.එම්.එෆ්. එකට ගියා නම් ඒගොල්ලෝ ණය ගෙවීම පැහැරහරින්න කලින් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. මහබැංකු අධිපතිතුමා ඒ ප්‍රකාශය කළාට දවස් දෙක තුනකට පස්සේ කොහොමත් ණය වාරිකයක් ගෙවන්න තිබුණා. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වනේ සංචිතයේ තිබුණු ඩොලර් ගානට වඩා එතුමගේ ගෙදර ඩොලර් තිබුණා කියලා.

ණය ගෙවීමේ හැකියාවක් නැති නිසා කොහොමත් ඒ වෙලාවේ ප්‍රශ්නයක් වෙනවා. අපි පැති දෙකකින් බොරුකාරයෝ වෙනවා. ණය ගෙවීමේ හැකියාවත් නෑ. මට ණය ගෙවාගන්න බැරි නම් අඩුම ගානේ ඔවුන් බලාපොරොත්තු වෙනවා ගෙවන්න අමාරුයි කියලා දවස් කිහිපයකට කලින් කියයි කියලා. ඒ නිසා බංකොලොත්භාවය ප්‍රකාශ කළාට කමක් නෑ. නමුත් ඒක කරන්න තිබුණේ ඊටත් ගොඩක් කලින්. එහෙම වුණා නම් ඔය පෝලිම් ප්‍රශ්නයක් ඇතිවෙන්න තිබුණු අවස්ථාව අපට අවම කරගන්න තිබුණා. මොකද එතකොට අයි.එම්.එෆ්. ඊට කලින් එනවා. ඒගොල්ලෝ ඒ විශ්ලේෂණ කරන්නෙත් ඊට කලින් නිසා. එතකොට ණය වාරිකය ගෙවන්න ලෑස්ති වෙද්දී අපි අයි.එම්.එෆ්. එකත් එක්ක ගිවිසුමේ ඉන්නවා. එතකොට කවුරුත් ඩොලර් එවන්නේ නැතුව ඉඳලා වෙළෙඳපළේ ඔය තරම් හිරවීමක් ඇතිවෙන්නේ නෑ. එහෙම වුණා නම් ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යනවා. අයි.එම්.එෆ්. එකේ ගිවිසුම අස්සන් කරන තුරු ගතවෙච්ච කාලවකවානුව ඊට වඩා පොඩ්ඩක් කලින් එනවා. එහෙනම් පෝලිම් ප්‍රශ්නය ඇතිවෙන්න තිබුණු අවස්ථාව වළක්වාගන්න තිබුණා.

අලුත් ආණ්ඩුවක් ආවම බඩු මිල අඩුකරන්න ඕනේ, වැටුප් වැඩිකරන්න ඕනේ, සහන දෙන්න ඕනේ කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. කොහොමද අලුත් ආණ්ඩුව මේ අභියෝගය ජයගන්නේ?

ඒ අභියෝගයට කරන්න පුළුවන් එකම දේ තමයි, ආර්ථිකයේ ප්‍රමාණය ලොකු කරගැනීම. ආර්ථිකය ප්‍රසාරණය කරගැනීම. 1000ක් ලැබෙනවා නම් 2000ක් උපයාගැනීම. ආර්ථිකයේ ක්‍රියාකාරකම් ප්‍රමාණය රියල් ඉකොනොමි එක වැඩිකර ගැනීම. පොල් ගෙඩි 100ක් හැදුවා නම් පොල් ගෙඩි 150ක් හදාගන්න ඕනේ. තේ කිලෝ 1000ක් හැදුවා නම් තේ කිලෝ 2000ක් හදාගන්න ඕනේ. ඒ සඳහා අපි නිෂ්පාදන ධාරිතාව සහ සේවා ධාරිතාව වැඩිකර ගැනීමෙන් විතරමයි මේ ප්‍රශ්නෙන් එළියට එන්න ලැබෙන්නේ. ඒ වැඩිකර ගැනීම සඳහා ස්ව කැමැත්තෙන් ඇතිවෙන දිරිගැන්වීම් ඇතිවෙන්න ඕනේ. ඒ ඇතිකරන ක්‍රියාපටිපාටිය තමයි අපි ආර්ථික ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ. ඒකෙන් තමයි යන්න පුළුවන්. අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක ඉන්නකොට අපිට අර සහනාධාරය දෙන්න, මේ සහනාධාරය දෙන්න කියලා කියන්න පුළුවන්. එතකොට අපි පෙන්නන්න වෙනවා ඒකට යන ආදායම අපි කොහෙන්ද හොයාගන්නේ කියන එක. ඒක පෙන්නගන්න බැරි නම් අපිට ප්‍රශ්නයක් වෙනවා. එහෙම වුණාම වෙන්නේ අයි.එම්.එෆ්. එකෙන් අපිට දෙන්න තියෙන ණය වාරිකය පහුකරන එක. ඒගොල්ලෝ කියනවා වාරිකය දෙන්න නම් මේ ටික ඉවර කරගෙන එන්න කියලා. අපිට ඒ කරුණු ඉදිරිපත් කරන්න බැරිවෙනකොට අයි.එම්.එෆ්. එක තීන්දු කරනවා අපි ඒගොල්ලන්ගේ එකඟතාවට අනුව වැඩ කරන්නේ නෑ කියලා. ඒක තමයි ගිය වතාවෙත් වුණේ.

මේක ආණ්ඩුව ඉලක්ක කරගෙන කියන කතාවක් නෙවෙයි, වත්මන් ආණ්ඩුවට බලයට එන්න කලින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියලා තිබුණා Death sustainability analysis (ණය තිරසර සැලැස්ම) නැවත සකස් කරනවා කියලා. එවක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් අහද්දී කිව්වේ අපි ඒක එකවර කරන්නේ නෑ, හොයා බලලා සුදුසු නම් කරනවා කියලා. ඔවුන්ට ඍජුව ඒ ගැන අදහසක් තිබුණේ නෑ කියලා අපිට පෙනුණා. නමුත් අලුතෙන් ණය තිරසර සැලැස්මක් හදලා අයි.එම්.එෆ්. එකත් එක්ක සාකච්ඡාවලට ගියොත් සෑහෙන කාලයක් ගතවේවි නේද ලංකාවට අයි.එම්.එම්. ණය මුදල් ලැබෙන්න?

දැන් ඒ සාකච්ඡාව කොහොමත් අදාළ වෙන්නේ නෑ. දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරලා ඉවරයි. ආයෙත් ඩී.එස්.ඒ. එකක් සකස් කරන්න දෙයක් නෑ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මේ වැඩේ කරද්දී ගොඩක් අය එල්ල කරපු චෝදනාවක් තමයි අයි.එම්.එෆ්. එක දාපු කොන්දේසි ඒ විදියටම කරගෙන යන එක ඕනෙම කෙනකුට කරන්න පුළුවන් කියන එක. ඔබ හිතන්නේ අයි.එම්.එෆ්. දාන කොන්දේසි ඒ විදියටම කරගෙන යන එකද එහෙම නැත්නම් අපේම මාර්ගයක් වෙනම හදාගෙන යන එකද අපි කරන්න ඕනේ?

ගොඩක් දෙනෙක් බණිනවා අයි.එම්.එෆ්. එකට ඒගොල්ලෝ කියන එකයි අපි කරන්නේ කියලා. මගේ අවබෝධයේ හැටියට එහෙම නෙවෙයි වෙන්නේ. අපි තමයි ඒගොල්ලොත් එක්ක කතා කරලා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක කියන්නේ. හැබැයි ඒගොල්ලෝ රාමුවක් ඉදිරිපත් කරනවා ඕගොල්ලන්ගේ ආර්ථිකයට සාපේක්ෂව රජයේ ආදායම ඉහළ යන්න ඕනේ, වියදම මේ ගානට තියෙන්න ඕනේ, ණය ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවෙන්න ඕනේ වගේ දේවල්. ඒ අනුව අපි කිව්වා වැට් එක වැඩිකළොත් රටට ඉක්මනට ආදායම එකතු කරගන්න පුළුවන් කියලා. ඒවා අපි දීපු යෝජනා. එහෙම නැතුව අයි.එම්.එෆ්. එක කවදාවත් කියන්නේ නෑ බදු වැඩිකරන්න, ජනතාවට සහන දෙන එක නවත්තන්න කියලා.

වත්මන් ආණ්ඩුව වාමාංශික අදහස් තියෙන පක්ෂයක් බව අපි දන්නවා. ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය රටේ ඉදිරි ගමනට බාධාවක් වෙනවද?

ඒක මොන විදියටද අනුකූල කරගන්නේ කියන එක තමයි තියෙන අභියෝගය. බලයට ආවට පස්සේ හැමෝම බලන්නේ බලය පවත්වාගෙන යන්න. මේ වෙලාවේ මම හිතන්නේ නෑ ලොකු ලොකු අවදානම්සහගත දේවල් කරන්න අපිට ඉඩක් තියෙනවා කියලා. මොකද එහෙම කරනවා කියලා කියන්නේ ලොක අවදානමකට අපිව තල්ලු කරගන්නවා කියන එක. ඉල්ලගෙන කනවා වගේ වැඩක්. ඒ නිසා දැන් තියෙන දේවල් එක්ක යන එක තමයි මේ අවස්ථාවේදී ප්‍රායෝගික දේ. වියට්නාමය ගත්තොත් විශාල වශයෙන් ගෝලීය වෙළෙඳාමත් එක්ක ධනවාදී ආර්ථිකයක් තියෙන, කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාරවලට වැඩි අවස්ථාවක් ලබාදෙන, රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන, ලෝකයත් එක්ක වෙළෙඳ ගිවිසුම් වැඩිම ප්‍රමාණයක් අස්සන් කරලා තියෙන, තමන් එක්ක යුද්ධ කරපු ඇමෙරිකාවත් එක්ක වැඩිපුර වෙළෙඳ ගිවිසුම් අස්සන් කරලා වැඩිපුර වියට්නාමයට ඇදලා ගන්න රටක්. චීනයත් එහෙමයි.

අවුරුදු දෙකහමාරකට විතර කලින් අපි අයි.එම්.එෆ්. එකත් එක්ක වැඩපිළිවෙළක් පටන් ගත්තා. දැන් ලොකු දුරක් ගිහින් තියෙනවා. ඊට පස්සේ ආණ්ඩුව මාරු වෙලා තියෙනවා. අලුත් ආණ්ඩුවත් ඒ මාර්ගයේම යන බව පේන්න තියෙනවා. අපි අයි.එම්.එෆ්. වැඩපිළිවෙළත් එක්ක ගිහින් බංකොලොත්භාවයෙන් මිදුණා කියන එක තවම නිල වශයෙන් රේටින් ඒජන්සීස් පිළිඅරගෙන නෑ. මේ තත්ත්වයෙන් ගොඩ ඇවිල්ලා යම් ප්‍රමාණයකට මේක සමථයකට පත්කරගන්න තව කොච්චර කාලයක් ගතවේවිද?

රේටින් ඒජන්සීස්වලින් ඒ ඉහළට එසවීම සිදුකරන්නේ ක්‍රමක්‍රමයෙන්. තව සති 6ක් 7ක් විතර යනවා අලුතෙන් බැඳුම්කර නිකුත් කරන්න ගිවිසුම් අස්සන් කළාට පස්සේ. එතැනින් පස්සේ තමයි රේටින් ඒජන්සීස් ක්‍රමයෙන් පොඩ්ඩ පොඩ්ඩ රේටින් එක ඉහළට දාන්නේ. මම හිතනවා තව අවුරුද්දක් වගේ යද්දී රේටින් ඒජන්සීස්වලින් රේටින් එක එළියට එන්න ගනී කියලා. එතකොට අපිට නැවත වෙළෙඳපොළට ගිහිල්ලා ණය ලබාගන්න පුළුවන්.

අපි දැන් යන්නේ නිවැරැදි මාවතේද? නැත්නම් තවමත් එහාට මෙහාට පැන පැනද යන්නේ?

නව රජය පත්වුණාට පස්සේ මේ දක්වා ඔවුන් ගත්ත ක්‍රියාමාර්ග ටික ඉතාම නිවැරැදියි. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වීසා සම්බන්ධයෙන් ඔවුන් ගත්ත තීරණය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක තුන්වැනි වාරිකය සඳහා කරපු සාකච්ඡාව. ජනාධිපතිතුමා ජාතිය අමතලා ඒ ගැන පැහැදිලිව කිව්වා අපි මේකත් එක්ක යන්නේ කියලා. ඒ සමගම වෙළෙඳපළේ විශ්වාසවන්ත බවක් ඇතිවුණා. ඩොලර් එකේ රුපියලේ අධිප්‍රමාණයටත් ඒක බලපෑවා. දැනට යන ක්‍රමය හරි. නමුත් ඕක මූලික පියවර. ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීම ලේසි නෑ. ඉදිරියේදී කුණාටු එන්න ඉඩ තියෙනවා.

NEWS CENTER UNLIMITED යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

අම්මලා තාත්තලා කොච්චර කෑගැහුවත් ආයෙත් ශිෂ්‍යත්ව විභාගය තියන්නේ නෑ! ලීක් වෙච්ච ප්‍රශ්න 3ට ලකුණු දෙනවා විතරයි! I Sri Lanka Latest News

Next Post

මේක පහුගිය ආණ්ඩු කරපු හොරකම් නිසා විරෝධය පළ කරන්න මිනිස්සු දීපු ඡන්දයක් මිස මාලිමාව ගැන විශ්වාසය පළ කරලා දීපු ඡන්දයක් නෙමෙයි! සජබ සභාපතිකම අරන් ඉම්තියාස් තියපු පළමු මාධ්‍ය හමුව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේට සතියක් හිරේ ඉන්නකොට කෙඳිරි ගෑවෙන්න පටන් අරන්... සැලසුම හෙළිවෙනකොට සලේ කියනවා රාබුත් එක්ක බත් දෙන්නේ කියලා...- වසන්ත මුදලිගේ...

Read more
ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.